by
April 24, 2019
0
ප්‍රතිචාර
21st of April
Easter Sunday Atack
Sri Lanka Bomb Attack
එදිනෙදා
නොමැකෙන මතක
මට හිතෙන දේවල්
අප්‍රේල් 21, තවත් එක් ඉරු දිනයක්, සුපුරුදු විදියට සැහැල්ලුවෙන් පවුලේ අයත් එක්ක දවස ගෙවන්න කලින් දවසේ තීරණය කලද, උදේ පැය කීපයක් ගත වෙන්නට කලියෙන් අසන්නට, දකින්නට ලැබුනු දේවල් නම් ජීවිතයේ කිසිදු දිනක අපේක්ෂා නොකල දේවල්ය.
මේ වචන අකුරු කරන මොහොතේත් ඒ සියල්ලක්ම යලි යලිත් මතකයට එන එක වලක්වා ගන්නට බැරි තරමටම මනස වයාකූලය. ලියන්නට ඕනේ මොනවාදැයි හරියටම නිනවුවක් නැති උනද, සිතට එන හැමදේම ලියන එක තරමක් හෝ සිතට සැහැල්ලුවක් ගෙන දෙනු ඇතැයි සිත කියයි.
මරණය, ජීවිතයේ කවදා, කොතැනක මරණය සිදු වේ දැයි අප කාටවත් අනාවැකි කිව නොහැකිය. එහෙත් කුරුරි ලෙස, අකාලයේ මිය යන්නට වෙනවා නම් එය ඛේදවාචකයකි. පාස්කුව සැමරුන ඒ ඉරු දිනයේ මිනිස් වෙස් ගත් තිරිසනුන්ටත් අන්ත පිරිසක් විසින් රට පුරා භීතිය පටුරුවමින් අහිංසක අම්මලා, තාත්තලා, සහොදර සහොදරියන්, පුන්චි දූ දරුවන් බිලිගන්නට තරම් ඒ සිත් නපුරු වූයේ කෙසේ දැයි මට සිතා ගත නොහැක.
මගේ රටේ, මගේ මිනිස්සු මරා දමන්නට, මා පියන්ට දරුවන්ද, දරුවන්ට මා පියන්ද අහිමි කරන්නට, තමන් ආදරය කරන ලබැදියන් නොසිතූ නොපැතූ ලෙස අහිමි කරන්නට කටයුතු කෙරූ ඒ මිලේච්චයින් මේ සියල්ලකින්ම ලද වාසිය, ලාභය, සතුට කුමක්දැයි මා දන්නේ නැත. මා අදහන ආගමට අනූව යමක් දනිමි. ප්‍රාණගාතය තරම් දරුනු අකුසලයක් තවත් නැත. යම් දිනක් ඔවුන් දඩුවන් ලබනු ඇත. එහෙත් මට, මගේ රටට නැති උන මිනුස්සු යලිත් මුන නොගැසෙනු ඇත. යලිත් නොඑනු ඇත. මගේ රටට ආදරය කරන විදේශිකයින්ද මිලේචයින්ගේ ගොදුරක් වීම සිතට ගෙන දෙන්නේ දැඩි කනගාටුවකි.
මේ සියල්ලක් අතරම සිතට වද දෙන තවත් කරුනක් ඇත. රටක් වශයෙන් අප ඉතා අසරණ බව සිත් වලට දැනී හමාරය. රට තනන්නට, රට දියුනු කරන්නට අප බලයට යැවූ උන්ම කිසිදු වගකීමකින් තොරව කටයුතු කිරීම මුලු මහත් රටේම අභාගයකි. කාලකන්නි පාලකයින් ගැන කතා කොට පලක් නැත.
මෙරටද, විදෙස් ගතවද උගත්, බුද්ධිමත් තරුණ ප්‍රජාවක් මෙන්ම හරිමග පෙන්වන්නට අවශය වැඩිහිටියන් මෙන්ම, ආගමික නායකයින්ද මේ පුන්චි රටේ සම්පත් ලෙස අපට ඇත. ජාති, ආගම් භේදයකින් තොරව අප එක්විය යුතු කාලය හොදටම එලබ ඇත. තව දුරටත් පාලකයින්ට මගේ රට, මගේ මිනිස්සු විනාශ කරන්න දී නිහඩව සිටීම නිවට කමකි. කඩු, මුගුරු, අවි, ආයුධ නොව දැනුම, බුද්ධිය මෙහෙයවා මේ රට යහපත් කරන්නට, දියුනු කරන්නට කලටයුතු කල යුතු කාලය හොදටම පැමින ඇත. තව දුරටත් පාලකයින් රට හදන තුරු බලා සිටීම නිවට කමකි. පාලකයින්ට පිලිතුරු දියයුතු දිනය ආ කල පිලිතුරු දීම අපගේ වගකීමකි.
වෙනස් වියයුතු තැන් තිබේ. එය ඇත්තකි. එහෙත් ඇතැම් විටෙක මුස්ලිම් ප්‍රජාව පිලිබදව ඇතමුන් දරන ආකල්ප යහපත් නැති බව පෙනේ. කතෝලික පිරිමි පාසලක ඉගෙනුම ලබන්නට වරම් ලද මා හට කතෝලික, ක්‍රිස්තියානි, ඉස්ලාම් මෙන්ම හින්දු මිතුරන්ද ආශය කරන්නට අවස්තාව ලැබීම වාසනාවකි. එක බත්පත බෙදාගෙන කෑ ජෙන්ස් ලා, යොහාන් ලා, ඩේමියන් ලා, සෆීන් ලා, සිදිධික් ලා, අල්තාෆ්ලා, මොහොමඩ් ලා, වසීම් ලා, ශන්කර් ලා අදටද කිසිදු වෙනසක් නැතිව හමුවන ඕනෑම මොහොතක එදාමෙන්ම මිතුදම් පවත්වන්නට නොපැකිලේ. උන්ගේද අපේද ලේ වල වෙනසක් නැත. අප සැවොම මනුශත්වය හිත දරාගත් මිනිසුන්ය. වෙනස ඇත්තේ මනුශයයින් ලෙස වෙස්ගත් මිලේචයන්ටය. උන්ට ආගමක් හෝ ජාතියක් නොමැතිය. ලේ පිපාසාවෙන්ම පෙලෙන උන් එලවා දැමිය යුතු යක්ශ කොට්ටාසයකි. මනුශත්වය පිරිවරාගත් අන්ය ආගමිකයන්ට කිසිදු වෙනසක්, සිත් රිදවීමක් නොකරන මෙන්ම එවන් අවස්තාවන්ද හැකි තරම් අවම කරන මෙන් මෙය කියවන ඔබ සැමගෙන් මම ආයාචනා කර සිටිමි.
තවමත් අහන්නට ලැබෙන ආරංචි සහ අන්තර්ජාලය හෝ රූපවාහිනී මාධය ඔස්සේ දකින්න ලැබෙන දර්ශන නෙතගට කදුලු නංවයි. හැකි තරම් ඉක්මනින් සියල්ල යහපත් වේ යැයි නිරතුරුව පතමි. කැඩුනු පල්ලි, බිද වැටුනු ජීවත, යලි ගොඩ නගන්නට දැනටමත් හැකි පමනින් කටයුතු කරන ආරක්ශක අංශ සහ සමාජ සේවා කන්ඩායම් වලට බෙහෙවින්ම ස්තූතිවන්ත වන අතරම වචන වලට පමනක් සීමා නොවී සැවොම මේ මොහොතේ ක්‍රීයා කරන්නට එකමුතු වන මෙන් ආදරයෙන් සන කරුණාවෙන් යුතුව ඉල්ලා සිටිමි.
මේ අපේ රටයි. අපේ ආදරණීය ජනතාවයි... අපි එකමුතු වෙමු...
අපි මේ රට, අපේ මිනිස්සු රැක ගනිමු....
පින්තූර ගූගල් ගෙනි.
0 ප්‍රතිචාර:
Post a Comment