ගෙදර බුදුන් අම්මා ....

by May 12, 2012 2 ප්‍රතිචාර
හෙට ලෝක මව්වරුන්ගේ දිනයයි.

ලෝකේ හැම මනුශයෙක්ටම ඉතාම වැදගත් දිනයක්.මක් නිසාද යත් අපි හොමෝම මව් කෙනෙකුන්ට දාව උපන් බැවිනි.අප ඕපපාතිකයන් නොවෙමු.විශේෂයෙන් මවු ගුණ අගයන්නට දිනයක් නම් කර තිබිම එක්තරා ආකාරයක සතුටකි.එහෙත් මවුවරුන් ඇගයීමට ,මවු වරුන්ට සැලකීමට ,ගුණ ගැයුමට එදවසට පමණක් සිමා වීම කොහෙත්ම විය නොවුත්තකි.

මෙලොව ඔබට වැඩියෙන්ම ආදරය කරන ඔබව රකින ,ඔබ ගැන සොයා බලන තැනැත්තිය ඇයයි.ඔබේ ජීවිතය සැපවත් කරන්නට අපමණ වෙහෙස වන්නී ඇයයි.දසමසයක් නොවිදින දුක් විදිමින් කුස හිදුවා බොහොම පරිස්සමෙන් රැක බලා ගෙන මෙලොවට බිහිකළේ ඇයයි .ලොවෙහි වැඩිම වේදනාවක් විදින්නේ ඇයයි.


තම දරුවන් වෙනුවෙන් එවන් දුකක් විදීමට ඇ කිසිවිට පසුබට නොවෙයි.කදුළු දහදිය වගුරවමින් දරුවන් මෙලොවට බිහි කරන ඇය බිලිදා දකින පමාවෙන් ලබන්නේ අපමණ සතුටකි.අර වේදනාවන් සියල්ල ඇයට ඒ මොහොතේ අමතකව යයි.එතැන් පටන් ඇගේ මුළු ජිවිතයම කැපවන්නේ දරුවා වෙනුවෙනි.දාරක සෙනේහය නිසාවෙන්ම ඇගේ ලේ කිරි බවට පත් වෙයි.තාක්ෂනය අතින් කොතරම් දියුණුවක් ලැබුවද එවන් ක්‍රියාවක් ඇට මිස යන්ත්‍රයකට කල නොහැකිය.

එවක පටන් දරුවන් ලොකු මහත් කිරීමට වෙහෙසෙන ඇය තවත් බොහෝ දුක් උහුලයි.ඇ දරුවන් වෙනුවෙන් නිදි වරු රෑ ගණන අසීමිතය .දරුවෙකුට කරදරයක් අසනීපයක් වූ කල ඇගේ ශෝකාලෝකය මුළු ලොවම හැඩවන්නට තරම් ප්‍රබලය.දරුවන් උගත බුද්ධිමත් යහපත් පුද්ගලයන් කරන්නට ඈ අපමණ වෙහෙසෙයි.උදේ ඉදන් රෑ වන තෙක් ඇයට විවේකයක් නොමැත.තමන්ගේ රූප සොබාව ,කුස ගින්න ගැනවත් නොසිතන ඈ අතේ ඇති  සතයද වියදම් කරන්නේ දරුවන්ගේ දියුණුව පිණිසය.

ඈ කුසට අහරක් නැතිව දරුවන්ගේ කුස පිරවූ අවස්ථා බොහෝය.සමාජයෙන්,හිතවතුන්ගෙන්,සැමියාගෙන් තාඩන ,පීඩනයට පත් වන ඇය ඒ හැම දේම දරුවන් වෙනුවෙන් ඉවසන්නිය.දරුවන් කෙතරම් ලොකු මහත් උවද ඇයට හැමදාම අප ඇගේ පුංචි පුතා,දුවමය.ඔබ අමාරුවේ,කරදරයේ වැටුණු කල මුළු ලොවම ඔබ හැරගියද ඈ නම් ඔබ අසලින් නොසෙල්වනු ඇත.ඔබේ ජීවිතය ලස්සන කරන්නට ඈ හැමවිට උත්සහ කරන්නීය.

ඔබේ ජිවිතයට වාසනාව කදවන්නට ඈ ඔබට විවාහයක් කර දෙනු ඇත.විටෙක ලේලියගේ ,බැනගේ තාඩන පීඩනයට ලක් වන ඇය ඔබ වෙනුවෙන් ඒ සියල්ල ඉවසනු ඇත.අවසානයේ ඔබගේ දරු මල්ලන්ද රකින,බලා කියා ගන්න ඒ උතුම් ගැහැණිය මෙලොවින් සදහටම යනු ඇත.

හිතන්න...

ඒ ගමන යන්නට පෙර ඇයට ඔබෙන් විය යුතු යුතුකම් ඉටු උනාද.ඔබව රැකගත් අයුරින් ඔබත් ඇයව රැක බලා ගත්තාද.ඔබගේ කැත කුණු අත ගෑ ඈ වෙනුවෙන් ඈට බැරි කල  ඇගේ කැත කුණු අත ගෑමට ඔබ මැලි උනාද.බිරිදගේ හෝ සැමියාගේ කීම අසා ඇයට හිරිහැර කලාද,මානසිකව වද දුන්නාද,ඇයව ගෙදරින් පන්නා දැමුවාද,ඇයට යන එන මන් නැති කලාද,ඈ කාත් කවුරුවත් නැත්තෙක් මෙන් අනාථ නිවාසයකට ගොස් දැමුවාද.

හිතන්න.....ඔබ වෙනුවෙන් නොවිදින දුක් වින්දේ ඇයයි .ඈ වෙනුවෙන් යුතුකම් ඉටු කිරිමට බැරි වුනාද,ඔබ පසුතැවිලි වීමෙන් පලක් නැත,ඈ ජිවතුන් අතර නම් ඇයට හැකි උපරිමයෙන් සලකන්න.ඇය මෙලොව හැර ගොස් නම් ඈ වෙනුවෙන් හැකි තරම් පින් දහම් කරන්න.

තවත් කිව යුතු යමක් ඇත...

මේ දිනවල බුකියේ අම්මා කෙනෙකු හෝ ගැහැනියක් යැයි කොහෙත්ම කිව නොහැකි ^&8$%# යක් විසින් සිදු කරන අධම ක්‍රියාවක් සහිත වීඩියෝවක් ෂෙයාර් වෙයි.මවු පදවියටත් නිගා කරන එවන්නියන් ඇමතීමට සුද්ද සිංහලේද වචන මදිය.

ඉපදුන බිලිදා කුණු ගොඩේ දම යන,ගෙල මිරිකා මරා දමන ,ශරීර අංග ලෙසින් මුදලට විකුණන,නමට පමණක් මවුවරුන් වන එවන්නියන්ට හෙන වැදිය යුතුයි.එවන් මවු වරුන් බිහි නොවේවා!!!

දරුවන් වෙනුවෙන් අපමනා සෙනහසක් ඇතියන්ම බිහි වේවා!!!
දරුවෝද මවු ගුණ හදුනන,මවු පියන්ට පන මෙන් සලකන දරුවෝ වෙත්වා!!!
මහලු නිවාස,වැඩිහිටි නිවාස මෙලොවින් තුරන් වන දිනයක් ඒ නම් කොතරම් අගනේද...

ලේ කිරි කර පොවා මා හැදු වැඩු අම්මේ...
යහ ගුණ දහම් මට කියලා දුන් අම්මේ...
ජිවිත ගමනෙ මා සමගම සිටි අම්මේ...
ඔබ වැන්නියක් නැත ලොව මා හට අම්මේ...

මා ලෙඩවූ කලට ඔබ දුක් වින්දා අම්මේ...
මා හොද මිනිහෙක් කරන්නට ඔබ වෙහෙසුන අම්මේ...
ඔබේ මුළු ලෝකයම මා වුවා අම්මේ...
ජාතිත් ජාති මගේ මව වේවා අම්මේ...

කවි පද වලින් ඔබේ ගුණ ගැයුනෙමි අම්මේ...
එනමුදු නිමක් නැත ඔබේ ගුණ කද අම්මේ...
ආසිරි පතන්නෙමි ඔබ හට මගෙ අම්මේ...
දෙපා වදින්නම් මා ආදර අම්මේ....




මගේ මවටත් ,හැම අම්මා කෙනෙකුටමත් මවුවරුන්ගේ දිනයට පමණක් නොව හැම දිනයකටම මගේ නමස්කාරය වේවා!!!!

2 comments:

  1. ඔයලට ගොඩක් පින්..

    ReplyDelete
  2. බොහොම ස්තුතියි යාළුවා!!! මේ පැත්තට ඇවිත් ප්‍රතිචාරයක් තිබ්බට.

    ReplyDelete