ඔන්න ඉතින් December 20 වෙනකොට exam ඉවර උනා.අප්පේ...........මම එදා නම් හිටියෙ ගොඩක් fun එකේ. TV. බලන්න,games ගහන්න, songs අහන්න,films බලන්න නිදහස මට හම්බුනා..ගොඩා........................ක් සතුටුයි.
ඔන්න ඉතින් නත්තල් සතිය උදා උනා.නත්තලට අපේ Railway station එකේ පට්ට වැඩක් කෙරුවා.ඒකට ඉතින් මාත් සුලුපටු විදියට help කලා. ahhh..............ඒකට මොකද අපෙ අයියයි අම්මයි නම් මුලු දවසෙම station එකේ....
මොකද්ද දන්නවද station එකේ සිද්ද උනු වැඩේ..........???????????
නත්තල් කියන්නෙ ලොකු පොඩි හැමොම සහභාගි වෙන උත්සවයක්නෙ.........ඉතින් අපේ ගමේ පොඩි ළමයින්ට නත්තල් සීයා කෙනෙක් අතින් පුන්චි පුන්චි තෑගි දෙන්න ලෑස්ති කලා.මේ idea එක දැම්මේ අපේ Station Master එයාගේ නමින් කීවොත් පුණයසිරි කුමාර.. එයාගෙ නම වගේම තමයි ඉතින් වැඩත්.......................
මේ වැඩේට help කරන්න ගමේ ඉන්න Christian Families වල අයත් එකතු උනා.........
ඔන්න ඉතින් කට්ටියම එකතු වෙලා නත්තලට කලින් දවසේ station එක සුද්ද කරල එහෙම වැඩේට බැස්සා. Station එක සුද්ද කරාට පස්සේ සංවිදායක මන්ඩලේ අය නත්තල් ගහක් එහෙම ගෙනත් Station එකෙන් තිබ්බා.තියලා ඒක වටේට Bulb වැල් දාලා සැරසුවා.ඒ විතරක්ද,ගව ලෙනකුත් හැදුවා.හරිම ලස්සනයි.......කියල වැඩක් නෑ ඉතින්..............
ඔන්න පුන පුනා බලා සිටිය දිනය වුදා වුනා.නත්තල් සීයා එනවා කියල දැන ගත්තු පොඩි ලමයි නත්තල් දවසෙ උදේ ඉදන් නත්තල් සීයගෙන් තෑගි ගන්න යමු කියල අම්මලාටයි තාත්තලාටයි කරදර කරනව ඉවරයක් නෑ...
අපේ ගෙදරට පල්ලෙහා ගෙදරත් පොඩි බට්ටො දෙන්නෙක් ඉන්නවා.ඒ දෙන්නත් උදේ ඉදන් යන්න පොරේ......
උදේ 10.30 ට විතර තමයි නත්තල් සීය එනව කියල තිබුනෙ.එත් මේ පොඩ්ඩො දෙන්න වගේම වටේ පිටේ අනිත් පොඩ්ඩොත් උදේ 10 විතර ඉදන් station එකේ.10.30 විතර වෙනකොට station එක පොඩ්ඩන්ගෙන් වගේම ලොක්කන්ගෙනුත් පිරුනා.
ඔන්න ඉතින් පොඩ්ඩන්ටයි ලොක්කන්ටයි ඉවසිල්ලක් නෑ. මේ නත්තල් සීයා එනකම්.ඔන්න ඉතින් නත්තල් සීයා 10.45ට විතර cab එකකින් station එකට ආවා.( එයාට එන්න පිණිමුවෝ හොයාගන්න බැරි වෙලා...)
අප්පේ........නත්තල් සීයාට වාහනෙන් බහින්නත් නෑ පොඩ්ඩො ටික වාහනේ දොර ගාව.ඉතින් නත්තල් සීයා බොහොම අමාරුවෙන් පොඩ්ඩො ටිකට පිටිපස්සට යන්න කියල බොහොම අමාරුවෙන් වාහනෙන් බැස්සා.
වාහනෙන් බැහැපු නත්තල් සීයව පේන්නෙ නැති තරමට පොඩ්ඩො සීයව වට කරගෙන හිටියෙ.
අප්පේ.............පොඩ්ඩො පොරකාපු තරම්.මේ පොඩි එවුන් ටික සීයාගෙන් තෑගි ගන්න ගියෙ අහක හිටපු අහිංසක අපිවත් පෙරලගෙන.
ඔන්න ඉතින් නත්තල් සීයා ගොඩක් අමාරුවෙන් පොඩි පොඩි ළමයින්ට ටොෆි,චොක්ලට් වගේ දේවල් දුන්නා.ටිකක් ලොකු ළමයින්ට ඒ කියන්නෙ 1 ,2 ,3, 4, 5 වසරවල් වල ඉන්න ලමයින්ට පොත්,පෑන්,පැන්සල් වගේ දේවල් දුන්නා.
නත්තල් සීයා පවු කියල හිතුන තව මාමා කෙනෙක් නත්තල් සීයගේ මල්ලෙන් ටොෆි,චොක්ලට් වගේ දේවල් අරන් බෙදුවා. ඔන්න දැන් මාමාගෙයි නත්තල් සීයගෙයි පස්සෙන් ලමයි වගේම ලොකු අයත්,ඒ කියන්නෙ අම්මල තාත්තලත් මේ තෑගි ගන්න පොර කෑවා.දැන් ඉතින් මේ දෙන්න බෙදනව ඉවරෙකුත් නෑ...කට්ටිය පොර කනව ඉවරෙකුත් නෑ.........
අනේ ඉතින් ඔන්න බැරිම තැන සීයා ටොෆි ඈතට විසික් කලා ,මොකද දන්නවද ?????? සීයාට හුස්ම ගන්නවත් ඉඩක් නෑ, ටොෆි විසික් කලාම ළමයි ඒව අහුල ගන්න ඈතට දුවනවනෙ එතකොට සීයා නිදහස්නෙ.
කොහෙද..ටොෆි විසික් කලත් මේ ළමයි නෙමෙයි ඒව අහුල ගන්න දිවුවෙ.ඒව අහුල ගත්තෙ පැත්තකට වෙලා හිටපු අම්මල තාත්තලා තමයි...
කොහොම කොහොම හරි ඔන්න නත්තල් සීයා ළමයි හැමෝටම මොන මොනව හරි දීල ආපහු වාහනේට නැග්ගා.නත්තල් සීයා වාහනේ glass එක ඇරගෙන හිටියෙ. වාහනේට නැගපු Driver uncle ඔන්න කලින්ම glass එක වහගෙන හිටියෙ වැඩේ හරියන් නැති බව දැනගත්තු නිසා. ඔන්න ඉතින් මේ ළමයි glass එකෙන් අත දාලත් ටොෆි ඉල්ලනවා.glass එකෙනුත් ටොෆි දීලා බැරිම තැන,නත්තල් සීයා glass එකත් වහගෙන ඉක්මනින්ම යන්න ගියා.
ඔන්න ඉතින් නත්තල් සීයා ගිය ගමන් ඇවිත් හිටිය අම්මලයි තාත්තලයි පොඩ්ඩො ටිකයි සේරමලා යන්න ගියා.අන්තිමට ඉතින් ඉතුරු උනේ සංවිදායක මන්ඩලේ හිටපු අය විතරයි.
අනේ ඉතින් අපිට තෑගි හම්බුනෙත් නෑ.අන්තිමට අපිට සිද්ද උනේ පොඩ්ඩොයි ලොක්කොයි එකතු වෙලා හැඩි කරල ගියපු station එක අස් කරන්න.
ඔන්න ඔහොම තමයි ඉතින් අපි 2013 වල Christmas එක Celebrate කලේ .......................
එදා දවසේ ගත්ත photos ටික අයියා කෙනෙක්ගෙන් හම්බෙනකම් බලන් හිටියා හිටියා හම්බෙන පාටක් නෑ...photos ඕන නෑ පෝස්ට් එකවත් දානවා කියලා හිතුනා.ඔන්න ඉතින් මාස ගානක් ඉවසලා බැරිම තැන පෝස්ට් එක දැම්මා..... Photos හම්බුනොත් දාන්නම්කෝ.....
පින්තුර Google දෙයියා ගෙනි...
හෑ ... මාස 3ක් ගියාද මේක ලියන්න :)
ReplyDeleteයකෝ නත්තල් සමරන්නෙ දැංද... හැක් හැක්......
ReplyDeleteඅපේ අයට නිකං දෙයක් දෙනව නං ඊට වඩා දෙයක් නෑ... හැබැයි දමිත් කාටහරි කීව නං ඇවිත් උදව්වෙන්න මේකට සම්මාදං වෙන්න කියල...
උඹට හොයාගන්න එකෙක් නැතිවෙයි