නෙතට ලෙන්ගතුව
හදින් නැගි ආලය
සක්මන් කරමින් වැව රවුම
කීවා මම
"ගොඩාරියක් ආදරෙයි ඔයාට..."
හදින් නැගි ආලය
සක්මන් කරමින් වැව රවුම
කීවා මම
"ගොඩාරියක් ආදරෙයි ඔයාට..."
අසුනට බරව
පැටලෙමින් දෙනෙත් යුග
කතාවක් කියනවිට
"බඩුවක් කියන්නද ඔයාට මං"
ඇසුවා කෝමල වදනින් ඔබ
අවසර ලත් සැනෙක
රියලටි ශෝ එකක
අවසන් ප්‍රතිපලය දෙන ලෙසට
තටමා,මා හද බිය ගන්වා
කිවා ඔබ
"මම ආදරෙයි ඔයාට"
සත්තයි සුදු මැනික
දැනුනා මට
රජකම ලද රජෙකු විලසට
දෑගිලි පැටලුනේ
ඒකයි මැනික
හිස හොවා
මා උර තලය මත
හීන් හඩින් මුමුනනකොට
හිතුනා නලලතර හාදු තියන්නට
වඩාගෙන සිනාසෙන්නට
විවර වු මේ හද
දිවි ඇති තුරාවට
ඔබගෙමයි සුදු මැනික
හැම අත්භවයකම පතමි මා ඔබවම...
ආදරෙයි රත්තරන් අසීමිතව..
♥ ♥ ♥
ගොඩක් ලස්සනයි දමිත් ..දිගටම ලියන්න ....
ReplyDeleteරජ කම ලැබුන වගේ නෙවේ කොල්ලෝ ඔටුන්න රැක ගන්න ගියාම...
ReplyDeleteමේ පද පේලි ටිකට ආස හිතුනා..
ReplyDelete//අවසර ලත් සැනෙක
රියලටි ශෝ එකක
අවසන් ප්‍රතිපලය දෙන ලෙසට
තටමා,මා හද බිය ගන්වා
කිවා ඔබ
"මම ආදරෙයි ඔයාට"//
ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
ReplyDeleteමම සමකය වටේ ලියන නලින්
ලස්සනයි මල...මාර වචන සෙට් ඒක එල ...
ReplyDelete