Good morning everybody i 'm going to talk about .....නෑ නෑ ඕනේ නෑ ඉංගිරිසි මොකටද මෙච්චර කල් සිංහලෙන්නේ කෙටුවේ.අදත් සිංහලෙන්ම කොටන්නම්...අද වගේ දවසක සිංහලෙන් කෙටුවේ නැත්නම් කිසිම ගතියකුත් නෑ නේ...
ඔන්න කට්ටිය දැන් බලනවා ඇති මොකක්ද මම මේ කියන්න යන සුභ පණිවිඩේ කියල.සමහරු නම් ඔන්න දැනටමත් දන්නවත් ඇති...ඔන්න එහෙනම් කියන්නයි යන්නේ හැමෝම හොද ළමයි වගේ සද්ද නොකර අහ ගන්න ඕනේ....මේක කතන්දලයක් හොදේ....
ඔන්න එකෝමත් එක රටක හිටියලු.(ඔහොම නේද කතන්දර පටන් ගන්නෙ) පුංචි කුමාරයෙක්.මේ කුමාරය ටිකෙන් ටික ලොකු මහත් වෙනකොට මේ කුමාරයට රට තොට ගැන,අලුත් අලුත් දේවල් ගැන දැන ගන්න පුදුම ආසවක්ලු තියෙන්නෙ.මේ කුමාරයාගේ කාලෙ තාක්ෂනය හරි දියුණුයි හොදේ.මේ කුමාරයාගේ පිය තුමා කුමාරයට කොම්පිතරේ කියල මොකක්ද එකක් අරන් දීල තිබුනලු කුමාරයගෙ ඉගෙනීමේ වැඩ වලට පහසුවක් වෙන්න.කුමාරය හරි අදරෙයිලු ඒ කොම්පිතලේට.පුළුවන් හැම වෙලාවකම කොම්පිතලේ ලගමලු.
කුමාරයාගේ යාළුවන්ට තව ඔයා මොකක්ද අන්තර්ජාලය කියල මොකක්ද මන්ද දැලක් වගේ එකක් තිබුනලු.ඒක මාර දැලක්ලු.ලෝකේ තියන ඕන දෙයක් ඒ දැලෙන් දැන ගන්න පුළුවන්ලු.යාලුවෝ ඉතින් එක එක ඒවා ඔය දැලෙන් හොයන් ඇවිත් කුමාරයටත් ඔව්ව කියනවලු.කුමාරය හරිම අසාවෙන් ඒ දේවල් අහගෙන ඉන්නවලු.කුමාරයගෙ ගෙදර එහෙම දැලක් තිබුනෙ නැහැලු දැලට සම්බන්ද වෙන්ඩ ක්‍රමයක් තිබුනෙත් නැහැලු.
ඔන්න.........
කුමාරය ගොඩක් කල් මහන්සි වෙලා දැලට සම්බන්ද වෙන්ඩ පුළුවන් විදියෙ උපකරණයක් රන් කාසි ගොඩක් දීල වෙළෙන්දෙකුගෙන් ගත්තලු.පිය රජතුමාටවත් මව්තුමියටවත් කරදර නොකර කුමාරය උපයපු රන් කාසි වලින්මලු මේ උපකරණෙ ගත්තෙ.ඒකට ඔය මොකක්ද ඩොන්ගලේ ද කොහේදෝ නමක්ලු දාල තිබ්බේ.කුමාරයට ඉතින් ඕක ගත්ත දවසේ ඉදන් ගොඩක් සතුටුයිලු.කුමාරය එක එක ජාති හොයනවලු.පුදුම හිතෙන අලුත් අලුත් ගොඩක් දේවල් මේකෙ තියනවලු.
දවසක් කුමාරය ඔය දැලේ එහෙ මෙහෙ යද්දි කුමාරයට හම්බුනාලු තව කුමාරිකාවක් ඒ කුමාරිනම් ඉතින් කුමාරයට වඩා වැඩිමල් ලොකු කුමාරිකාවක්.මේ කුමාරිකාව කුමාරය මීට කලින් දැකල නැති විදියට කුමාරයගෙ භාෂාවෙන්ම එක එක දේවල් ලියනවලු,කරනවලු එයාගෙම අඩවියක් හදාගෙන.කුමාරයට හරි සතුටු හිතුනලු මේ අඩවිය දැකල,කුමාරය ඒ අඩවියට අලුතෙන් මොනවහරි එන එන ගානෙ ගිහින් ඒවා බලල කියල රසවිදින්න පුරුදු උනාලු.කුමාරය හොයල බලද්දී තවත් ඒ වගේ අඩවි කරගෙන යන කුමරයො කුමාරියො ගොඩක් ඉන්නව කියලත් දැන ගත්තලු.කුමාරය ඉඩ ලැබෙන හැම වෙලාවකම ඒ අඩවි වලටත් ගොඩ වෙලා යන්න අමතක කළේ නැහැලු.
ඔන්න දවසක් වෙනද වගේම කුමාරයගෙ මාලිගාවට හිරු කිරණ වැටිලා,ලස්සන මල් පිපිලා ලස්සන දවසක් උදා උනාලු.
එදා අහම්බෙන් වගේ කුමාරයට හිතුනලු මමත් මේ වගේ අඩවියක් පටන් ගත්තොත් හොදයි නේද කියල.එත් ඉතින් කුමාරයා ඔය එක එක අඩවි වලට ගියාට ඒ අඩවි කොහොමද කරගෙන යන්නේ කොහොමද ඒ අඩවිවල කුමාරයගෙ භාෂාවෙන්ම වැඩ කරන්නෙ කියල දැනන් හිටියේ නෑලු.කොහොම හරි කුමරයම දැලේ එහෙ මෙහෙ යන ගමන් ඕක ගැනත් හොයල බලුවලු.ඔහොම දැලේ යන කොට කුමාරයට හම්බුනලු තවත් අඩවියක් කරන් යන ලස්සන කුමාරයෙක් ඒ කුමාරයගෙ අඩවිය හරිම ලස්සනයිලු.පුදුම ලස්සනයිලු කුමාරයට ආස හිතුනලු මේ අඩවිය වගේ අඩවියක් මටත් ඇත්නම් කියල.කුමාරය ඒ අඩවිය අයිති කුමාරයට කතා කලාලු.
ඒ කුමරය හරිම හොද කුමරෙයෙක්ලු.හැබැයි ඉතින් එයත් මේ කුමාරයට වඩා ලොකු කුමරයෙක්ලු.කොහොම හරි කුමාරයා අර කුමාරයාගෙන් කොහොමද මෙහෙම අඩවියක් කරන්යන්නෙ කියල ,කොහොමද කුමාරයගෙ භාෂාවෙන්ම අඩවියේ ලියන්නෙ කියන්නෙ කියලත් ඉගෙන ගත්තලු.
ඊට පස්සේ ඉතින් අඩවියක් හදන්න ඔන්න කුමාරයා පටන් ගත්තලු.අර ලොකු කුමාරයා එයාගෙ උපරිමෙන්ම මේ කුමාරයට අඩවිය හදා ගන්න උදවු කලාලු.ගොඩක් මහන්සි වෙලා කොහොමහරි අඩවියත් හදාගෙන අනිත් කුමාර කුමාරිකාවෝ වගේ ගොඩක් ලස්සන වැදගත් දේවල් එයාගෙ අඩවියෙත් දැම්මලු .ඒ හැම දේකදිම අර ලොකු කුමාරයා මේ කුමාරයත් එක්ක හිටියලු.හැම වෙලේම උදවු කලාලු.
ඔන්න ඔහොම........තමන්ගේම අඩවියක් හදා ගත්ත කුමාරයා ඒකට නමක් දැම්මලු "මගේ හද ගැස්ම" කියල.කුමාරයගෙ හද ගැස්ම තරම්ම මේ අඩවියත් එයාට ගොඩක් වටින නිසාලු එහෙම නමක් දැම්මෙ.කොහොමින් කොහොම හරි අද වගේ දවසකලු ඉස්ස ඉස්සෙල්ලාම කුමාරය අඩවියේ දෙයක් දැම්මෙ.
හා දැන් කට්ටිය දන්නවද මේ කුමාරයා කවුද කියල....දන්නවනෙ අමුතුවෙන් කියන්න ඕනෙ නැනේ.....
ඔන්න ඒ කුමාරය පටන් ගත්තු අඩවියට අදට අව්රුදක් වෙනවලු....
අද ඉතින් ගොඩක් සතුටු දවසක්නේ.....
ඉස්සෙල්ලාම ස්තුති කරන්ඩ ඕනෙ පිරිසක් ඉන්නවා.....
මේ කුමාරයට උදවු කරපු.අර කුමාරයට හම්බුනා ලොකු කුමාරි ශෂිකා අක්ක එයාට ගොඩක් ස්තුති කරන්න ඕනෙ එයාගෙ බ්ලොගයේ ලියන දේවල් දැකල තමයි මට බ්ලොගයක් කරන්න මුලින්ම ආසාව ඇති උනේ...මේ තියෙන්නෙ එයාගෙ බ්ලොගයට යන පාර....
ඔන්න දැන් ගොඩක් ස්තුති කරන්න ඕන කෙනෙක් ඉන්නවා එයාට නම් ඉතින් කොච්චර ස්තුති කලත් මදි කියල හිතෙනවා.ඒ තරම්ම මේ බ්ලොග් මාවතේ මෙච්චර කාලයක් පියනගන්න රැදී ඉන්න එයාගෙන් ලැබුණු උපදෙස්,උදවු අපමණයි.
ඒ තමයි මම අර කිව්වා ලොකු කුමාරය....අපේ "චතුගේ කථා" ලියන චතුරංග අයිය.
ඔන්න අයියේ ඔයාටත් ගොඩක්ම ගොඩක්ම ගොඩක්ම ස්තුතියි !!! මේ හැම දෙයක්ම කියල දීල,මාව දිරිමත් කරල,අඩුපාඩු පෙන්නලා දීල,මට මේ තරම් දුරක් එන්න උදවු කලාට.
අඩුම තරමෙ Unicode කියන්නෙ මොකක්ද කියල දැනන් හිටියෙවත් නැති මට හැම දේම "අ" යන්නෙ ඉදල කියල දුන්නට ගොඩක්ම ස්තුතියි !!!! ගොඩක් පින් !!!
ඒ වගේමයි මගේ ලිපි බ්ලොග් පාඨකයෝ ගොඩක් දෙනෙක් අතරට ගෙනියන්ඩ උදවු කරපු සින්ඩි වල හැමෝටමත් ස්තුතියි !!!
ෆේස් බුකියේ ගෘප්,සින්ඩි,මට සහය දක්වපු ඒ ගෘප්,සින්ඩි හැම එකකම ඇඩ්මින්වරුන්ටත් ඒ ගෘප් වල යාලු මිත්රයින්ටත් ගොඩක් ස්තුතියි !!!
ඒ ගෘප් සින්ඩි ගැන නම් වශයෙන් සදහන් නොකලට ඔයාලගෙන් ලැබුණු සහයෝගය අති මහත්...නම් වශයෙන් සදහන් කලොත් ගොඩ දෙනෙක්ව සදහන් කල යුතු නිසයි එහෙම නොකලෙ.කාව හරි මග හැරුනොත් ඒක අඩුපාඩුවක් වෙයි කියල හිතෙන නිසා...
තවත් ගොඩක් දෙනෙක් ඉන්නවා මාව දිරිමත් කරල,මගේ ලිපි කියවල,මගේ බ්ලොගේ ෆලෝ කරල,කොමෙන්ට් කරල,ලයික් කරල,ෂෙයාර් කරල මාව මේ තරම් දුරක් ගෙනාපු කට්ටිය....
යන ෆලෝ කරපු අයටත්....
කොමෙන්ට් කරල මාව දිරිමත් කරපු,
තරුවා, Hasitha, ලකී වික්‍රමසිංහ, කෝඩුකාරයා, නිම්ශා, හිතුවක්කාරි, අඩවි රජ, මඩිස්සලේ නිශාන්, Sabith, සිහින සිත්තම්, Pradeep Gunarathna, Mee Godayaa, sAm (සෑම්), Lanka English Book Team (සිංහල ඉංග්‍රීසි වෙබ් අඩවිය), Kasun, සචිත් (sachith), dream boy, රාජ්, රෙප් මහත්තයා, Dude, amila chathuranga, ruby, Chathuranga Perera, Ravi, පොත් ගුල්ලා, වර්ණා, Harshana, ඔබ නොදුටු ලොවක්, චතුරංග ජයවර්ධන, මාධව - மாதவ - Madhawa, ලහිරු, නිකමා, දේවා ගේ අඩවිය, Chamikawp, Chiran, Wicharaka, Ama, තීර්ථ යාත්‍රිකයා, ella, Raigama, රත්නේ, Buddy --බඩී, RMC DEX, ඉන්දික, සසීන්ද්‍ර වීරසිංහ, පන්සල් හංදිය, Sanjaya සිතුවිලි, indi, sansarasidu, TL LANKA WEB, සහන්, Bindi, චතූ...... ඇතුළු අනෙකුත් යාලුවෝ හැමෝටමත් ගොඩක්ම ස්තුතියි !!! ඔයාල නිසයි මම මේ තරම් දුරක් ආවෙ....ඉදිරියටත් ඔයාල හැමෝම මාත් එක්ක ඉදී කියල විස්වාස කරනවා....
ඒ වගේමයි කියන්න ඕනෙ මට බ්ලොගයේ වැඩ කටයුතු වෙනුවෙන් මේ ගෙවුණු අව්රුද්දක කාලය තුල ලොකු දායකත්වයක් දෙන්න බැරි උනා. මගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කාලය කැප කරන්න උනා ගොඩක් .
කොහොමහරි ඉදිරියේදී මීට වඩා ලොකු කැපවීමකින් බ්ලොගයේ වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේමයි බ්ලොග් පාඨක ඔයාල හැමෝම වෙනුවෙන් ගොඩක් හොද දේවල්,රසවත් දේවල් ඉදිරියට තවත් ගෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.
ඉතින් අද වගේ දවසක මේ සතුට සමරන්න මේ කුමාරයත් එක්ක...(මදැයි දවසකට හරි කුමාරයෙක් උනා.. හි හි ) එක්වුණු ඔයාල හැමෝටම මගෙන් පොඩි සංග්‍රහයක් තියනවා...
ඔයාලට මේ සංග්‍රහය ගේන්න මට ගොඩක් මහන්සි වෙන්ඩ උනා..එත් ඉතින් ලොකු සතුටක් දැනෙනවා ඔයාල මාත් එක්ක ඉන්න එක ගැන....ඉතින් හැමෝම මේ සංග්‍රහය රසවිදින්න අමතක කරන්නත් එපා හොදේ....
ඉතින් අද වගේ දවසක මේ සතුට සමරන්න මේ කුමාරයත් එක්ක...(මදැයි දවසකට හරි කුමාරයෙක් උනා.. හි හි ) එක්වුණු ඔයාල හැමෝටම මගෙන් පොඩි සංග්‍රහයක් තියනවා...
ඔයාලට මේ සංග්‍රහය ගේන්න මට ගොඩක් මහන්සි වෙන්ඩ උනා..එත් ඉතින් ලොකු සතුටක් දැනෙනවා ඔයාල මාත් එක්ක ඉන්න එක ගැන....ඉතින් හැමෝම මේ සංග්‍රහය රසවිදින්න අමතක කරන්නත් එපා හොදේ....
මරු කේක් එක නේද..... ගොඩක් මහන්සි වෙලා හැදුවෙ..කැල්ලක් කන්ඩම ඕනෙ ඔන්න....
කේක් කාපු ඔයත් මේ වගේ නේද.....ලේන්සුත් තියල තියෙන්නෙ ප්‍රශ්නයක් වෙන එකක් නෑ...කැමති පාටකින් තොර ගන්න...
කැමති ජාතියෙ බීමකුත් බොන්ඩකෝ ..
හොදයිද සංග්‍රහය ???
එහෙනම් ඔන්න ආයිත් දවසක හම්බවෙමුකෝ...කුමාරයගෙ සතුට සමරන්න එකතු උන ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි !!!
හැමදාමත් මාත් එක්ක ඉන්න... ජයම වේවා !!!
සුභ උපන්දිනයක් කුමාරයානෙනි....
ReplyDeleteගින්දර කොල්ලෙක්නේ...
ReplyDeleteතව තව ලියපන්...
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
සුබම සුබ බ්ලොගීවසරියක් වේවා කුමාරයෝ
ReplyDeleteජය වේවා.
ඇයි බන් මේ කේක්,බීම වැල ෆොටෝ දැම්මේ?
දැන් ඉතින් කඩෙන් ගෙනල්ලා බොන්නයි හිතෙන්නේ.
සුබම සුබ උපන්දිනයක් වෙවා ඔන්න කුමරාණෙනි.... තව තවත් ලියන්න ශක්තිය ලැබෙන්න ඔනි ... දිගටම ලියමුකෝ එහෙනම්.
ReplyDeleteකේක් කැල්ලක් කාලම යන්නම්කෝ එහෙනම්..
සුභ පැතුම් !!!
ReplyDeleteඅහ්! මටත් ස්තුති කරලා..... ඒකට ස්තුතියි... :)
ReplyDeleteඔන්න කේක් කෑවෝ.බීමත් බිව්වෝ....
කිසි දේකට හිත කරදර කරගන්න එපා මලේ. අපි දිගටම ඉන්නවා.
වැඩි වැඩියෙන් ලියන්නට ධෛර්යය ලැබේවා! සුභ අනාගතයක්!
කේකුත් කෑවා.... බීමත් බිව්වා.... සුබම සුබ සංවත්සරයක් වේවා.... (මගෙ පින්තූරෙකුත් පලෝ ලිස්ට් එකේ දැම්මට ටැංකූ ඈ.... දගටම ලියපං... ජය...
ReplyDeleteඒ...එළනේ.....දාපං මචං පහක්....සුභම සුභ සංවත්සරයක් වේවා....එළ ඈ....
ReplyDeleteබොහොම ස්තුතියි යාලු !!!!
ReplyDeleteආයිත් අහල ගින්දරම තමයි....
ReplyDeleteබොහොම ස්තුතියි රජෝ !!!
සතුට වැඩිකමටයි බං එහෙම දැම්මෙ...
ReplyDeleteබොහොම ස්තුතියි!!!!
බොහොම ස්තුතියි නිමාෂා !!!!
ReplyDeleteකේක් රහයි නේද .....
මේ පැත්තට නිතරම ඇවිත් යන්න එන්ඩකෝ....
බොහොම ස්තුතියි ගිනි කුරුල්ලා !!!!
ReplyDeleteඔයාලගේ එක කමෙන්ටුවක් ගානෙ මට ලොකු ශක්තියක් ලැබෙනවා තව තවත් ලියන්න...
බොහොම ස්තුතියි අයියේ !!!!
ReplyDeleteඔයාලගේ ඒ සහයෝගය මට ගොඩක් වටිනවා...හැමදාමත් මමත් ඔයාලත් එක්ක...
බොහොම ස්තුතියි මචෝ !!!!
ReplyDeleteඅනිව ඔයාලගේ සහයෝගය මට මහ මෙරක් තරම් වටිනවා....
මම දන්නවා ඔයාල හැමදාමත් මාත් එක්ක ඉදී....
එල කිරි මචන්!!! මෙන්න පහක්....
ReplyDeleteඅනිව මචෝ....ඔයාලගේ මේ කමෙන්ටු දකිද්දී පුදුම සතුටක් දැනෙන්නෙ...
සුභ උපන්දිනයක් පුංචි කුමාරයෝ !!!
ReplyDeleteසමාවෙයන් මලේ ! මං පරක්කුයි... හැබැයි හිතන්න එපා උඹව අමතකයි කියලා. සතියක් ගිහින් හරි මම කියවන්න එනවා !!!
ඉතින්, කියන්න දෙයක් නෑ... මගේ බ්ලොග් ඇනිවසරිය දවසේ වගේම අදත් මට සතුටුයි බං ! පොඩි මල්ලියෙක්ට සරුංගලයක් හදලා දීලා මලයා ඒක උඩ යවමින් සතුටු වෙද්දි ඒ දිහා බලන් ඉන්න අයියා කෙනෙක්ට දැනෙන සතුට මටත් දැනෙන්නේ !
ආයේ ඉතින් අළුතෙන් මුකුත් කියන්න දෙයක් නෑ. කියන්න තියෙන එකම දේ නම්,
මල්ලියෝ, උඹේ හැකියාවෙන් උඹ තාම ප්‍රයෝජනයක් අරන් නෑ. උඹ ඉන්න ඕනේ මීට වඩා ගොඩක් හොඳ තැනක... අවුරුද්දක් ගියත් උඹ මේ ලඟදී නොවැ 10000 පැන්නේ...
හිට්ස් ගානින් සාර්ථකත්වය මනින්න බැරුව ඇති. ඒත්, උඹේ හැකියාවට හිට්ස් 50000 ක් නම් අනිවා තියෙන්න ඕනේ... ඒ ගැනත් හිතපන් !
අර කලින් දවසක ලිව්ව මාළු ටැංකියේ ප්‍රේමය වගේම, මේ රජ කථාවත් ලස්සනට නිර්මාණය කරලා තියෙනවා... ඒ වගේ වෙනස් දේවල් වලට තමා මම කැමතිම. ඒ වගේම ටෙක් ලිපි ටිකත් වැදගත්... පුළුවන් නම් ලියන්න බලන්න සඳරු වගේ ඔයාලගේ ගම් පැත්තේ කතන්දර ටිකක්. මොකද අපි කොළඹ ඉන්න උදවියට ඔය පැත්ත ගැන වැඩි දැනුමක් නෑ නොවැ...
නිතර දෙවේලේ කොමෙන්ට්ට නොකලට මගේ හද ගැස්ම එක්ක උඹ වගේම මමත් ඉන්නවා! ඒ නිසා මං කී දේවල් ගැන හිතුවොත් හොඳා... නැත්නම් උඹට කියන්න වෙන්නේ...
“අර ලොකු කුමාරයා දවසක් පුංචි කුමාරයට තර්ජනයක් කලා, ලිව්වේ නැත්නම් මරනවා කියලා...“
ජයෙන් ජය මලේ... උඹට තව දිග ගමනක් ෂුවර්... තව උනන්දුවෙන් යමු ! ආයෙමත් සුභ බ්ලොග් සංවත්සරයක්ම වේවා !!!
මන් අදද කොහෙද මේ පැත්තට ආවේ... දිගටම එන්නම් හොදේ යාලු..
ReplyDeleteඒ එනකොට මෙන්න බොලේ පාටියක්....
කැම කොතනද හිරු එතන...;)
අවුරුද්දකට පස්සේ හරි ඔන්න මම ආවා..ඔයාට සුබබ සුබ උපන්දිනයක් බ්ලොග් බබෝ...
තවත් අවුරුදු ගානක් ලියන් යන්න ශක්තිය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
ජයෙන් ජය..!!!
බොහොමත්ම ස්තුතියි අයියේ !!!! ඒත් මම බැලුව අයියගෙන් මොකද කමෙන්ටුවක් නැත්තෙ කියල.මේ දවස් වල වැඩ වැඩි ඇති කියල හිතුව.ඔයාගෙ කමෙන්ටුවක් එනකම් මග බලන් හිටියෙ..
ReplyDeleteඔව් අයියේ ඔයා කලින් සැරේකුත් කිව්ව වගේම මට බ්ලොගය වෙනුවෙන් උපරිමය කරන්න තවමත් බැරි උනා..ටෙක් ලිපි නම් ගොඩ කාලෙකින් ලිය උනේම නෑ....
ඉදිරියේදී ඔය හැමදේම සමබරව කරගෙන සදරු අයිය වගේ ගම් පළාතෙ සුන්දර රසවත් දේවල් ගැනත් ලියන්නම්කො....
අයියට තවත් වරක් ස්තුතියි කරනවා මට මේ තරම් දුරක් එන්න උදවු කලාට !!!!
යාලු ඔයාව මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා !!!
ReplyDeleteබොහොම ස්තුතියි ඔයාටත් !!! ඔයාලා "මගේ හද ගැස්ම " බලන්න එන තුරා මම කොහොමහරි ලියනවා...
නිතරම එන්න....