Dongle Unlock කරමු

by April 09, 2012 14 ප්‍රතිචාර
කොහොමද ඉතින් යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නේ ඔයාලට වැදගත් වෙයි කියල හිතෙන තවත් දෙයක් ගැන.දැන් ගොඩක් දෙනෙක් අන්තර්ජලයට  පිවිසෙන්නෙ තමන්ගේ ඩොන්ගල් වලින්නෙ.ඒ සමහර ඩොන්ගල් අදාල අන්තර්ජාල සපයන ආයතනයට පමණක් සහය දක්වන විදියට හදල තියෙනවනෙ.ඒ කියන්නේ ලොක් කරලා තියෙනවනෙ.අද මං කියන්නම් ඒ ඩොන්ගල් එක ඕනෑම අන්තර්ජාල සපයන ආයතනයකින් සේවාව ලබා ගන්න සකසන්නේ කොහොමද කියල,කොටින්ම කිව්වොත් Unlock කරන්නෙ කොහොමද කියල..එක එක ඩොන්ගල් වල හැටියට මේක කරන්න ක්‍රම කිහිපයක්ම තියෙනවා.මම ඒ එක එක ක්‍රමය කෙටියෙන් කියල දෙන්නම්කො...ඔන්න පාඩම පටන් ගන්න හදන්නෙ,ළමායි ඔන්න හොදට අහගන්න ඕනේ.....


ඕනෑම Huawei HSDPA USB මොඩමයක් අන්ලොක් කරන හැටි

මෙන්න මෙහෙමයි මේක කරන්න කිසිම මෘදුකාංගයක් අවශ්‍ය නෑ.අන්තර්ජාල සම්බන්දතාවයක්,පරිගණකයක් තිබුනොත් හොදටම ඇති.ආ තව දෙයක් තියෙන්න ඕනේ.....ලොක් කරන ලද ඩොන්ගලයක්.....හි හි ....එක නැතුව මොකක්ද අන්ලොක් කරන්නෙ.

 මුලින්ම Modem එකේ IMEI නම්බර්  එක හොයාගන්න.ඒක මොඩම් එකේ කවරයේ හෝ මොඩම්  එකේ පිටුපස තියෙනවා.
http://tools.texby.com/unlock-codes/huawei/

මෙතෙන්ට ගිහින් ඒ එන සයිට් එකේ තියන ලොකු කොටුවේ ඔයාගේ IMEI අංකය සටහන් කරලා Submit කරන්න. එතකොට ඔයාට ලැබෙයි ඔයාගේ  ඩොන්ගලයට අදාල Unlock Code එක සහ Flash Code එක.ඔය දෙකම සටහන් කරලා තියාගන්නකෝ.




ඊට පස්සෙ මොඩම් එක ගලවල ලොක් කරල තියෙන ජාලයක සිම් එකක් දාන්න.එතකොට ඔයාලගෙන් අංකයක් අහයි.එතනට අර සටහන් කරගත්ත Unlock code එක සටහන් කරලා OK කරන්න



දැන් ඔයාගෙ මොඩම් එක අන්ලොක් කරල ඉවරයි.

හැබැයි මේ වැඩෙන් අදාල ආයතනය විසින් ඔබේ ඩොන්ගලය සදහා ලබාදෙන  Gurantee හා Warantee නැතුව යනවා.

 

 

හැබැයි මේ ක්‍රමයේ පොඩි අව්ලක් තියෙනවා.ඔයාලට ඩොන්ගල් එකට දා ගන්න ඕනේ හැම සිම් එකක්ම දදා අර අපිට ලබාදෙන code එක ගහන්න වෙනවා.හැම සිම් එකක්ම දාන්න පුළුවන් ආකාරයට එක වරම අන්ලොක් කරගන්න බෑ.


ඔයා අන්ලොක් කරන්න හදන්නේ HUAWEI ඩොන්ගල් එකක් නම් ඕකට පොඩි විසදුමක් තියෙනවා. මේකෙන්  සියලුම සිම් සදහා එකවරම අන්ලොක් කරන්න පුළුවන්.


ඉස්සෙල්ලම අර කලින් කියපු විදියටම IMEI අංකය යොදල අදාල flash code එක හොයා ගන්න.


දැන් මෙන්න මේ software එක මගින් ඔය ලැබුන  code එක ඇතුලත් කරලා ඔයාලගේ ඩොන්ගල් එක අන්ලොක් කරගන්න


Huawei code Writer


එක මෙතනින් බාගන්න.



මෙන්න කරන විදිය



 



හරිනෙ වැඩේ....




DC Unlocker මගින් ඩොන්ගල් අන්ලොක් කරමු.


මේක පොඩි මෘදුකාංගයක්.මේකෙන් පුළුවන් අපේ ඩොන්ගල් අන්ලොක් කර ගන්න.ඒ විතරක් නෙමෙයි ජංගම දුරකථන ,මෙමරි කාඩ් වගේ දේවලුත් unlock කර ගැනීමේ හැකියාව තියනවා.


ඉස්සෙල්ලාම මෙතැනින්dc unlocker එක බා ගන්න.


ඕක ප්‍රෝටබල් එකක් නිසා ස්ථාපනය කිරීමක් අවශ්‍ය නැ.


දැන් අපි බලමු කොහොමද මේ DC Unlocker එක හරහා Unlock කිරීම් කරන්නේ කියල.








ඉස්සෙල්ලාම DC Unlocker එක ඕපන් කරගෙන ඔයාගෙ ඩොන්ගල් එකේ වර්ගය තෝරන්න. 







දැන් පහලින් තියන අත් කාචයක රුපය උඩ click කරන්න.


ඊට පස්සෙ ඉබේම ඔයාගෙ ඩොන්ගල් එක DC Unlocker ඒකෙන Detect කර ගන්නවා.






දැන් කරන්න තියෙන්නේ Unlock ක්ලික් කරන එක විතරයි.




අලුත් Dialog ZTE MF 100 Dongle එක Unlock කරන ක්‍රමය



දැන් මම කියන්න යන්නෙ,dialog එකෙන් දෙන ZTE MF 100 dongle එක අන්ලොක් කරගන්නෙ කොහොමද කියල.එක ඉහතින් කියපු ක්‍රම වලින් unlock කරන බෑ..මොකද එක අලුත් විදියකට Lock කරලා තියෙන්නෙ 16 Digit කොඩ් එකක් ඉල්ලන විදියට හදලා තියෙන්නෙ.

ඔක්කොටම කලින් ඩොන්ගල් එක DC Unlocker එක භාවිතා කරලා බලන්න Unlock වෙනවද කියලා



නැත්නම් මෙහෙම කරන්න.....


ඔක්කොටම කලින් ......


මෙතනින් මේ පොඩි මෘදුකාංගය බා ගන්න.


දැන් modem එකේ sim card එක අයින් කරලා PC එකට connect කරගෙන download කර ගත්ත ZTE mf100 කියන folder එක ඇතුලේ තියෙන DL_MF100_DLG_SZ_EUV1.00.00 EXE එක Run කරන්න. එතකොට මෙන්න මේ වගේ Window එකක් open වෙයි.






එකේදි ඔයාගේ Modem එක Automatically Detect වෙයි ඊට පස්සේ start Update කියන button එක ඔබන්න. 


එතනදි ඔයාගේ modem එකේ Software එක Update වෙයි. ඕක Update වෙලා ඉවර වෙනකම් ඔය window එක Close කරන්න එහෙම එපා. Update වෙන වෙලාවේ මොනව හරි උනොත් Modem එකට Sorry තමයි.


Update වෙලා ඉවර උනාට පස්සේ Most DC Unlocker Run කරලා Select manufacturer කියන තැනට ZTE data cards කියලා දීලා Select model කියන තැනට ZTE MF 100 කියලා ‍තෝරලා Search button එක click කරන්න. 


එතකොට modem එක Detect කරයි.  


ඊට පස්සේUnlocking කියන Tab එකට ගිහින් Unlock කර ගන්න...වැඩෙ හරිනෙ....








ඔය තියෙන්නේ එල කිරි වගේ.........



ඔන්න මේ පැත්තට එන යාළුවො හැමෝටම මේක වදගත් වේවි කියල හිතනවා....


පහුගිය දවස් වල බ්ලොග් එකේ හරි හමන් පෝස්ට් එකක් දාන්න බැරි වීම ගැන ගොඩක් කණගාටු වෙනවා.ගොඩක් වැඩ තිබුණ පහුගිය දවස් වල.ඒකයි බ්ලොග් එක වෙනුවෙන් කාලය වෙන් කරගන්න බැරි උනේ...



බ්ලොග් එක පාළුවට ගිහින් වගේ නේද??? 


කොහොම උනත් මින් ඉදිරියට ගොඩක් හොද ඔයාලට වදගත් වෙයි කියල හිතන පෝස්ට් හැකි පමණ ඉක්මනින් දාන්න බලපොරොත්තු වෙනවා...








 



14 comments:

  1. නියමයි මලයා !!! මේක නම් ගොඩාක් අයට වැදගත් වේවි ! රූපත් එක්කම පැහැදිලිව තියලා දීලා තියෙනවා ! ස්තුතියි. ජයවේවා !!!

    ReplyDelete
  2. බොහොම ස්තුතියි....අයියෙ කොමෙන්ටුවට.....
    නිකම් බොරුවට කඩවල් වලට සල්ලි පුජ කර කර ඉන්නවෙලේ...තමන්ම මේ වැඩේ කර ගත්තනම් හොදයිනේ.දැනුමකුත් ලැබෙනවනේ එකයි මේ වගේ දෙයක් ලිව්වෙ....

    ReplyDelete
  3. කොල්ල prolink phs300 unlock karanna puluwanda?

    ReplyDelete
  4. ටෙස්ට් කරලනම් නෑ මචෝ....
    ටිකක් ට්‍රයි කරලා බලහං...බැරි වෙන එකක් නෑ....
    ගූගල් එකේ සර්ච් පාරක් දාල බලන්න ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් වෙයි....

    ReplyDelete
  5. MACHAN................MAGE MOBITEL ZTE MF100
    DOUNGLE EKA OYA SOFTWARE EKEN GANNE NE NE

    ReplyDelete
  6. ane ow machan mageth mobitel doungle eken oka ganne ne...............................

    ReplyDelete
  7. machan wade easy ne mama kala ..no kattak.../////

    ReplyDelete
  8. මේකනම් නියමයි...වැඩ කළා....thank යූ හොදේ.... :D

    ReplyDelete
  9. Thanks prabath a LOT !!!!
    It worked

    ReplyDelete
  10. etisalat prolink phs300 dongle eke dashboad eka copy karala mata ewannako kawru hari

    ReplyDelete
  11. ce1588 dongle eka unloke karanne kohomada?

    ReplyDelete
  12. mhema unlock karata wadk na mewye speed eka adui unlock karapuwama

    ReplyDelete