පෙම් කෙලී
හායි සුදු.... කොහොමද මගේ රත්තරන්ට ??ඔයා අද හරිම ලස්සනයි පැටියෝ...
ම්......හොදයි හොදයි...මොකද මම වෙනදට ලස්ස්සන නැද්ද??
අනේ මගේ පැටියට තරහ ගිහින් වගේ...ඔය වෙනදත් ලස්සනයි..අද ගොඩක් ලස්සනයි...තරහ ගියාම තවත් ලස්සනයි....
(නිකට මිරිකමින්)
(අත ඉවතට කර ගස්සමින්)
යන්න අනේ යන්න...ඔය හරිම නරකයි..මෙච්චර දවසක් ලගින්ම ඉදල මාව ගණන් ගත්තෙවත් නෑ නේද??හරි නරකයි..මම තරහම තරහයි...ඔයත් එක්ක ...
අයියෝ නෑ බබා ...මගේ පැටියට මං එහෙම සලකනවද ගිය දවස් ටිකේ ඔයා දන්නවනෙ අර අපිත් එක්ක අපු අනිත් දෙන්න ...ඒ කොල්ලගේ මහ ඔලුව අප්පා ...වුත් එක්ක කිසිම වැඩක් කරන්න බෑ...
අනේ ඔයා එයත් එක්ක පැටලෙන්න යන්න ඕන නෑ...එයාලට ඕන දෙයක් එයාල කරගත්තු දෙන්..ඔයාට මම ඉන්නවනේ රත්තරන්.ඔයා මාත් එක්කම ඉන්න..
(ඔහුගේ දෑත අල්ලමින්...උරහිසට ඔලුව තබා ගනියි...)
හ්ම්....ඒ උනාට වුගේ එක්ක අපු කෙල්ලනම් ලස්සනයි ආ...
(ඔරෝප්පුවෙන් මෙන් අනෙක් පසට හැරී) ඔය ඉතින් කෙල්ලෝ කිව්වොත් ඉන්ඩම බෑ...ඔයා නම් කවදාවත් හැදෙන් නෑ අනේ...වෙලාවකට මට හිතෙනවා ඔයා මට ආදරේ නැද්ද කියලත්???
(ඇයව දෑතින් ඇද තුරුළු කර ගනිමින්....)
මම විහිළුවක්නේ කලේ ළමයෝ...ඕකට ඔච්ච්ච්ර කේන්ති ගන්න ඕනද...හරි හරි ඒව ඕන නෑ ඉතින් කියන්නකෝ...
(බොරු ආඩම්බර බවක් මවා ගනිමින්)
ම් ම් ම් ම් ......මට බෑ....ඔයා මොනවා හරි කියන්න ..
ම් ම් ම් ම් ....මටත් බෑ...මෙයාගේ තියන ගණන් මම බය වෙයි ඕවට ....
(තුරුලෙන් ඇත් වෙමින්)
ආ ආ ආ ...කව්ද දන් නෑ ගණන් ...ඉන්ඩකෝ ආයිත් මම ඔයත් එක්ක කතා කරන්නෙම නෑ ...තරහම තරහම තරහයි ...
මද වෙලාවක් නිහඩව සිට ඔහු ඇගේ බද වටා දැත යවා බද මිරිකයි...
ඔය ඉතින් මොනවා කරනවද මන්ද??නිකන් ඉන්ඩකෝ අනේ...අර අනිත් අයත් දකි...ඔයාට නම් හොදටම පිස්සු...
(ඇයව නැවතත් ඔහුගේ තුරුලට ගනිමින්...)
මාව ඉතින් පිස්සු වැට්ටුවේ මේ චුටි කෙල්ලනේ...
(අගේ මුහුණ සිබින්නට උත්සහ කරයි...)
(ඔහුගේ තුරුලෙන් ගැලවෙමින් ඉවතට යමින්)
හු හු හු....අල්ලයි මාව....
පිස්සු කෙල්ල ...ඔහොම ඉන්නවකෝ....අල්ලගන්නම්කො මම....(අගේ පසු පස දිව යයි...)
අසල තිබු ගසක් වටා කැරකෙමින්,සිනහ සෙමින් ප්‍රේම රංගනයේ යෙදෙයි..)
බලා සිටි මටද නිකම් මොකක්ද උණා වගේය....
(ඇයව අල්ල ගෙන තදින් තුරුළු කර ගනිමින්..)
ම් ම් ම් ...දැන් බලමුකෝ ගැලවිලා යන හැටි...
(ඔහුගෙන් ගැල වෙන්නට උත්සහ දරමින්)අනේ අත හරින්නකෝ අනේ...මට රිදෙනවා...
හරී අත අරින්නම් ..හැබැයි චුටි බඩුවක් දෙන්න තියනවා ඇස් දෙක වහ ගන්නකො...(දැත් ලිහිල් කරයි)
හ්ම්..හ්ම්...හරී ඔන්න මම ඇස් වහ ගත්ත..මොනවද අනේ දෙන්න හදන්නෙ...
ආ ආ ...ඒවා එහෙම කියන්න බෑ...හොද ළමය වගේ අස් පියාගෙන ඉන්නකෝ...
(ඇගේ මුහුණට ඔහුගේ මුහුණ ලං කරමින්)
එක වරම ඇගේ දෙතොල් අතර ඔහුගේ දෙතොල තබා තදින් සිප ගනී...
හුටා....යකෝ මෙන්න මුන් දෙන්න ප්‍රසිද්දියේ හාදු දෙනව....අනිත් උනුත් බලාගෙනද කොහේදෝ....
මා මෙන්ම අනෙක් උන්ද හොරෙන් බලයි මරු සීන් එකකි...
(මද නිමේශයකට පසු ඔහුගේ දෙතොල් පහසින් ගැලවෙමින්)
හරි නරකයි....කී දෙනෙක් දැක්කද දන් නෑ....ඔයත් මාර බඩු තමා දෙන්නෙ..(ලජ්ජාවෙන් සිනහසෙයි)
(ප්‍රේමයෙන් මුසපත් වෙමින්...)
එහෙම තමා මගේ පැටියට මම ගොඩක් ආදරෙයිනෙ..
(ඔහුගේ උරහිසට හිස තබමින් තුරුළු වෙයි)
ඇත්තටම...මමත් ඔයාට ගොඩක් ආදරෙයි රත්තරන්....හැමදාමත් ඔයා මගේම වෙලා මගේ ලගින්ම ඉන්න....
(ඇගේ හිස අතගාමින්)
ඇත්තමයි සුදු...මම ඔයාව කවදාවත් තනි කරන්නේ නෑ මේ ඇත්තමයි....
(ඔහුගේ බදවට දැත යවා තවත් තුරුළු වෙයි)
අනේ අර බලන්නකෝ.....ඉර බැහැගෙන යන ලස්සන....දන් ගොඩක් කරුවල උණා අනේ... අපි යමුද??
ඔව්ම තමයි....මේ පිස්සු කෙල්ලත් එක්ක ඉද්දි වෙලාව යනවා තේරෙන්නෙත් නැනේ....යමු යමු...
(දත් පටල පියමනිමින්)
නිමි...
මාර ප්‍රේම ජවනිකාවක් අප්පා....බොහොම කෙටි කොරල ලිව්වේ...තව ගොඩක් සීන් තිබ්බ...ගස් වටේ දුවන එව්වා,බිම පෙරලෙන එව්වා,එහෙන් මෙහෙන් මිරිකන එව්වා...අනේ බලන් ඉන්න හරිම අසයි...
මම විතරක්යැ බැලුවෙ ...ශේප් එකේ ගස් වලට මුවා වෙලා හැංගි හැංගි බලපු ගොඩක් දෙනෙකුත් හිටිය...මම නම් ටිකක් හොදට පේන තැනකින් ඉදගෙන බැලුව...කියල වැඩක් නෑ...මගෙත් නිකම් හැගීම් මොදු වේගෙන ආව වගේ....
සිංහල අව්රුද්දට කලින් අපේ ගෙදරට ටැංකියක් ගෙනාවනේ..(වතුර ටැංකියක් නොවේ..මාළු ටැංකියකි) ඉතින් ගෙදර චුටි විදුරු භාජනෙක හිරවෙලා හිටපු මාළු යාළුවො ඔක්කොම දැම්ම ඔය අලි (අලි කිව්වට මාළු) ටැංකියට...
උන්ට ඉතින් ආතල් ලෝකයයි...එහෙට පීනනවා මෙහෙට පීනනවා..කරනම් ගහනවා..විකාර ගොඩයි...මාළු ටැංකිය ලොකුවෙලා පොඩි මාළුවෝ විතරක් හිටියම ගතියක් නැනේ...ගෙනත් දැම්ම කාෆ්ල ජෝඩු දෙකක්ම...
මැයි පළවෙනිද(පද පෙරලීමෙන් වලකින්න)උදේ සති තුනකට විතර පස්සෙ මාළු ටැංකියට හොද සුද්දයක් දීල නැවුම් ලොවක් මාළු යාළුවන්ට තනා දුන්න...පස්සේ හවස තේ එකක් එහෙම බීල ඉවර කොරල ...මාළු ටැංකිය නුදුරෙන් වැඩි උනාමයි ඔය සීන් එක දැක්කෙ...හික්ස්...
ඒ සීන් එක බ්ලොග් එකේ ලියන්න හිතුන නිසා ඔන්න ලිව්වා...
මේ පෙම් ජවනිකාව කියවපු එකේ කොමෙන්ටුවක් දාලම යන්න හොදේ.....
"මැයි පළවෙනිද(පද පෙරලීමෙන් වලකින්න)"
ReplyDeleteමාර ආතල් නේද මල්ලි?
:)
ReplyDeleteමාළු ප්‍රේමයක්ද?.
ReplyDeleteඅනුන්ගේ ප්‍රේම ජවනිකා හොරෙන් බලන්න එපා බන්
අපි නම් ඔය පද පෙරලන්න ගියේ නෑ ඕන් :)
ශිකේ ආතල් එක කෑවා .. මදැයි ... මාලුවෙක් ගැනනේ කියවල තියෙන්නේ ,,
ReplyDeleteඑල එල පහරක්නේ
ReplyDeleteඊයා...! පොඩි ළමයි ඕව බලන් ඉන්නවද? උඹට ඇස් දෙක වහගන්න නේ තිබුනේ.:D
ReplyDeleteහික්ස්..මැයි පළවෙනිදා....
ReplyDeleteහරිම අවාසනාවන්ත දිනයක්ලු....
බොහොම ස්තුතියි !!!
ReplyDeleteහොරෙන් බැලුවේ නෑ බන්...බැලුණා...
ReplyDeleteප්‍රතිචාරයට ස්තුතියි !!!
හික්ස්...අපරාදේ ආතල් එක....
ReplyDeleteබොහොම ස්තුතියි !!!
ReplyDeleteමම 18+ නෙ බන්....
ReplyDeleteඇස් දෙක වහ ගන්නත් අමතක උනා බන්...මෙව්වා දැකල ...
හප්පේ මේක මාළු ප්රේමයක්නේ ........
ReplyDeleteඒකනේ...ඒකනේ...
ReplyDelete