කොට කලිසමෙන් දික් කලිසමට - ඉස්කෝලෙ ජිවිතේ තෙවැන්න

by April 26, 2012 6 ප්‍රතිචාර

ඔයාලට මතක ඇතිනෙ මීට ගොඩක් දවසකට කලින් මම මගේ ඉස්කෝලෙ ජිවිතේ ගැන ලිපි වගයක් ලිව්වා...ඒ සිද්දි දාමයේ ඉතුරු ටික මට ඔයාලට කියන්න බැරි උනානෙ.ඔන්න මම අද හිතුව තවත් කොටසක් ඔයාල හමුවෙ තබන්න.කලින් පොස්ට් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් බලාගන්නකෝ...

ඉස්කෝල ජිවිතේ 1
ඉස්කෝලෙ ජිවිතේ 2

මෙන්න මෙහෙමයි ඉතින් කතාවේ ඉතුරු ටික....

ඔයාලට මතක ඇතිනෙ මමයි ඩිල්කියි,ජෙන්සයි එකතු වෙලා 9 වසරේදී කරපු ප්‍රදර්ශන අංගය එහෙම.ඒකට ලැබුණු සහතිකපත් එහෙම.ඉතින් ඔය විදියට අපේ 9 ශ්‍රේණියේ වැඩ කටයුතු ඉවර වුනා.ආ දැන් තමයි ඔන්න කතාවෙ හොදම හරිය පටන් ගන්නෙ.අපේ 10 පන්තිය.10 වසරට ආව කියපුවහම අලුත් ගැම්මක් තියනවනෙ.මොකද මෙච්චර කල් කොට කලිසමේ හිටපු අපි දික් කලිසමට බැස්ස.අපිත් දැන් ලොකු එවුන්නෙ කියල අමුතු ආඩම්බරයකුත් හිතට දැනුන.10,11 වසර කියන්නෙ O/L විභාගය ඉලක්ක කර ගත්තු වසර දෙකක්නෙ.ඒ නිසාම අපේ විදුහල්පති සහෝදරතුමා වගේම අපේ ආචාර්ය මණ්ඩලයත් දැඩි කැපවීමක් කටයුතු කරන්න පටන් ගත්ත.නීති රීති එහෙමත් වෙනදට වඩා දෙගුණ තෙගුණ උනා.

10 වසර සමාරම්බක දවසෙම අපේ ගරු ඩෙන්සිල් මෙන්ඩිස් විදුහල්පතිතුමා අපිව,අපේ දෙමව්පියන්ව කැදවල රැස්වීමක් තිබ්බ.මේ වසරෙදි මොනවද අපෙන් වියයුත්තේ දෙමව්පියන්ගෙන් වියයුත්තේ මොනවද යන්න පිලිබදවත් එතුමා පැහැදිලි කළා.

"පුතා ඔයාල දැන් මේ පාසලේ ඉන්න ලොකු පන්ති වල ළමයි පිරිසක්,ඔය දික් කලිසම ඇන්ද වගේ නෙමෙයි.ඕකෙ ෙගෟරවය රැක ගෙන පාසලේ අනෙක් ළමයින්ටත් ආදර්ශයක් වෙලා හොදින් අධයාපනය ලබන එක තමයි ඔයාලගේ යුතුකම.දැනටමත් මෙතන ඉන්න ගොඩක් කොලුවෝ තමන්ගේ අම්ම,තාත්තටත් වඩා උස මහතයි.පුතා......මේ වයෙසේදී ඔයාලගේ සිරුර වැඩෙනවා වගේම ,ඔයාල උනන්දු විය යුතුයි මනසත් දියුණු කර ගන්න.එහෙම උනොත් තමයි පුතා ඔය තරුන වයස සුන්දර වෙන්නෙ"

ඔන්න ඔහොම දෙවල් ටිකක් තමා එදා අපේ විදුහල්පතිතුමා කිව්වෙ.....









Bro.Denzil Mendis අපේ විදුහල්පති සහෝදරතුමා

ඔන්න 10 වසෙර මුල්ම දවස ඔය විදියේ කතා,උපදෙස් ගොඩකින් තමයි අහවර වුනෙ.ඒවා අහල කන් දෙල පිරිලා වගේ.දැන් දෙවෙනි දවස,මමත් වෙනද වගේම පාසලට ගියා.තවම අපි අපේ පන්ති කාමර තියෙන්නේ කොහෙද කියල හරියටම නොදැන හිටපු නිසා.කොල්ලෝ සෙට් එකත් එක්ක තැන්තැන් වලට වෙලා කයියක් දාගෙන හිටිය.එකපාරටම මෙන්න බොලේ සර්ල මිස්ල ඇවිත් අපිට හොස්ටල් එකේ කෑම කාමරයට යන්න කියපි."ඈ බං ඩිල්කි මොකද බන් අපිට කෑම කාමරයට එන්න කියන්නෙ ඩම්බල්ඩෝ ගානෙ පාටියක්වත්ද ??"මම ඩිල්කිගෙන් ඇහුව. අපේ ප්‍රින්සිපල්ට දල තියන අන්වර්ථ නාමේ තමයි ඔය ඩම්බල්ඩෝ කියන්නෙ.අර හැරී පෝටර් කතාවෙ ඉන්න  ඩම්බල්ඩෝට  වගේ අපේ විදුහල්පතිතුමාටත් තියනව ඒවගේ  රැවුලක්,ඒ තරම්ම වැවිල නෑ.හැබැයි මුණ පුරාම රැවුල."අනේ මන්ද බං පාටියක්නම් වෙන්න බෑ,මෙච්චරකල් අපිට මිනිහ ගානෙ එක බිස්කට් එකක්වත් දීල තියනවද"ඩිල්කිගෙන් ලැබුනෙ ඔන්න ඔය වගේ ප්‍රතිඋත්තරයක්.

මම අපේ ඉස්කෝලෙ විදුහල්පතිතුමාට මඩ ගැහුව අෙගෟරවය කළා එහෙම නෙමෙයි හොදද???(මොකද මේ දවස් වල හැමතැනම මඩ ව්‍යාපාර,හරිම පරිස්සම් වෙන්ට ඕනෙ මේ කියන කොරන දේවල් ගැන..)ඒ දවස් වල කටට අපු පලියට,කොලු කමට ඔය වගේ කතා කිව්වට,අපේ ප්‍රින්සිපල්ගෙන් අපිට වගේම අපේ පාසලටත් බොහොම ලොකු සේවයක් උනා.අදටත් එහෙමයි.









මේ දකුණු කෙලවරේ යන්තමට පේන්නෙ ඒ කාමරේ තමයි...හොද ෆොටෝ එකක් හම්බුනොත් ඉදිරියේදි දාන්නම්කො..

ඔන්න 10 වසරේ සෙට් එක හොස්ටල් කාමරේ සැදී පැහැදී අසුන් ගත්ත මොන විජ්ජුම්බරයක් ඊලග වෙයිද කියල නොදැනම.ඔක්කොම කොල්ලෝ ටික ආවට පස්සේ ගුරුවරු ටික කෑම කාමරයේ දොරවල් ජනෙල් ඔක්කොම වැහුව....(බයායි...........)ඒ දොර ජනෙල් වලට දාල තිබුන විදුරු වලින් පිටින් බැලුවට ඇතුල පේන්නෙත් නෑ..මොන මගුලක් කොරන්ට හදනවද මන්ද???අපොයි දෙවියනේ...."අඩේ බං මේ දොරවල් ජනෙල්  වහල මක්කයි කොරන්ට හදන්නේ??" හැමෝම වගේ කසු කුසු ගගා කතාව..."ඩොක්ට කෙනෙක් එනවලු බං.."ඒ අතරතුර ඔහොම කතාවකුත් ඇහුන...අනේ මන්ද මොන විජ්ජුම්බරයක් වෙන්ට යනවද කියල.............හැමෝම අම්බානෙක කුතුහලයකින් හිටිය...

ඩොක්ට කෙනෙක් ආවද??කෑම කාමරේ මොකද උනේ??අපිට අතුරු අන්තරාවක් නොවී යහතින් ගෙදර එන්ට පුළුවන් උනාද?? ඔය දේවල් ඉදිරි පොස්ටුවකින් කියන්නම්කො....අදට මේ ඇති...ඕනවට වඩා කියවන්න ගියාමත් එපා වෙනවනෙ...
කියවපු එකේ පුළුවන් නම් ඊළගට මොකද උනේ කියල අනුමානයක් කොරල කොමෙන්ටුවක් දාලම යන්නකෝ...

6 comments:

  1. හෆෝයි මචන් අනාත කරා නේද අන්තිම හරියේදී? හරි හරි ඉතුරු කොටසත් ඉක්මනට දැම්ම නම්.

    ReplyDelete
  2. අපි ඉස්කෝලෙ යන කාලෙත් ඔය කලිසමේ සංක්‍රාන්තියෙන් මාර ආතල් එකක් ලැබුවා. ඒ වුනාට අපි දැන් උගන්නන රටේ එකේ පන්තියේ (Child friendly Classes) ඉඳලා අඳින්නෙ දිග කලිසම.

    henryblogwalker the Dude

    ReplyDelete
  3. හි හි.... මචං බොහොම ස්තුතියි ප්‍රතිචාරයට !!!
    ඉක්මනින්ම ඊලග කොටසත් දාන්නම්කො....

    ReplyDelete
  4. කොට කලිසමෙන් දික් කලිසමට මාරු වෙන එකෙත් මාර ආතල් එකක තියනවා තමා බන්....වෙනසකටත් එක්ක අපේ රටේ එහෙම සම්ප්‍රදායක් තියන එකත් හොදයි....
    බොහොම ස්තුතියි ප්‍රතිචාරයට !!!

    ReplyDelete
  5. අඩෝ දමිතා,[මිත්‍ර ස්නේහ්යෙන්] මේවා දකිනකොට අපේ ඒ කාලෙ ජීවිතේ ආපහු මතක් වෙනව බන්.කියලා නිම කරන්න බැරි කතා ගොඩකින් පිරිලා.නේද බන්.ඒක නෙවේ කව්ද බන් මේ ඩිල්කි කියන්නේ?ඩිල්ශානයට නේද? [මුල් කොටස් නොකියවා ගොන් ප්‍රශ්ණයක් ඇසුවානම් වසර ගණනක මිත්‍ර කමේ නාමයෙන් මග හරිනු මැනවි.]

    ReplyDelete
  6. ආයෙත් ..අහල...පිස්සු නටපුවා අකුරක් නෑර ලිව්වොත් මේ වගේ පෝස්ටු 100 ක් දැම්මත් මදි...ඒ කාලේ තමයි බං මරුම කාලේ..

    ඩිල්කි කිව්වෙ බං ඩිලාන්ට....
    වුව උබට අමතක වෙන්න විදියක් නෑනෙ....ආකිමිඩිසා...පිස්සා...
    දැන් නම් වූ හෙන තඩි සයිස් බං....වන්ගේදියක් වගේ....

    එළකිරි...තෑන්ක්ස් මචෝ මේ පැත්තට ඇවිත් ප්‍රතිචාරයක් දැම්මට!!!

    ReplyDelete