ඔයාලට ඔයාලගේ ජිවිතේ හම්බෙන හැමෝම කතා කරන්නෙ ඔයාගේ උප්පැන්නෙ තියන නමින්ද නැනෙ...එක එක කාලෙට එක එක වයසට,යම් යම් සිද්දි නිසා ඔයාට එක එක විදියට කතා කරනවනේ..ඔය නමක් හැදෙන්න ඕන වෙන්නේ පුංචි දෙයක් විතරයි.හැබැයි ඒ හැදෙන නම් අතරේ ගොඩක් ආස කරන රසවත් නම් වගේම අප්‍රිය කරන මෙලෝ රහක් නැති නමුත් තියනවා නේද???
ඔන්න එහෙමනම් එක එක කාලෙට,එක එක වයසට,යම් යම් සිද්දි නිසා මටත් හැදුන "නම් වානම්....."
පොඩි කාලෙ ඉදන්ම මගේ දෙමව්පියෝ මට කතා කලේ "සුදු මහත්තයා" කියල.මගේ මොකක් හරි වැරැද්දකට කේන්ති ගියපු වෙලාවට නම් සුදුත් නෑ මහත්තයත් නෑ."පුතා" විතරමයි.
ඒ කලේ අපේ ගෙවල් ලග කඩේ වික්ටර් මාමයි ,ඒ අයියයි කතා කලෙත් "සුදු මහත්තයා" කියල.
අනිත් කඩේ දයා මාම කතා කලේ "කොක්ක මහත්තය" කියල.අනේ මන්ද මොකට ඔහොම කතා කලාද කියල අදටත් මට තේරෙන් නෑ.
පස්සේ අපේ මොන්ටිසොරියෙයි 1 ඉදං 5 වෙනකම් හිටපු ඉස්කෝලෙයි කොල්ලෝ කෙල්ලෝ ෆන් එකට කතා කලේ "දං ගෙඩිය" කියල.අද වගේ මතකයි ඕක කියාගෙන අපු එකියකගේ ඔලුව පැලෙන්ද දුන්න හැටි.ඒ ඉස්කෝලේ ටිචල සර්ල කතා කලේ "දමිත් පුතා" කියල.
5 ශිෂත්වය ගොඩ දාගෙන ගියපු ඉස්කෝලේ ටිචල සර්ල ගොඩක් දෙනෙක් මට කතා කලේ මගේ සර් නේම් එකෙන්."කරුණාතිලක" කියල.ටිචල කිහිප දෙනෙක් කතා කලා "ශ්‍රියන්ත" කියලත්.
අපේ 6,7 සෙක්ෂන් බාරව හිටපු සිංහල උගන්නපු මර්වින් සර් මට කතා කළේ "බැනෝ" කියල.සර්ට හිටියෙත් දුවල දෙන්නෙක්.හැබැයි මට වඩා වැඩිමල්.සර් කිව්වා "මට උබට වඩා බාල එකියක් හිටියනම් බන්දලා දෙනවමයි" කියල.මගේ වාසනාවට එහෙම එකියක් හිටියේ නෑ.
ඊටත් පස්සේ අපේ ලොකු අම්මගේ,පුංචිගේ දුවල පුතාල මට කතාකලේ "බුජ්ජු අයිය","බුජ්ජු මල්ලි"කියල.ඒ නම් ටිකක් කැතයි වගේ නිසා මම සද්දේ දාල එවුන්ගේ කටවල් ටික වහ ගත්ත.
මීරිගම මුතුහර එකට ගිය කාලෙ එකේ උපදේශක හිටපු සේරම් මාමත් එක්ක වැඩ කරපු මගේ චුටි මාම කමල් නිසා මුතුහර සෙට් එක මට "නිල් කමල්" කියලයි කතා කාලෙ.ඒ සෙට් එකනම් එලම තමා මල් හතයි.
මගේ හොදම යාළුවා ඩිලාන් වෙලාවකට මට කතා කාලෙ "කොටා" කියල.ඒ දවස් වල මම උන්ට වඩා ටිකක් මිටියි එකයි ඒ.
ඊට පස්සේ අපේ ඉස්කෝලේ හිටපු කුජිත කටවල් තියන එවුන් ටිකක් මට "බුජ්ජෝමුවේ #@ජ කොටා" කියලත් කතා කලා.බුජ්ජෝමුව අපේ ගම හොදේ.උන් දන්නවය මගේ ඒවගේ දිග පළල.මම නම් නෙමෙයි එහෙම කතා කරද්දී ඇහැක් ඇරලවත් බැලුවෙ.
සා.පෙ. කාලෙ මගේ දින පොත උස්සපු එවුන් එකේ ලියල තිබ්බ මගේ මිතුරියකගේ නමක් කියලත් මට කතා කලා.මම නම් නෙවෙයි ඔව්ව ගණන් ගත්තෙ.ඇහුන් නෑ වගේ හිටිය.
ඊටත් පස්සේ උ.පෙ. කරන කළේ මගෙත් එක්ක ක්ලාස් ගියපු එදත් අදත් මගේ හොදම යෙහෙළිය වගේම මගේ ............(ආ ඒවා ඕනේ නෑ මෙතනට ඒවා ගැන පස්සේ කියන්නම්) එයාගේ නම කියලත් ක්ලාස් එන කොල්ලෝ කෙල්ලෝ මාව අමතුව .උන්ගේ හිතේ අපි හෙන ලවෙන් ඉන්නවා කියල.පොඩි සීන් එකක් තිබුනට එදත් අදත් අපි අඹ යාලුවෝ.
ඒ කාලෙම අපේ ඉස්කෝලේ මගේ වයසෙ හිටපු කොල්ලෝ මට "බෞද්ධයා" කිව්වා.මගේ ජීවිතේටම අහපු වාසනාවන්තම,උතුම්ම ආමන්ත්‍රණය.මොකෝ දන්නවද එහෙම කිව්වෙ.අපේ එවුන්ගේ ආදර පල හිලවු,පවුලේ ගැටළු,සමාජීය ගැටළු ඔය හැම එකකටම බුදු දහමෙන් අවවාද අනුශාෂනා දුන්නු නිසයි උන් එහෙම කිව්වෙ.
පස්සේ ඉස්කෝලේ ගමන අවසන් කලාට පස්සෙ තවම මොකෙක්වත් වෙන අලුත් විදියකට මට කතා කළේ නෑ.
ලගදීම නොමලොත් තව ඉදිරියට බොහෝ දෙනෙක් මට මුණ ගැසේවි.විවිධාකාරයෙන් මාව අමතාවි.එදාට බලමුකො ඒව.
ඔයාලටත් මේ වගේ අනවරත නාම,එහෙමත් නැත්නම් නම් වානම් ගොඩක් ඇතිනෙ.එන යන හැමෝටම රස විදින්න නමක් දෙකක් කොටල ප්‍රතිචාරයක් දාලම යන්න.
හැමෝටම ජයම වේවා!!!
සුදුත් නෑ මහත්තයත් නෑ."පුතා" විතරමයි... නිකම්ම පුතා විතරද?
ReplyDelete"බුජ්ජෝමුවේ #@ජ කොටා" ......... උං කොහොමද බං මේකදන්නේ ?
මටනම් ඒ තරමටම නම් හැදිලා තිබුනෙ නෑ. මතක ඇති නමකට තියෙන්නේ “පෙදියා“ කියලා ඉස්කෝලෙ යාළුවො කතාකරපු නම තමයි. නැත්නම් ඉතිං ප්‍රදීප් හරි චන්දන හරි තමයි. මේ පාර සයිබර් සිහින උළෙලෙ සමරු කලාපෙ අන්වර්ත නමක් නැති අතලොස්ස අතරෙ මමත් හිටියට ඊට පහුවදා ඉදලම නමක් වැටුනා. දන්නෝ දනිති....
ReplyDeleteනිකම්ම පුතා කියල කතා කරා වගේම ඕකට ආර්තෝපදෙශයකුත් එකතු කල අවස්ථා දෙක තුනකුත් තිබුන.එහෙම උනේ ඉතින් හොදටම තද උන වෙලාවට තමා...
ReplyDeleteඑහෙම කොට නෑ ඩෝ....ඔය අනිත් එවුන්ගේ වගේම තමා මගෙත් ....හික්ස්
ප්‍රතිචාරයට ස්තුතියි කොල්ලෝ !!!
පෙදියා ඒකත් මරු නම ....
ReplyDeleteසිහින උළෙලෙන් පස්සේ වැටුන නම මොකක්ද දන්නේ නෑ...මමත් හොයාගන්නම්කො...
මේ පැත්තට ගොඩ වෙලා කොමෙන්ටුවක් දැම්මට ගොඩක් ස්තුතියි!!!
චැහැ චැහැ "බුජ්ජෝමුවේ #@ජ කොටා කියපු නම නම් පට්ට චාටර් ඈ :D
ReplyDeleteමට නම් ඉස්කෝලේ කියනේ මධුරංග කියලා ඒක නිසා හැමෝම කිව්වේ මධුරුවා කියලා.ගෙදරදියි අනිත් හැම තැනකදීම බ්ලොග් අවකාශෙත් ඇතුළුව කව්රුත් දන්නේ නිශාන් කියලා ඒක නිසා හිතවත්තු,යාළුවො,කෙල්ලෝ හැමෝම සමහර වෙලාවට කියන්නේ නිශා නැත්තම් නිශෝ කියලා මං ඒ වගේ ෂෝට් ඇන්ඩ් ස්වීට් නම් නම් වලට තමා කැමතිත්.
එකනේ බං මමත් ඔය නමට නම් කොහොමවත් ආස කලේ නෑ....
ReplyDeleteඕක ඉතින් වැඩි දෙනෙක් කියපු නමකුත් නෙමෙයි...
"මදුරුවා" "නිශා" "නිශෝ"
ඒ නමුත් නරකම නෑ...ෂෝර්ට් ඇන්ඩ් සුවීට් නම් වලට තමා ගොඩක් දෙනා කැමති....කියන්ඩත් ලේසිනෙ ...
මම නම් ඉතින් එදත් අදත් කවදත් ................................................. ..බා.ඕක ඉතින් හැමෝම දන්නවා නේ.ඒ නිසා අපහු ඒවා මතක් කරන්න ඕනේ නෑ නේද දමියා/////
ReplyDeleteඑක ඉතින් හැමෝම දන්නවනෙ බං...
ReplyDeleteඇත්ත නමින් නොදැන හිටියත් ඔය නමින් නම් උබව ඔක්කොම දන්නවනෙ....
"ප්‍රවීන්ව අදුරනවද බං"කියල කාගෙන් හරි අපේ එවුන්ගෙන් ඇහුවොත්....
"ආ අර @#බ නෙ" කියයි.... හි හි....
මටත් නම් කාඩ් කීපයක්ම තියෙනවා. කැම්පස් එකෙත් කාඩ් එකක් තියෙනවානේ :D
ReplyDelete7 වසරේ ඉන්න කාලේ කණ්ඩායම් වැඩ කියලා පීරියඩ් එකක් තිබුණේ. එකේදී නාට්‍යයක් කරන්න වුණා. අපේ කණ්ඩායමෙන් කළේ චිත්‍ර තරඟෙකට චිත්‍රයක් අඳින ළමයෙක්ගේ කතාවක්. ඒ චිත්‍රේ ඉදිරිපත් කරන්නේ ඉන්දියාවේ ශංකර් චිත්‍ර තරඟෙට. මම හිටියේ ඒකේ චිත්‍ර ගුරුවරයාට. අන්තිමට මට කාඩ් එකක් සෙට් වුණා "ශංකර්" කියලා. තාමත් සමහර එවුන් මට කියන්නේ ශංකර් කියලා.