අප්‍රේල් 21, තවත් එ​ක් ඉරු දිනය​ක්, සුපුරුදු විදියට සැහැල්ලුවෙන් පවුලේ අයත් එක්ක දවස ගෙවන්න කලින් දවසේ තීරණය කල​ද, උදේ පැය කීපයක් ගත වෙන්නට කලියෙ​න් අසන්නට, දකින්නට ලැබුනු දේවල් නම් ජීවිතයේ කිසිදු දිනක අපේක්ෂා නොකල දේවල්ය.

මේ වචන අකුරු කරන මොහොතේත් ඒ සියල්ලක්ම යලි යලිත් මතකයට එන එක වලක්වා ගන්නට බැරි තරමටම මනස වයාකූලය. ලියන්නට ඕනේ මොනවාදැයි හරියටම නිනවුවක් නැති උන​ද, සිත​ට එන හැමදේම ලියන එක තරමක් හෝ සිත​ට සැහැල්ලුවක් ගෙන දෙනු ඇ​තැයි සිත කිය​යි.

මරණය, ජීවිතයේ කවදා, කොතැනක මරණය සිදු වේ දැයි අප කාටවත් අනාවැකි කිව නොහැකිය. එහෙත් කුරුරි ලෙස, අකාලයේ මිය යන්නට වෙනවා නම් එය ඛේදවාචකයකි. පාස්කුව සැමරුන ඒ ඉරු දිනයේ මිනිස් වෙස් ගත් තිරිසනුන්ටත් අන්ත පිරිසක් විසින් රට පුරා භීතිය පටුරුවමින් අහිංසක අම්මලා, තාත්තලා, සහොදර සහොදරියන්, පුන්චි දූ දරුවන් බිලිගන්නට තරම් ඒ සිත් නපුරු වූයේ කෙසේ දැයි මට සිතා ගත නොහැක.


Image result for easter sunday attack

මගේ රටේ, මගේ මිනිස්සු මරා දමන්නට, මා පියන්ට දරුවන්ද, දරුවන්ට මා පියන්ද අහිමි කරන්නට, තමන් ආදරය කරන ලබැදියන් නොසිතූ නොපැතූ ලෙස අහිමි කරන්නට කටයුතු කෙරූ ඒ මිලේච්චයින් මේ සියල්ලකින්ම ලද වාසිය, ලාභය, සතුට කුමක්දැයි මා දන්නේ නැත. මා අදහන ආගමට අනූව යමක් දනිමි. ප්‍රාණගාත​ය තරම් දරුනු අකුසලයක් තවත් නැත. යම් දිනක් ඔවුන් දඩුවන් ලබනු ඇත. එහෙත් මට, මගේ රටට නැති උන මිනුස්සු යලිත් මුන නොගැසෙනු ඇත. යලිත් නොඑනු ඇත. මගේ රටට ආදරය කරන විදේශිකයින්ද මිලේචයින්ගේ ගොදුරක් වීම සිතට ගෙන දෙන්නේ දැඩි කනගාටුවකි.

මේ සියල්ලක් අතරම සිතට වද දෙන තවත් කරුනක් ඇත. රටක් වශයෙන් අප ඉතා අසරණ බව සිත් වලට දැනී හමාරය. රට තනන්නට, රට දියුනු කරන්නට අප බලයට යැවූ ​උන්ම කිසිදු වගකීමකින් තොරව කටයුතු කිරීම මුලු මහත් රටේම අභාගයකි. කාලකන්නි පාලකයින් ගැන කතා කොට පලක් නැත.

මෙරටද, විදෙස් ගතවද උග​ත්, බුද්ධිමත් තරුණ ප්‍රජාවක් ​මෙන්ම හරිමග පෙන්වන්නට අවශය වැඩිහිටියන් මෙන්ම, ආගමික නායකයින්ද මේ පුන්චි රටේ සම්පත් ලෙස අපට ඇත. ජාති, ආගම් භේදයකින් තොරව අප එක්විය යුතු කාලය හොදටම එලබ ඇත. තව දුරටත් පාලකයින්ට මගේ රට, මගේ මිනිස්සු විනාශ කරන්න දී නිහඩව සිටීම නිවට කමකි. කඩු, මුගුරු, අවි, ආයුධ නොව දැනුම, බුද්ධිය මෙහෙයවා මේ රට යහපත් කරන්න​ට, දියුනු කරන්නට කලටයුතු කල යුතු කාලය හොදටම පැමින ඇත. තව දුරටත් පාලකයින් රට හදන තුරු බලා සිටීම නිවට කමකි. පාලකයින්ට පිලිතුරු දියයුතු දිනය ආ කල පිලිතුරු දීම අපගේ වගකීමකි.

වෙනස් වියයුතු තැන් තිබේ. එය ඇත්තකි. එහෙත් ඇතැම් විටෙක මුස්ලිම් ප්‍රජාව පිලිබදව ඇතමුන් දරන ආකල්ප යහපත් නැති බව පෙනේ. කතෝලික පිරිමි පාසලක ඉගෙනුම ලබන්නට වරම් ලද මා හට කතෝලික, ක්‍රිස්තියානි, ඉස්ලාම් මෙන්ම හින්දු මිතුරන්​ද ආශය කරන්නට අවස්තාව ලැබීම වාසනාවකි. එක බත්පත බෙදාගෙන කෑ ජෙන්ස් ලා, යොහාන් ලා, ඩේමියන් ලා, සෆීන් ලා, සිදිධික් ලා, අල්තාෆ්ලා, මොහොමඩ් ලා, වසීම් ලා, ශන්කර් ලා අ​දටද කිසිදු වෙනසක් නැතිව හමුවන ඕනෑම මොහොතක එදාමෙන්ම මිතුදම් පවත්වන්නට නොපැකිලේ. උන්ගේද අපේද ලේ වල වෙනසක් නැත. අප සැවොම මනුශත්වය හිත දරාගත් මිනිසුන්ය. වෙනස ඇත්තේ මනුශයයින් ලෙස වෙස්ගත් මිලේචයන්ටය. උන්ට ආගමක් හෝ ජාතියක් නොමැතිය. ලේ පිපාසාවෙන්ම පෙලෙන උන් එලවා දැමිය යුතු යක්ශ කොට්ටාසයකි. මනුශත්වය පිරිවරාගත් අන්ය ආගමිකයන්ට කිසිදු වෙනසක්, සිත් රිදවීමක් නොකරන මෙන්ම එවන් අවස්තාවන්ද හැකි තරම් අවම කරන මෙන් මෙය කියවන ඔබ සැමගෙන් මම ආයාචනා කර සිටිමි.

තවමත් අහන්නට ලැබෙන ආරංචි සහ අන්තර්ජාලය හෝ රූපවාහිනී මාධය ඔස්සේ දකින්න ලැබෙ​න දර්ශන නෙතගට කදුලු නංවයි. හැකි තරම් ඉක්මනින් සියල්ල යහපත් ​වේ යැයි නිරතුරුව පතමි. කැඩුනු පල්ලි, බිද වැටුනු ජීව​ත, යලි ගොඩ නගන්නට දැනටමත් හැකි පමනින් කටයුතු කරන ආරක්ශක අංශ සහ සමාජ සේවා කන්ඩායම් වලට බෙහෙවින්ම ස්තූතිවන්ත වන අතරම වචන වලට පමනක් සීමා නොවී සැවොම මේ මොහොතේ ක්‍රීයා කරන්නට එකමුතු වන මෙන් ආදරයෙන් සන කරුණාවෙන් යුතුව ඉල්ලා සිටිමි.

මේ අපේ රටයි. අපේ ආදරණීය ජනතාවයි... අපි එකමුතු වෙමු...

අපි මේ රට, අපේ මිනිස්සු රැක ගනිමු....


පින්තූර ගූගල් ගෙනි.


රතිඤ්ඤා කියන්නෙ අවුරුද්දේ සතුට සමරන්න බොහෝ දෙනෙක් අතට ගන්න අවදානම් නිමැවුමක්.

රතිඤ්ඤා ගැන වැල් වටාරම් කියන්න නම් නෙවෙයි හදන්නේ. දැන් ටිකකට කලින් අලුත් අවුරුදු නැකත් අනූව නොනගතය එහෙමත් නැත්නම් පුණ්‍ය කාලය උදා උනා. හතර වටෙන්ම රතිඤ්ඤා පුපුරන සද්දේ ඇහෙද්දී ගෙදර හිටපු පූස් ජෝඩුවම ආගිය අතක් නෑ.

ඉස්සෙල්ලාම ගිනි කෙළි පාවිච්චි කරද්දි ඔයා ඔයාගෙ ආරක්ෂාව සහතික කරගන්න ඕනේ. ඒත් එක්කම රතිඤ්ඤා ඇතුලු ගිනි කෙලි අහිංසක සත්තු ඉන්න තැන් වල නම් පත්තු කරන්න එපා එහෙම උනොත් ඔයාගෙ සතුට වෙනුවෙන් අහිංසක සතෙකුට මුලු ජීවිතේ පුරාම කන් ඇහෙන එක ඇස් පෙනෙන එක නැති වෙන්න පුලුවන්.

Image result for firework dog

බල්ලන්ට පූසන්ට අපිට වඩා ශබ්ද ඇසෙන බව අපි හොදින් දන්නා දෙයක්.ඒවගේම එයාලගේ ශ්‍රවණ ඉන්ද්‍රියයන් හරිම සංවේදීයි.

ඔයාල ජිවිතේ බය මොනාහරි දෙයක් තියෙන්න පුලුවන් ඒවගේම ඒ සතුනුත් ශබ්ද වලට බයයි නම් එයාලට හැංගිලා ඉන්න ඉඩ දෙන්න. පුලුවන් තරම් ඒ අයට කරදරයක් නොවෙන්න ඔයාගේ සතුට සමරන්න. ඒ වගේම ඔයාගේ අවට ඉන්න අනිත් හැමෝම ඔයා වගේ නිරෝගී නොවෙන්න පුලුවන්. ඉතින් පොඩ්ඩක් ඒ ගැනත් අවදානය යොමුකරන්න ඔබේ අලුත් අවුරුද්දේ සතුට රතිඤ්ඤා ඇතුලු ගිනි කෙලි එක්ක සමරද්දී..

ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! 🙏🙏🙏


ගොඩක් කාලෙකට පස්සේ ආයිත් බ්ලොග් එක පැත්තේ එන්න හිතුනා. කාලේනම් ගත වෙනවා දන්නෙම නැතුව. පහුගිය අවුරුද්දේ ජීවිතේට ලැබුනු වගේම මග හැරුනු දේවලුත් නැතුවාම නෙවෙයි. ඒ කොහොම උනත්. මග හැරුනු වගේම, අලුතින් කරන්න හිතා ගත්ත වැඩ ගොඩකුත් මේ අවුරුද්දේ තියෙනවා. ඒ වැඩ අතරින් එකක් තමයි ඉතින් මේ බ්ලොග් කෙරුවාව.

කම්මැලි කම අත ඇරලා ඉඩක් ලැබෙන හැම වෙලාවකම මොනවා හරි කොටන්න තමයි කල්පනාව.. පැන්සිස් බේකන් මහත්තයත් කියලා තියෙන්වනේ "කියවීම මිනිසෙකු සම්පූර්ණ කරයි, සාකච්චාව මිනිසෙකු සූදානම් කරයි, ලිවීම නියම මිනිසෙකු බිහි කරයි" කිය​ලා. ඉතින් නියම මනුස්සයෙක් වෙන්න නම් ලියන්නත් ඔනනේ.

Image result for සුභ නව වසරක්

2019 අවුරුද්දේ අලුතින් ලියන්න ඕන කියල හිතුන දේවල් ගොඩක් තියෙන්වා. වෙලාව තියෙන හැටියට ආයිත් ලියන්නම්. ඉතින් මේකේ මකුළු දැල් එහෙම කඩලා, පොඩි සුඩ්ඩයක් දීලා වැඩේ පටන් ගත්තා ඔන්න... පුලුවන් වෙලාවට ලියන දේවල් කියවලා ඔයාලගේ අදහසුත් එක් කරන්න අමතක කරන්න එපා...


එහෙනම් හැමෝටම ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි, පැතුමන් සප​ල වෙන සුභ නව වසරක් වේවා !!!









Image result for die heart images

දිලිසෙන නෙක තරු
අතරින් දිස්වෙන
පුලුනින් ගැවසුනු
සීතල වලා ගැබක
ඔබ නිදිදෙව් තුරුලේ
නැලවෙනු සද

පාලුව ඉහිරුනු
මේ නිල් නුබ ගැබ
කොනකට වී හිද
නිහඩව වැලපෙන
සිතුවිලි අකුරෙන්
අකුරට අමුණන
මියැදෙන මේ හද
ඔබ නොහදුනු ඇත
එය තවත් එක් අගහරුවාදා දිනයකි. පැය තුන හතරක දේශනය අවසානයේ විඩාබර සිතත් ගතත් රැගෙන බසයට ගොඩ නැගුනේ හැකි ඉක්මනින් නිවස්නය බලා යන අරමුණෙනි. බසයේ වැඩි සෙනගක් නොවූ නිසාවෙන් පිටුපස දොරට යාබද අසුනක හරිබරි ගැසී හිද ගත්තේ ගමනාන්තය තෙක් සුව නින්දක් ලබනු රිසියෙනි. පුරුද්දටදෝ මෙන් මිනිත්තු කිහිපයක් ගත උන සැනින් නින්ද මා කරා ලං විය.

කොපමන වේලාවක් ගත වූවාදැයි නිනවුවක් නැත.එක්වරම කුඩා දරුවෙකුට තරවටු කරනා මවකගේ ස්වරයෙන් මාගේ නින්දට බාදා මතු විය.

"සුදු පුතා මං කීවනේ පුතාට ඒ පැත්ත බලන්නේ නැතිව ජනේලෙන් එලිය බලාගෙන යන්න කියලා. ඔන්න මම අප්පච්චිට කියනවා සුදු පුතා අම්මා කියන දේ ඇහුවේ නෑ කියලා"

Related image


යන්තමින් ඇස් ඇර කුඩා දරුවාත් මවත් දෙස බැලූ මගේ සිතට මීලගට පැන නැගුනේ මව විසින් දරුවාට මෙලෙසින් අනෙක් පස නොබලන්නට කියන්නේ මන්ද යන්නයි.

ක්ෂනයකින් ඒ කියන්නාවූ දෙසට නෙත් හෙලූ මට ආ හැගීම තෝරා බේරා ගැනීමට එක් වරම අපහසු විය. දෙතොල් පටලවා ගත් යොවුන් යුවලක් පසුපස අසුනක අනග රැගුමකි. එය යම් තරමක ශුංගාරයක් ඉපදුවද සිත කම්පා කරන පිලුකුල් දසුනකි.


යොවුන් වියෙහි ප්‍රේමය, රාගය ස්වාභාවික හැගීමක් උවද එය විදිය යුත්තේ කවර ලෙසින් කවර තැනකද යන්න යොවුන් පරපුරට අමතකව ගොස් ඇත. ඔවුනට එය මතක් කර දෙන්නට හෝ කෙනෙකු ඉදිරිපත් නොවන්නේ බීරි අලින්ට වීනා වයා වැඩක් නැති නිසා වන්නට ඇත.

පින්තූර ගුගල් ගෙනි.



නිසල දිය සසල විය
ඇගෙන් ලද පෙම් පහසට

සසල දිය නිසල විය
හිමි දෙසූ දම් කදට

නිවන් මග තව දුරද
කෙලවරක් දකිනු රිසි සැමට...

Image result for monk and normal people

Image result for kiss boy in film hall

අහෝ මාගේ කුමර බඹසර !!!

විසි අවුරුද්දක් ඉක්මවා රැකගත් එය
එක් දිනෙක,එක් අදුරු සිනමා හලෙක
තී ඉදුල් කලා නෝවේද
අසංවර තිගේ සිත
එක් නිමේශයකින්
මා දෙතොල් ඉදුල් කලා නොවේද



කෙසේ පවසම්ද යම් දිනෙක
මගේම වන්නියක
සිප සනසන මොහොතක
ඇගෙ දෙතොල් සනසන්නේ
කුලුදුල් හාදුවක් නොවන වග..