තවමත් මම ඔයාට ආදරෙයි....

by June 15, 2012 27 ප්‍රතිචාර
මම ඔයාට ගොඩක් ආදරය කළා.අදත් මම ඔයාට ආදරය කරනවා ඇති.

මම ඔයාව මගේ කර ගන්න බලාපොරොත්තු වුනේ නැ.එත් මටත් නොදැනිම ඔයා මට ගොඩක් ලං උනා.ඔයා මටත් හොරා මගේ හදවත හොරකම් කළා.

එත් මම මගේ ජිවිතේ තීරණ ගන්නෙ ගොඩක් හිතල මතල.ඒ නිසාම ඔයා ගැන හිතද්දී මට දැනුන ඔයාගෙයි මගෙයි නොගැලපීම් ගොඩක් තියන බව.මම තීරණයක් ගත්තා. ඔයා ගැන ඇතිවුණු ඒ ආදරේ අමතක කරන්න ඕනෙ කියල.මම හිතනවා මම ඒ ගත්ත තීරණේ නිවැරදි ඇති කියල.


මම ඔයාව අමතක කරන්න ගොඩක් උත්සහ කළා.එත් අදටත් ඒ ආදරේ මගේ හදවතින් සදහටම අතුගාල දාන්න මට බැරි වෙලා.හිතේ කොනක ඔයා ගැන පුංචි හැගීමක් නලියනවා.

එදත් අපි හොද යාළුවො අදත් එහෙමයි.හෙටත් එහෙම වෙයි.කොහොම හරි මම මගේ හිත උපරිමයෙන් හදා ගත්ත ඔයාව මගේ යාලුවෙක් විතරක් කියන සීමාවට එනකම්.අවුරුදු 4 ක් මම උත්සහ කළා මේ දේ කරන්න.මට ඉවසන්න බැරිම තැන අපේ යාලුකමත් පලුදු නොවෙන විදියට මම ඔයාගෙන් ඇහුව "ඔයා මට ආදරේ කරනවද" කියල.ඔය කිව්වා "නැ කොහොමටවත් මම එහෙම දෙයක් හිතුවේ නැ කියල " කියල.

මට දුකක් නෑ.මගේ හිත ගොඩක් සැහැල්ලු උනා.මගේ හිත තවත් ශක්තිමත් කර ගන්න ඒක හේතු උනා.එදා ඉදල මගේ හිතේ තිබුන ඒ බලාපොරොත්තුව අත හැරිය.

මගේ පලවෙනි ආදරේ ඒක පාර්ශවික ආදරයක් උනා....ඒක ලබා ගන්න නෙමෙයි මම උත්සහ කලේ ඇත් කරන්න.ඒ මගෙයි ඔයාගෙයි දෙන්නගෙම අනාගතේ ගැන හිතල.

කාලය ගෙවිල ගියා......

දවසක් ඔයා මට මෙහෙම දෙයක් කිව්ව.ඔයාට පිරිමි ළමයෙක් ගැන කවදාවත්ම දැනිල නැති විදියේ හැගීමක් දැනෙනවා කියල.මට තේරුණා ඒ තමයි ආදරේ කියල.ඒ මමත් ඒ හැගීම් ඒ විදියටම විදපු නිසා.

එත් ඔයා කිව්ව ඔයා එයාව ජීවිතේට ඒ විදියට ලං කර ගන්න කැමති නෑ කියල.එත් ඔයාට එයා ගැන හිතෙන ආදරේ අමතක කරන්නත් අමාරුයි කියල.මට තේරුණා එදා මට උනා දේම අද ඔයාටත් වෙලා කියල.මම ඔයාට සුදුසු නෑ කියල හිතෙන ඒ ආදරේ අමතක කරන්න පුළුවන් තරම් උපදෙස් දුන්න.

ඔයා කොයි තරම් දුරකට සාර්ථක උනාද කියන්න මම දන්නේ නෑ.ඔයාට ඒ තරම් ලේසියෙන් ඉක්මනින් ආදරේ අමතක කරන්න බැරි වෙයි.මම ඒක හොදටම දන්නවා.

එත් මගේ අතීතෙ හංගල තිබ්බ මතකයන් ගොඩක් ඔයා ආයිත් මතක් කළා.ඔයා ගැන ඇති උණු ඒ ආදරේ හැරෙන්න වෙන කිසිම කෙල්ලෙක් වෙනුවෙන් මගේ හදවතේ දොරගුළු විවර උන් නෑ.අදටත් එහෙමයි.

ඔයා වෙනුවෙන් උපන් ආදරේ අදටත් මේ හදවතේ කොනක තියනවා.මට මැරෙනකම්ම බැරි වෙයි ඔයාගේ මතකයන් අමතක කරන්න.සමහරවිට ඔයාට මගේ හදවතේ නැගුනු ඉඩ වෙන කාටවත්ම අයිති වෙන එකකුත් නෑ..


මම දන්නෙ මෙච්චරයි ......

"තවමත් මම ඔයාට ආදරෙයි...."

27 comments:

  1. ආදරේ කියන්නෙ ලබාගැනීම විතරක් නෙමෙයිනෙ යාළු...

    ReplyDelete
  2. ආදරය කියන්නේ ආත්මාර්ථකාමීත්වයෙන් හුඟක් ඈතට ගිය දෙයක්! විය යුත්තේ තමන් ආදරය කරන කෙනා කොහේ හෝ සතුටින් සිටීම පමනයි!

    ReplyDelete
  3. හ්ම්ම්ම් සමහර දේවල් අපි අමතක කරන්න හැදුවත් අමතක කරන්න බැහැ ආදරෙත් ඒ වගේ

    ReplyDelete
  4. ඔයාගේ කතාවට එකග උනත් මට පහල කමෙන්ට් එක්ක එකග වෙන්න බෑ. මොකද මට අදටත් එච්චරටම පරිත්යාගශී වෙන්න බෑ.හැබැයි ඒ වෙනුවට මම අපූරු තියරි එකක් ෆලෝ කරනවා. ඒතමයි දිනන්න බැරි සූදුව සෙල්ලම් නොකර ඉන්න එක. මම ව්‍යංගයෙන් කියපු දේ තේරෙන්න ඇති කියලා හිතනවා. ජය...!

    ReplyDelete
  5. මම නෑ ඔය ආදරේට.... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. මම අදමද මන්දා ආවෙ..ආපු ගමන් හිත ගැස්සිලා ගියානේ...
    හොද යාළුවො දෙන්නෙක්ට ආදරේ කරන්න පුළුවන්ලු.ආදරවන්තයින් විදිහට ඉන්න පුළුවන්ලු.
    ඒත ආදරේ කරපු දෙන්නෙක්ට ඒවා අමතක කරලා යාළුවො වගේ ඉන්න පුළුවන්ද..මම මේ මගේ අත්දැකීමකුත් එක්ක ඇහුවේ...
    ආයි එන්නම්කෝ ඈ... ෆලෝ පාරකුත් දැම්මා

    ReplyDelete
  7. මම දන්නෙත් එච්චරමයි!!! මම තවමත්...........

    ආදරේ කරපු දෙන්නෙක්ට හොදම යාලුඔ ව්එන්න නම් බෑ....අත්දැකීමෙන් කියන්නෙ....ඒක එක්කෙනෙක්ට මහා මාන්සික වදයක් වෙන්න පුලුවන්...

    ReplyDelete
  8. ඔව් ඇත්ත...ඔයා කියන දේ හරි...
    ආදරය කියන්නෙ පරිත්‍යාගයක්.ඒ වෙනුවෙන් ගොඩක් දේවල් කැප කරන්න වෙන වෙලාවලුත් තියනවා...
    ඒත් මෙතන වෙලා තියෙන්නෙ...ආදරය ලබා ගැනීම නෙවෙයි..ආදරය ඈත් කිරීම එහෙමත් නැත්නම් අත හැරීම...

    ReplyDelete
  9. ඔයා හරි යාළුවා...එත් අද එයා සතුටින් නෙමෙයි...මම ඒ දවස් වල වින්ද දුක අද එයා විදිනවා....එත් මම නිසා නෙමෙයි වෙන කෙනෙක් නිසා.ඒ කෙනාට මට නොලැබුන දේ ලැබෙයි කියල අකුල් හෙලන ආත්මාර්ථකාමී අදහසක් මගේ නෑ...මම කලින් එයාට කිව්වෙ ඔයා එයාට ආදරේ නම් ඇයි එයාට කියන් නැත්තෙ කියල...එත් මම එදා ගත්ත වගේම තීරණයක් අද එයත් අරගෙන...
    මම ආත්මාර්ථකමි උනා නම් එයාව මගේ කරගෙන ගොඩක් කල්....

    ReplyDelete
  10. හරියටම හරි යාලු....අමතක කරන්න බෑ..ඒත් හිතට නැගෙන එක යටපත් කරගන්න පුළුවන්....
    ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕනේ....අවරුදු 4 ක් ගියානෙ මටත්...

    ReplyDelete
  11. ඔයා කියපු දේ මට හොදට තේරුණා...ඒත් ආදරේ කියන දේ කොහේදී,මොන වෙලාවේදී කා ගැන ඇති වෙයිද කියල කියන්න බෑ..ඒක මනෝමය බැදීමක්...
    හිතට අපිට ගොඩක් දේ හිතෙන්න පුළුවන් ඒත් අපි ඒ හැමදේම ක්‍රියාත්මක කරනවද නෑනෙ....අන්න ඒවගේ තමයි මෙතනදිත් උනේ....
    නොගැලපෙන ආදරයක් ලබා ගන්න ගිහින් ජිවිත ගොඩක් අමාරුවේ වැටෙනවට වඩා හිත හදාගෙන නුවනින් වැඩ කරන එක හොදයිනෙ....

    ReplyDelete
  12. බොහොම ස්තුත්යි රජෝ....මේ පැත්තට ඇවිත් ප්‍රතිචාරයක් දැම්මට...
    රජාට නම් මොකද ඔය ඉන්නෙ අන්තප්පුරයක්ම.... හි හි හි....

    ReplyDelete
  13. බොහොම ස්තුතියි යාලු මේ පැත්තට ඇවිත් ෆලෝ පාරකුත් දාල කොමෙන්ටුවකුත් දැම්මට...
    "ඒත ආදරේ කරපු දෙන්නෙක්ට ඒවා අමතක කරලා යාළුවො වගේ ඉන්න පුළුවන්ද..මම මේ මගේ අත්දැකීමකුත් එක්ක ඇහුවේ..."
    ඔයා හරි එයා නෙමෙයි අපේ යාලුකමෙන් දුරස් උනේ මමයි....එයා තවමත් හිතන්නෙ නැතුව ඇති මම එයාට අදරේ කළා කියල....
    එයාට ලං වෙන්න වෙන්න එයාගෙ මතකයන් හිතට එන නිසයි එහෙම කලේ..එයාව මුණ ගැහෙන එක හොදටම සීමා කළා...ඒත් අපේ යාළුකම් නැති උනේ නම් නෑ...
    හිත හදා ගන්න පුළුවන් උනාට පස්සෙ එයාව මුණ ගැහුනත් වෙනද වගේ මතකයන් ඇවිස්සෙන්නේ නෑ...ඉස්සර වගේ අපි දැන් මුණ ගැහෙනවත් අඩුයි...අපිට තියන වැඩත් එක්ක...
    දැන් සදහටම යාලුවෝ විතරයි.....
    ඒත් උගුරට හොරා බෙහෙත් බොන්න බෑ කියනවනෙ.හිතේ කොනක මම එයාට අදරේ කරානේ කියල ගැබුරු මතකයක් තියනවා....එච්චරයි...

    ReplyDelete
  14. ඔව් ඒක මහම මහා මානසික වදයක් උන කාලයක් තිබුන...
    ඒත් හද ගන්න පුළුවන් උපරිමේටම හිත හදා ගත්ත....ඒ කාලෙ මගෙ වටේ හැමදේම කියල හිත සැහැල්ලු කරගන්න පුළුවන් හොද යාලුවෝ දෙතුන් දෙනෙක් හිටිය..හැමෝගෙම දුක අහන්න පුළුවන් හදවතකුත් මට තිබුන නිසා යාලුවෝ උනත් ඕනෑම දේකදි මාත් එක්ක හිටිය.හිත හදා ගන්න ශක්තියක් උනෙත් එයාලම තමයි...

    ගොඩක් දෙනෙක් හිතන්න ඇති මේක නිකම්ම නිකම් ගොතපු කතාවක් කියල...එහෙම නෙවෙයි....
    තරුවා යාලුවට කියපු දේ අක්කටත් හරියනව මගෙ හිතේ....

    ඇවිත් ප්‍රතිචාරයක් දැම්මට ගොඩක් ස්තුතියි !!!

    ReplyDelete
  15. එ ඔයා වෙන්න බැරිද... ඔයා දන්නවද නොගැලපෙන එකත් ගැලපෙන්න එක සාධකයක් කියලා...ගැලපෙන කෙනෙක් එක්ක යාලු උනාම හරි බෝරින්ග් වෙනවා සමහර වෙලාවට..නොගැලපෙන කෙනෙක් එක්ක යාලු උනාම පස්සේ පස්සේ එක වේදනාවක් වෙනවා...ඔය අතරේ ගැලපිම් තියෙන නොගැලපිම් තියෙන කෙනෙක් එක්ක යාලු වෙන එක ශෝක්..

    ReplyDelete
  16. මමත් ඔය අත්දැකීම ඔය විදිහටම විඳල තියනවා.......වෙනසකට තියෙන්නෙ මට ඒ දේ කියන්න අවුරුදු හතරක් ඉන්න බැරි වුනා.....මම ඒ ආදරේ අවුරුදු දෙකකින් ප්‍රකාශ කලා.ඒත් ඒ වුනාට ඒ ආදරේ කියන්න මම මාස 2ක් විතර පරක්කු වෙලා.එයාග් ජීවිතේට වෙන කෙනෙක් ඇවිල්ල........මම තව මාස 2ක් ඉක්මන් උනානම් මම අද දිනුම් කියල කියන්න පුලුවන්.....මමත් එයාට මගෙ මුලු ජීවිතෙන්ම තාමත් ආදරෙයි......

    ReplyDelete
  17. ඒ ආදරෙත් එක්ක ලොකු වේදනාවක් ආවොත් ඒ ආදරේ අමතක කරන්න පහසු වේවි

    ReplyDelete
  18. නිමාෂා ඔයා කියන දේත් ඇත්තක් තියනවා.එත් එයාගේ හිතේ ආදරයක් ඇති උනේ මං ගැන නම් නෙමෙයි වෙන කෙනෙක් ගැන.එදා එයා කිව්වා"දමිත් මේ ලෝකේ මෙච්චර කොල්ලො ඉද්දි ඇයි මට මෙයා ගැනම ආදරයක් හිතුනෙ" කියල.එයා ඒ ආදරය හොයන් ගිහින් ඇති උන එකක් නෙමෙයි. එයාගෙයි මගෙයි අතර ගොඩක් වෙනස් කම් තියනවා හිතන පතන විදිය ගොඩක් වෙනස්...එයා සරලව හැමදේම සැහැල්ලුවෙන් හිතද්දී මං හැමදේම ගැබුරින් සංකිර්ණව හිතනවා.ඒ නිසාම එයාට ජිවිතේ ගොඩක් දේවල් වලදී වැරදි වෙන්න තියන ඉඩ කඩ වැඩි වගේම මට සමහර දේ වලදී ගන්න තීරණ මත ගොඩක් හිත රිදීම් ඇති වෙනවා.එයා හැම දේකම මතු පිටින් දකින දේ දිහා බලලයි තීරණ ගන්නෙ ඇතුලාන්තය දිහා බලන්න එයා පුරුදු වෙලා නෑ..ඒ නිසාම එයාට වැරදුනු තැනුත් තියනවා.
    අපි දෙන්නගෙ පවුල් පසුබිම් අතරත් ගොඩක් ලොකු වෙනසක් තියනවා.අපි දෙන්න එකට ජිවත් උනොත් ඒ වෙනකොට අපි අතර තියන ගොඩක් මේ වගේ නොගැලපීම් නිසා අපේ හිත වල ආදරය ඉක්මනින් අඩු වෙලා යයි ජිවිතේ අසාර්ථක වෙයි එහෙම උනොත් මීට වඩා දුකක් එදාට නොවැරදීම විදින්න වෙනවා.ඒ නිසයි එදා මම ඒ වගේ තීරණයක් ගත්තෙ...එයත් ඒ තිරනයමයි අරන් තියෙන්නෙ...

    ReplyDelete
  19. ඔව් යාළුවා...මම එයාට ආදරේ කරන අතරතුර එයාගෙ හිත ගන්න ගොඩක් අය ආව.සමහර මම දන්න කියන යාළුවොත්.එත් එයා ඒ කිසිම කෙනෙකුට කැමති උන් නෑ.එත් එයාට නුසුදුසු කෙනෙක්ට එයා එක සැරයක් රැවටුනා.එත් එයා ඒ දේ තේරුම් ගිය ගමන් ඒ දේවල් අත හැරිය.එයත් එක්ක යාලු උන කෙනා බොහොම නරක කොල්ලෙක්,එයාට එයාගෙ අනිත් යාලුවෝ,මම ඒ කොල්ල ගැන තේරුම් කරන්න උත්සහ කලත් එයා තේරුම් ගත්තෙ නෑ.අන්තිමට එයාටම තේරුම් ගියාමයි එයා ඒ සම්බන්දෙ නැවැත්තුවේ.ඒ සම්බන්දෙ වැඩි කල් තිබුන එකක් නෙමෙයි.එත් ඒ අත්දැකීමෙන් එයාගෙ ජිවිතේ හැදුන කිව්වොත් හරි.ඒ දවස් වල මට එයා ගැන පුදුම විදියේ කල කිරීමක් ඇති උනා.එයා වැරදි කෙනෙක් එක්ක සම්බන්දයක් ගොඩනගා ගත්තු නිසා.ඒකම මගේ හිත හදා ගන්න තවත් උදවු උනා....

    මම ඉක්මන් උනා නම් අද මමත් දිනන්න තිබුනා,එත් ඒ දුනුම පරාජයකට හැරෙයිද කියල මට බය හිතුන.එහෙම උනා නම් ඒ තත්වයෙන් ඒ දේවල් දරා ගන්න මට අමාරු වෙයි...

    ReplyDelete
  20. ඔව් යාළුවා...මට ලොකු වේදනාවක් ආව ඒක වචනෙන් විස්තර කරන්න බෑ...ඒක දැනෙන්නෙ ඒ දේ විදපු කෙනෙක්ට විතරයි.ඒ වේදනාවම මාව ශක්තිමත් කලා කිව්වොත් හරි....ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි !!!

    ReplyDelete
  21. හසිත මල්ලි හරි! ආදරෙත් එක්ක ලොකු වේදනාවක් ආවොත් ආදරේ අමතක කරන්න ලේසි වේවි. ඒත් ඔය විදිහට ආදරෙන් වෙන්වෙන්න වුනොත් ඒක ජීවිත කාලෙම වත් අමතක කරන්න අමාරුයි.
    කොහොම වුනත් ආදරේ කලකිරීමකට නොපෙරලී ආදරෙන්ම අවසන් වෙන එක එක අතකට වාසනාවක්.අනිත් එක අපි ආදරේ කරන කෙනා ලෝකෙ කොහේ හරි තැනක සතුටින් ජීවත් වේවා කියන හැඟීම අමුතුම හැඟීමක්.

    ReplyDelete
  22. බොහොම ස්තුතියි අයියෙ. මේ පැත්තට ඇවිත් ප්‍රතිචාරයක් දැම්මට....
    ඔව් ඒ අදරේ නම් මට ජිවිත කාලය පුරාවටම අමතක කරන්න බැරි වෙයි...
    එත් ඒ ගැනම හිත හිත විදවන්නෙ නම් නෑ මම ....හිත හදා ගෙන ඉවරයි....මොකටද බොරු කියන්නෙ,එත් හිතේ පුංචි තැනක මොකක්දෝ මන්ද කලකිරීමක් වගේ හැගීමක් තියනවා...

    ReplyDelete
  23. මම හිතන්නෙ යාළුවේ ඔබෙ ඔය අවු.4 තමා ඔබට ප්‍රශ්නයක් උනේ.යමෙක්ට ආදරය කරනවානම් එයාට ඒ දේ කලින්ම කීම වඩාත් සුදුසුයි කියල මට හිතෙන්නෙ.නමුත් උන දේ උනා.ඔබ තාමත් පරක්කු නෑ.මිනිස්සු වෙනස් වෙනව.ඔය දේ හරියටම තේරෙන්නේ තව අවු.20කින් විතර.දැන්ම එපා..තව වරක් උත්සහ කරන්න...කාලය සියල්ල විසඳයි.

    ReplyDelete
  24. ඔව් ඇනෝ ඔයා කියන දේ මට තේරෙනවා .එත් මම එයා මට ආදරේ කරනවද කියල අහපු වෙලාවෙ එයා දුන්න උත්තරත් එක්ක බලපුවහම මම එයාට ආදරෙයි කියල කෙලින්ම කිව්වත් එයා ඒ වගේ සම්බන්දයක් මාත් එක්ක ගොඩ නගා ගන්න කැමති වෙන එකක නෑ...බලමු අනාගතේ තව මොනවා වෙයිද කියල කවුද දන්නෙ.....ප්‍රතිචාරයක් තියල ගියාට ගොඩක් ස්තුතියි !!!

    ReplyDelete
  25. "ඔයා ගැන හිතද්දී මට දැනුන ඔයාගෙයි මගෙයි නොගැලපීම් ගොඩක් තියන බව.මම තීරණයක් ගත්තා. ඔයා ගැන ඇතිවුණු ඒ ආදරේ අමතක කරන්න ඕනෙ කියල.මම හිතනවා මම ඒ ගත්ත තීරණේ නිවැරදි ඇති කියල.


    මම ඔයාව අමතක කරන්න ගොඩක් උත්සහ කළා.එත් අදටත් ඒ ආදරේ මගේ හදවතින් සදහටම අතුගාල දාන්න මට බැරි වෙලා.හිතේ කොනක ඔයා ගැන පුංචි හැගීමක් නලියනවා." එහෙනම් ඇයිද දුක් වෙන්නේ... නොගැලපීම් තමයි ආදරේ තියෙන්නේ.. දෙන්නෙක්ට කවදාවත් එක වගේ වෙන්න බෑ.. ඒවා ජයගත්තොත් තමයි සතුටින් ආදරේ කරන්න පුළුවන්..නොගැලපෙනවා කියලා වෙන් වෙන එක නම් මෝඩ වැඩක් අප්පා..

    ReplyDelete
  26. ඔව් ඔයා කියන කතාවත් ඇත්ත තමයි....
    මේ වෙද්දී ඒ ගොඩාක් දේවල් වෙනස් වෙලා..එයා මගේ හොදම යාලුවෙක් පමණක් වෙලා...
    හිතේ තිබ්බ දේවල් කාලයත් එක්ක වියැකිලා ගිහින් එක නිකම්ම නිකම් හිස් හැගීමක් වගේ දෙයක් වෙලා....

    ජිවිතේ අපි නොහිතන නොපතන විදියට වෙනස් වෙනවා....

    බොහොම ස්තුතියි මේ පැත්තට ඇවිත් ප්‍රතිචාරයක් දැම්මට....

    ReplyDelete