පොඩි එවුන්ගෙ මොලේ තමයි මොලේ

by September 05, 2011 5 ප්‍රතිචාර
ආ.................ටික දවසකට පස්සෙ ඔන්න ආයිත් මම බ්ලොග් එකට පය ගැහුවා.මේ දවස ටිකේ නිවාඩුත් නිසා කරන්න විශේෂ වැඩකුත් නැති නිසා පොඩි රව්මක් දාන්න ගියා.පොඩි කිව්වට පොඩිමත් නෑ ඕං.ලොකු රව්මක්.....

ලොකු රව්ම කැරකිලා ගෙදරට ආවට පස්සෙ උන සිද්දියක් මට කියන්න හිතුනා.ඔන්න එහෙනම් අහගන්නකෝ.......




අපේ ගෙදරට පල්ලෙහා ගෙදර ඉන්නවා පුංචි මල්ලියෙක්.චුට්ටා තාම 1 වසරෙ.ඒත් මිනිහගේ වැඩ නම් 1 ක වසරෙ වගේ නෙමෙයි.හරිම ලෝකයා.කොයි වෙලේ බැලුවත් දැගලිල්ලම තමයි.කියන දෙයක් නාහෙට අහන් නෑ.පොඩි එවුන් දගලනවා තමයි ඒත් මූට නම් තියෙන්නේ එසේ මෙසේ දැගලිල්ලක් නෙවෙයි.යක්ෂ දැගලිල්ලක්.




චූටි මල්ලි කොයි වෙලේ බැලුවත් අපේ ගෙදර තමයි.ඉස්කෝලේ ඇරිලා ආපු හැටියෙම දුවන් එන්නෙත් අපේ ගෙදරම තමයි.වෙලාවකට මිනිහ කරන වැඩ වලට අම්බානෙකට ජුවල් නගිනවා.ඒත් මොනවා කරන්නද තාම පොඩි එකානේ.



ඔන්න එක දවසක් මම විතරක් ගෙදර ඉන්න වෙලාවක චුට්ටා ආව.ඔය වෙලාවෙ ගෙදර දොර නම් වහලයි තිබුනෙ.මමත් චුටි මල්ලි මොකද කරන්නෙ කියල බලන්න දොර අරින්නෙ නැතිව සද්ද නැතිව හිටියා.ඔන්න ටික වෙලාවක් යනකම් සද්ද නැතිව හිටපු මල්ලි ටික වෙලාවකින් පත්තර පිටුවක්ගෙනත් දොර අස්සෙන් දැම්මා.ගානට පත්තර කොලේ තියපු චුට්ටා කෝටු කැල්ලක් අරන් දොරේ ඇතුල් පැත්තේ තියන යතුර වැටෙන්න තල්ලු කලා.ඔන්න එතකොටයි පොඩ්ඩ කරන්න ගියා වැඩේ මට තේරුනේ.එවෙලෙම මම දොර ඇරල පොඩ්ඩව බය කරන්න සැරෙන් කතා කලා.ඒත් උෟ නම් නෙවේ බය උනේ..


පස්සෙ මම කල්පනා කලා මෙච්චර දෙයක් කරන්න පොඩ්ඩට කොහොමද හිතුනද කියල.හිතාගෙන හිතාගෙන යද්දි මට වැඩේ අහු උනා.


මීට සති දෙක තුනකට කලින් අපේ ගෙදරට අපේ නෑදෑයො වගයක් ආව.ඒ වෙලාවෙ චූටි මල්ලියත් අපේ ගෙදර හිටිය.හැමෝම කතා කරන ගමන් එදා දවල් T.V. එකේ ගිය සිංහල චිත්‍රපටයත් බැලුවා.ඒFilm එකේ අර චුටිටා කලා වගේ වැඩක් එකෙ හිටපු හොරු දෙන්නෙකුත් කලා.

ඔන්න ඔහොමයි චූටි මල්ලි ඔය වැඩේ ඉගෙන ගෙන තිබුනෙ.මේ උනු සිද්දියෙන් මම පුංචි දේවල් ටිකක් ඉගෙන ගත්තා.


අංක 1 - පොඩි එවුන් ඉන්න තැන්වල බලන කියන කරන දේවල් ගැන හරිම පරිස්සම් වෙන්න ඕන.මොකද චූටි අය දකින දකින දේ අත්හදා බලන්න,අනුකරණය කරන්න පෙලබෙනවා.ඒ දේවල් හොදද නරකද කියන්න එයාලට තේරුමක් නෑ.ඉතින් එයාල කරන සමහර දේවල් ගොඩක් භයානක වෙන්නත් පුළුවන්.ඔන්න ඉතින් පුංචි දරුවො ඉන්න තැන දෙමව්පියෝ,වැඩිහිටියො පරිස්සමෙන් කියන කරන දේවල් කරන්න ඕන.හරිද??


අංක 2 - වහාම ගෙදර දොරවල් වලට ඇතුලු පැත්ෙතන් යතුරැ ලොක් එකට අමතරව ලොක් යොදන්න ඕන.නැත්නම් ඉතින් ඔය පොඩි එකා කල දේ ලොකු මිනිස්සු කලොත් වැඩේ ගොඩක් භයානක වෙයිනෙ.


අංක 3 - යතුර දොරේ ඇතුල් පැත්තේ තියන වෙලාවක වැරදීමකින් පිටින් දොර ලොක් උනොත්.ඔන්න නියම ක්‍රමේ යතුර ගන්න.




ඕං ඔය මම කියපු කරුණු කාරනා ටික මතක තියාගෙන වැඩ කලොත් කාට කාටත් හොදයි කියල මට හිතෙනවා.


ආයිත් දවසක හමුවෙමුකො එහෙනම්.කියවල බලල කමෙන්ටුවක් එහෙමත් කරලම යන්න හොදේ.........

5 comments:

  1. පොඩි වුන්ගේ මොලේ හරිම දියුනුයි අප්පා!

    ReplyDelete
  2. 1 වසරෙදි මෙහෙමනං ඉස්සරහට මොනව කරයිද දන්නෑ පරෙස්සමෙන්!

    ReplyDelete
  3. බලාගෙන මලේ... ඔය පොඩි එකා තව ටිකක් ලොකු වෙනකොට ඔයාවත් විකුණයි...!

    ReplyDelete
  4. මේ ලිපියෙ සිංඩිකෙටරෙ දිස්වෙන්නෙ ලිපියෙ මාතෘකාව විතරයි.අනිත් ඒවයෙ වගෙ ලිපියෙ පොඩි Description ඒකක් පලවෙන් නෑ. ඒකට හේතුව මොකක්ද? මං ලියන ලිපිත් ඒහෙම තමා. ඒක හදාගන්න හැටි දන්නවද? දන්න කෙනෙක් ඉන්නවනම් උදව්කරන්න...

    ReplyDelete
  5. @ඉන්දික

    සහතික ඇත්ත සහෝ...ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි.....

    @චතුරංග ජයවර්ධන

    ඔව් අයියේ මටත් එහෙම හිතෙනවා....තව ලොකු උනාම මේ පැත්තෙවත් ඉන්න බැරි වෙයිද දන්නේ නෑ....

    @චතුරංග පෙරේරා | chathuranga Perera

    එකනම් ඇත්ත අයියේ.....හරිම පරිස්සමෙන් තම මටත් ඉන්න වෙන්නේ.....


    @රත්නේ

    ඔව් සහෝ....එකනම් ඇත්ත.....මම හිතන්නේ.......මම සමහර ලිපි ලියන්නෙ google ලගේ sinhalese input typing වලින් ඒක බාවිතා කරල ලියන ලිපි වල තමයි description පෙන්නන් නැත්තේ......

    ReplyDelete