නොකරපු වරදකට දඩුවම්

by July 24, 2017 0 ප්‍රතිචාර
Image result for it is not my mistake
ජීවිතේ ඔයා නොකරපු වරදකට දඩුවම්, චෝදනා විදලා තියෙනවද?

කොතරම් දරුණු කායික දඩුවමක් උනත් වැඩියෙන්ම ඒ වෙලවට රිදෙන්නෙ හිත.

කොච්චර ඔයා උත්සහ ගන්නවා ඇද්ද ඔයාගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න.


සමහර වෙලාවට කොච්චර උත්සහ කලත් වැඩක් නෑ වැරැද්ද තමන්ගෙ ගිණුමටයි එකතු වෙන්නෙ.

ඒ වගේ වෙලාවක සාධරන ඉෂ්ට නොවුනු වෙලාවක කලබල වෙලා තවත් වැරදි කරන්න එපා.

තමන්ගේ අතේ වරදක් නැති බව වෙන කවුරුත්ම පිලිගන්නෙ නැත්නම් නිශ්ශබ්දව ඒ අවස්ථාවට මුහුන දෙන්න.

කාලයට ඉඩ දීලා තමන් තුල ඇති හොද ගති තවත් වර්ධනය කරගන්න.නැති හොද ගති ඇති කරගන්න.

ඔයාට මේක අමාරු කාලයක් වේවි, මොකද හැමදාම වැරදි කරන මිනිස්සු වැරදි කරාට සමාජයට ඒක ලොකු දෙයක් නෙවෙයි. ඒකෙ විශේෂයකුත් නෑ.

නමුත් හොද මිනිහෙක්ගෙන් පොඩි වරදක් උනත්, වරදක් නොකර චෝදනාවට ලක් උනත් සමාජයේ බහුතරයකට ඒක විශේෂයක් ලොකු දෙයක්.

"හොදයි හොදයි කීවට පේනවනෙ දැන් මිනිහගෙ හැටි" කියන්න බහුතරයක් දෙනා හරිම ආසයි..

ඒ අයගෙ අහින්සක ආසාවන්ට ඉඩ දීලා ඔයාගේ හරි වෙලාව එනකම් හරි විදියට ඉන්න.

0 ප්‍රතිචාර:

Post a Comment