අපිට අඩන්න තහනම්ද??
පිරිමි අපි දුකක් ආපුවහම කෑ ගහල ඇඩුවේ නැති උනාට ...හිතේ ඇවිලෙන ගින්දර,දුක දන්නෙ අපිම විතරයි....
ඒ හැම දුකක්ම දරාගෙන හැමෝමව සනසලා තැනට සුදුසු දේ කරන්න තරම් අපේ තාත්තල උතුම්,ශක්තිමත්.....
පිරිමි අඩනවා ඒ කාටවත් නොපෙනෙන්න.ඇයි ඒ?
අපි කැමති නෑ කව්රුත් අපි නිසාවත්,අපි වෙනුවෙන්වත් දුක් වෙනවට,අපේ දුක දැකල තවත් කෙනෙක්ගේ දුකක් වැඩි වෙනවට..
බොහොම කලාතුරකින් පිරිමියෙක්ට ඇඩේවි පිරිසක් ඉදිරියේ.ඒ පාලනය කර ගන්න බැරි තරම් අපමණ දුකක් හිතට දැනුනහම....
එදාට ඔබ ඔහු දිහා බලල කියනවනම් "ඉකේ පිරිමි අඩනවද"කියල..
හිතන්න...
ඒ කියමන කොච්චර වැරදිද කියල,ගැහැණු ඉකි ගගහ,කෑ ගගහ අඩනකොට,විලාප තියනකොට පිරිමි අපි නේද හැම දේම බලා කියාගෙන ඔවුන්ව සැනසුවේ...
ඉතින් පිරිමි අපිට අඩන්න තහනම්ද??ඇයි අපිට දුක දැනෙන්නෙ නැද්ද??
පිරිමි අපිටත් තියෙන්නෙ හදවත්,කාටවත්ම පේන්න නොඇඩුවට,හිතින් අපි අඩන තරම්,රෑ නින්දට ගිහින් හිතේ දුක කියා ගන්න විදියක් නැතුව කොට්ටෙ හපා ගෙන ඉකි බිදින සද්දෙවත් ඇහෙන්න නොදී අපි අඩන තරම් දන්නෙ අපිමයි.....
හදවතේ හිරකරන්,තෙරපාගෙන හිටපු දුක් ගොන්න එක වරම එළියට එද්දි,මේ හදවත පැලෙන්න එනවද කියලත් හිතෙනවා..
පුංචි දේටත් ඇඩුවෙ දෙඩුවෙ නැති උනාට,අම්මල වගේම තාත්තලත් හිතින් අම්මටත් වඩා අඩනවා.හිතේ දුක් ගොන්නක් තියන් අම්මවත් සනසල දරුවනුත් සනසල,මේ මුළු සමාජෙම සනසන්න දරන උත්සහය දන්නෙ තාත්තලමයි.....
පිරිමි අපිත් අඩනවා...එහෙම දැකපු දවසකට හිනා වෙන්න එපා...එවෙලෙට අඩන්නවත් අපිට අවසර නැද්ද කියල හිතේවි.දුක තවත් වැඩිවේවි....
Dimuth Madushanka සොයුරා බුකියේ(මුණු පොතේ) දැමූ අදහසක් දැක මේ ටික ලියන්නට සිතුණි....
කාලෙකින් බ්ලොගේ පැත්තෙ ආවෙ,කට්ටියට මාව මතකත් නැතුව ඇති දැන් නම්,කොහොම උනත් ඉදිරි දින කිහිපයේදී අහපවූ බ්ලොගේ ලියමනක් දෙකක් දාන්නම්කො....
ඔයාලගෙ බ්ලොග් කියවන්නවත් බැරි උනා,ඉදිරි දින කිහිපයෙදී විවේකය තියන හැටියට ඒවත් කියවල බලන්නම්කෝ....
එහෙනම් ඉදිරි දවසකදී අහපවූ හමු වෙමු...ජයම වේවා!!!
පිරිමි උනත් අඬ වෙලාවල් තියනවා
ReplyDeleteකොටින්ම මමත් අඬලා තියනවා
එල එල ඈ
ReplyDeleteමම දැකලා තියෙනවා පිරිමි අඬනවා.එක පුදුමයක් නෙමෙයි. මිනිස්සු වෙච්චි අපි හැමෝටම පොදු දෙයක්
ReplyDeleteමමත් අඩලා තියනවා එක තමයි අපි කගෙත් යතාර්තය
ReplyDeleteමාත් අඩලා තියෙනවා.මට මතකයි අපි ආච්චි අම්මා මිය ගිය දවසේ තමා මං ඇඩුවේ හදවතට එකගවම.
ReplyDeleteමම නම් දැනටත් අඩන අවස්ථා තියෙනවා ලොවට හොරෙන්.කව්රුවත් දැකලත් නැහැ දන්නෙත් නැහැ
ReplyDeleteමටත් ඇඩෙනවා...
ReplyDeleteඅඬන එක දුර්වලකමක් නෙවෙයි...
ReplyDeleteonce in a while you have to cry..because tears clear our vision.. :)
හ්ම්.....
ReplyDelete:D
ReplyDeleteතැන්ක්ස් හොදේ....
ReplyDeleteඅඩනවටද එල කිව්වෙ???:D
ඔව් ඒක ඇත්ත....
ReplyDeleteහ්ම්....
ReplyDeleteමං හිතන්නෙ මගේ පළවෙනි කමෙන්ට් එක වෙන්න ඕනේ මේ... හි හි..
ReplyDeleteමම නම් ගෑණියෙක් හැටියට හරිම කැමතියි අපේ මහත්තයා අඬලා හරි හිතේ තියෙන දේවල් නිදහස් කරනවා නම්... තියෙන ප්‍රශ්න දරා ගන්න හිත තද කරගෙන ඉන්න එකෙන් වෙන්නේ හිතේ තියෙන පීඩනය තවත් වැඩි වෙන එක...
කවදාවත් කියන්න හොඳ නෑ පොඩි පිරිමි ළමයෙක්ට උනත් “ ඉකේයියා පුතේ.. පිරිමි ළමයි අඬන්නෙ නෑ නේ” කියලා.. ඒක ජීවිත කාලෙම තියෙනවා..
තව දෙයක්.. ගෑණියෙක්ගේ කඳුලු වලට වඩා පිරිමියෙක්ගේ කඳුළු හරිම සංවේදියි.. මට නම් අපේ මහත්තයා අඬනවා බලං ඉන්න බෑ... මට පේන්න එයා අඬලා තියෙන්නෙ එකම දවසයි... එදා එයාව සනසන්න ගිහින් මම ඇඬුවා ඊට වඩා...
අන්න හරි අක්කේ...පිරිමියෙක් අඩනවා කිව්වම සමාජයේ ගොඩක් දෙනෙක් ඒ දිහා බලන්නේ,අවතක්සේරුවකින්,හරියට සමාජයෙන් නෙරපාල දාන්න තරම් වැරද්දක් කරනවා වගේ...
ReplyDeleteමම මේ ලිපියෙන් ඒත්තු ගන්වන්න හිතපු දේ ඔයා හරියටම තේරුම් අරන් තියෙනවා.ගෑනු පිරිමි බේදයක් නෑ,දුක සතුට,කදුළු සිනහව මේ හැම හැගිමක්ම අපිට උරුම දේවල්...
හැම දෙයක් දිහාම මානුෂිකව හිතල බලල වැඩ කරනවානම ඒක මේ ලෝකෙ ලස්සන තැනක් කරන්න ඉවහල් වේවි...
බොහොම ස්තුතියි මේ පැත්තට ඇවිත් ප්‍රතිචාරයකුත් දැම්මට...