දාන මාන පින්කම් වල මෙන්ම ප්‍රතිපත්ති පුජාවේ යෙදෙමින්ද ඔබ වෙසක් සමරන්නට ඇත.වෙසක් දාට පමණක් නොව සැමදාටම එය එසේ වන්නේ නම් හොදය.
ආකර්ෂණය වූ කලි මෙලොව බොහෝ දේට පාදක වූ ධර්මතාවයකි.ආකර්ෂණය යනු යම් වස්තුන් දෙකක අතර ඇතිවන දැඩි බැදියාවයි,එකිනෙකට සිදුවන දැඩි කැමැත්තයි.විටෙක එය දෙදෙනෙක් හෝ දෙපිරිසක් අතර ඇල්මෙහි ලා ඇතිවන මනෝ බාවයකි. ආකර්ෂණය තුල මිනිස් මනසෙහි හිතවත් කම් බැදීම් ගොඩ නැගෙන්නා සේම පාසල් අවදියේදී විද්‍යා විෂය මාලාවේ උගත් පරිදි චුම්බක ක්ෂේත්‍ර වල ආකර්ෂණ විකර්ශන ක්රියාවලියද ඔබට මතක ඇත.අද මා ඔබට කියන්නට යන්නේ එවන් විද්‍යා පාඩමක් නම් නොවේ.මා අද කියන්නේ මෙලොව ඇති ලොකුම ආකර්ෂණය පිලිබදවයි......
එය ලොව වෙනත් කිසිදු ආකර්ෂණ ශක්තියකට සම කල නොහැකිය.එය මෙලොවෙහි ජීවියාගේ පැවැත්මට දායක වන්න සේම මොලොව ජිවිත අවුල් වියවුල් කිරීමටද සමත්ය.එය විටෙක රැක ගත යුත්තක් මෙන්ම විටෙක ඇත්කොට තබා ගත යුත්තක්ද වන්නේය.තැනට සුදුසු නුවන යොදන්නා සේම තැනට සුදුසු,අදාල පුද්ගලයට සුදුසු වන පරිදි සිමා මායිම් තුල සිටිමින් ආකර්ෂණය ඇත්කල යුතුව හෝ ලංකල ගත යුතුය...
ගැහැනියක් පිරිමියෙකුටත්,පිරිමියෙක් ගැහැනියෙකුටත් තරම් ආකර්ශනයක් මෙලොව වෙනත් වස්තුවකට නැත්තේය...
ගැහැණියකගේ රුපයට,හැසිරීමට,වචනයට,සුවදට,ස්පර්ශයට පිරිමියෙකු ආසා කරන්න සේම ගැහැනියද පිරිමියාට ආසා කරයි...
(ලොවුතුරා බුදුන් වහන්සේ මෙලෙසින් දේශනා කල සේක....)
ගින්දරයි පුළුනුයි එක තැන තියන්නට හොද නැති බව ඔබ මීට පෙරද ආසා තිබෙනු ඇත...එසේ තැබුව හොත් ඔබටත් නොදැනීම පුළුන් කැබැල්ල ගින්දරෙන් දැවී යනු ඇත.දැවුණු පුළුන් කැබැල්ලක් යථා තත්වයට ගත හැකිද,එසේ කල නොහැකිය.
සමහර පුළුන් කැබලි තෙත් බවින් යුක්ත වන්නාහ,තවත් සමහරක් නිතැතින්ම වියලි බැවින් යුක්තය..ගින්දරද එසේමය විටෙක ඉක්මනින්ම දැල්වෙන අතර විටෙක දැල්වීමට බොහෝ වේලා ගතවේ..නමුදු තෙත පුළුන් කැබැල්ලකට වියලි වන්නටද,ඉක්මනින් නොදැල්වෙන ගින්දරට ඉක්මනින් දල්වෙන්නටද ගතවන්නේ ඉතා කුඩා නිමේශයක් විය හැකිය.පිටින් බලා ගින්දර හෝ පුළුන් කැබැල්ල අවබෝද කර ගත නොහැක.. මක් නිසාද යත් සියල්ල ගුප්ත බවින් හා,වෙනස් වන සුළු නිසාවෙනි.එබැවින් ගින්දරට හෝ පුළුන් කැබැල්ලට අනිසි කලට දැවෙන්නට ඉඩ නොහැර ගින්දරටත් පුළුන් කැබැල්ලටත් බාදාවක් වන ලෙසට ජලය වී සිටීම ඔබගේ යුතුකමය...එයින් ඔවුනට මෙන්ම ඔබටද තව බොහෝ දෙනෙකුටද යහපතක් වනු ඇත...
මේ පිලිබදව ඔබගේ අදහස්ද දක්වන්නේ නම් මැනවි .....
(පින්තුර ගූගල් වෙතිනි....)
සුබ වෙසක් මංගල්ලයක් Damith
ReplyDeletegood post dear
එකිනෙකා ගැන අවබෝධය තියෙනව නම් බයක් නැහැ..
ReplyDeleteජය !
කතාවට 100%
ReplyDeleteස්තුතියි ප්‍රතිචාරයට....
ReplyDeleteඔබ කියන දේ නිවැරදියි ....නමුත් හැම විටකම නොවේ.මිනිසුන් හැගීම් වලට වහල් වී කටයුතු කරන අවස්ථා ඕන තරම් ඇත.ඒ වෙලාවට අවබෝදයට වඩා හැගීමට මුල් තැන දීම නිතැතින්ම සිදුවිය හැකිය.මිනිස්සු තුල අවබෝදය වගේම ස්වයං විනයක්,හික්මීමක් තිබුනොත් මේ වගේ අවස්ථාවල යහපත් අයුරින් කටයුතු කරන්න හැකිවේවි.නව යොවුන් වියට පත් දරුවන් ගත් කල ඔවුන් තුල එවැනි අවස්ථාවල පැන නගින හැගීම් පාලන කර ගැනීමට අවශ්‍ය මග පෙන්වීම දෙමවුපියන්ගෙන් මෙන්ම ගුරුවරුන්ගෙන්ද,වටපිටාවෙන්ද ලැබිය යුතුය.අත්දැකීම් අඩු ඔවුනගේ ජිවිත විනාශ මුකයට යාමට ඒ හැගීම් තුල ක්‍රියාකරන ආකාරය හේතු විය හැකිය...
ReplyDeleteඔයාගේ කොමෙන්ටුවටත් ගොඩක් ස්තුතියි අයියෙ..
බොහොමත්ම ස්තුතියි....
ReplyDeleteජයම වේවා!!!
සංස්කෘත පඬිවරුත් මේකම කියලා තියෙනවා.
ReplyDeleteනාස්ති ගංගා සමං තොයං - නාස්ති සූර්ය් සමප්රභා
නාස්ති පිතෘ සමො බන්ධූ - නාස්ති ස්ත්‍රී සමො රසඃ
ගංගා නම් නදිය තරම් ජලයක් නැත, සූර්යා හා සමාන ආලෝකයක් නැත, පියා හා සමාන ඥාතියෙක් නැත, ස්ත්‍රිය හා සමාන රසයක් නැත :D