බිංදුවට යන ගමනක්

by September 11, 2011 2 ප්‍රතිචාර

 
ගණිතය කියපුවහම ඉතින් සමහර අයගෙ නම් මුහුණු මලානික වෙනව ඇති.ඒත් ඉතින් ඔය ගණිතය අපිට නැතිවම බෑ ඕං.මොනව දැන ගත්ෙත නැතත්,එකතු කරන්න,අඩු කරන්න,බෙදන්න,ගුණ කරන්න වගේ මුලික ගණිත කර්ම ටිකවත් දන්නෙ නැත්නම් අනාථයි තමා.ජිවිතේ අපි කරන බොහොමයක් කටයුතු ගණිතයත් එක්ක බැදී පවතිනවා.ඔය එකී මෙකී නොකී ගණිත කර්ම ඇරෙන්න ගණන්කාරයො කියල කටිටියකුත් ඉන්නවා.ඒත් එයාලා නම් මම මේ කියන ගණිතයට අදාල නැ.බොහොමයක් දෙනාට ගණිතය අසීරු විෂයක් වගේ පෙනුනට හරිම රසවත් විෂයක් තමයි මේ ගණිතය.



මම හිතුව ගණිතය විනෝදයට යොදා ගන්න හැටි කියල දෙන්න.ගණිතය නීරස වෙච්ච අයටත් ගණිතය රසවත් කරගන්න මේ ක්‍රියාකාරකම් හේතු වේවි.මෙන්න මෙහෙමයි වැඩේ.........




 

ඉස්සෙල්ලාම කඩදාසියක පහත දක්වල තියන විදියට රුප සටහනක්‌ ඇද ගන්න.දැන් ඔය දාල තියන විදියට අංකත් ලකුණු කර ගන්න.






දැන් ඔය තියන ඉලක්කම් වක්‍ර (රවුම්) හෝ සෘජු(කෙලින්) ඒවා ලෙස සලකන්න පුළුවන්.මේ අනුව 1,4 සහ 7 සෘජු ඉලක්කම් ලෙසත් 0,2,3,5,6,8, සහ 9 වක්‍ර ඉලක්කම් කියල සලකන්නත් පුළුවන්. 


දැන් ඉහත දක්වල තියන කොටු සටහන භාවිත කරගෙන මේ ක්‍රියාකාරකම අත්හදා බලන්න.


1.ඕනෑම වක්‍ර ඉලක්කමක් අඩංගු කොටුවක් මත කුඩා බොත්තමක් වැනි දෙයක් තියන්න.


2.සෘජු ඉලකක්මක් ඇති කොටුවක් හමුවන තුරු බොත්තම වමට හෝ දකුණට ගෙන යන්න.


3.වක්‍ර ඉලක්කමක් ඇති කොටුවකට ළගා වන තුරු දැන් බොත්තම උඩට හෝ පහළට හෝ නැවත ගන්න.


4.සෘජු ඉලක්කමක් සහිත කොටුවකට වැෙටන තුරු නැවත වරක් බොත්තම කොටු වල මුළු ඔස්සේ (එනම් විකර්ණ දිගේ)ගෙන යන්න.


5.වක්‍ර ඉලක්කමක් ඇති කොටුවකට ළගා වන තුරු දැන් පහළට හෝ දකුණට හෝ බොත්තම ගෙන යන්න.


6.දැන් ඔයා ඉන්නෙ බින්දුවෙහිද??



 

මෙය කිපසැරයක් අත්හදා බලන්න.ඒ හැමවෙලාවෙම ඔයා නතර වෙන්නෙ කොතනද???



කොහොමද වැඩේ???නියමයි නෙ.එහෙනම් අයිත් දවසක මේ වගේ ගණිත විනොදයකුත් අරන් එන්නම්කෝ......





හැමෝටම ජය වේවා.........



2 comments:

  1. කරලා බැලුවේ නම් නෑ මලයෝ... ඔපීසියේ ඕවා කොරන්න හැටියක් නෑ නොවැ. බලමුකෝ කරලාම...!

    ReplyDelete
  2. @චතුරංග පෙරේරා | chathuranga Perera

    ඔපිසියේ මේව කොරන්න යන්න එපා ජොබ් එකත් ගහල යයි....

    ReplyDelete