මීට මසකට පමණ පෙර,හරියටම කිව්වොත් පසුගිය ජූනි මස 5 වෙනිදා බ්‍රිතාන්‍ය ආණ්ඩුව එරට තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ නිකුත් කල වාර්තාවකින් කියවුනේ සෑම මිනිත්තු 40 කට වරක්ම ෆේස්බුක් නිසා අපරාධයක් සිදුවන බවයි.මේ ගණනය කිරීම කරලා තියෙන්නෙ බ්‍රිතාන්යෙන් පමණක් ලැබෙන පැමිණිලි වලට අනූවයි.වෙනත් රටවල් වල පැමිණිලි සමග බැලුවොත් මේ සදහන් කරපු ප්‍රමාණයට වඩා වැඩි අපරාධ ගන්නක් සිදුවන බවයි හැමෝගෙම නිගමනය.
මෙම ලැබී තිබෙන පැමිණිලි අතර මිනී මැරුම්,ස්ත්‍රී දුෂණ,ළමා අපචාර,පැහැර ගැනීම් ආදී අපරාධ ගනයෙහි ලා සැලකෙන අපරාධ බොහොමයක් තිබෙනවා.මේ අපරාධ වලට බොහොමයක් හේතු වෙලා තියෙන්නෙ ඕනෑම කෙනෙකුට ව්‍යාජ නමකින්,ව්‍යාජ ජයාරූප ඇසුරෙන් ව්‍යාජ චරිත ගොඩනංවා ගන්නට ෆේස්බුක් ඉඩදී තිබීමයි.බොහොමයකගේ අදහස මේ ෆේක් එකෞන්ට් නිසා අපරාධ වල සීග්‍ර වර්ධනයක් අති බවයි.
මේ පිලිබදව වෙන වෙනම පාර්ශව දෙකක් අදහස දක්වල තියෙන්නෙ මෙහෙමයි...
මහජන ආරක්ෂාව තහවුරු කිරීම ගැන උනන්දු පිරිස් කියනවා."ව්‍යාජ හදුනා ගැනීම් අපරාධ වලට රුකුල් දෙන්නක්"කියල..ඒ වගේම පුද්ගලිකත්වය ආරක්ෂා කර තබා ගතයුතුයි තර්ක කරන්නන් එකහෙලාම කියන්නෙ "ෆේස්බුක් තුලින් ඕන හැටියකට පෙනී සිටින්නට කටත් අයිතියක් තිබිය යුතු බවයි"ඒ නිසාම රටක නීති රීති ඒ අයුරින්ම අන්තර්ජාලයට ගෙන නොයා යුතු බවයි....
එහෙත් ආරක්ෂක බලධාරීන්ගේ තීරණය මිට වඩා වෙනස්,ඔවුන් කියන්නෙ ෆේස්බුක් එක් වෙබ් සේවයක් උනත් තම තමන්ගේ රටවල පිළිගත් නීති රීති පද්ධතියකට යටත්ව එහි කටයුතු කල යුතු බවයි.එසේ නොකරන තැන අපරාධ සිදුවන්නේ අන්තර්ජාලය තුල නොව මේ මහා පොලව මත බවයි ඔවුන්ගේ අදහස.
මේ තත්වය තව තවත් නරක අතට නොයා පාලනය කල හැක්කේ ෆේස්බුක් බලධාරීන්ට බවයි බොහෝ දෙනෙකුගෙ අදහස..ඒ සදහා යම් යම් ක්‍රියා මාර්ග ගන්නටත් ෆේස් බුක් බලධාරීන් තීරණය කරලා..
වයස අවුරුදු 18 ට අඩු,බාල වයස් කරුවන්ගේ ෆේස් බුක් ගිණුම වලට තදබල සිමා පනවන්න කටයුතු කරන්න දැනටමත් තීරණය කරල.අනෙක් අතට පුද්ගලයින්ගේ අනන්‍යතාව තහවුරු කල හැකි විශ්වාසනීය ක්‍රමයක් ෆේස්බුක් වෙත එකතු කරන්නටත් බලධාරීන් කටයුතු කරමින් ඉන්නවලු.
පසුගිය ජුනි මස 18 වෙනිදා ෆේස්බුක් බලධාරීන් ඊශ්‍රයලයට අයත් ෆේස් ඩොට් කොම් (www.face.com) අඩවිය මිලදී ගැනීමත් සමග ෆේස් රෙකනයිස් හෙවත් මුහුණු හදුනා ගැනීමේ තාක්ෂනය ෆේස්බුක් සදහා එක් කරන්නට ඔවුන් තීරණය කරලා.විවිධ ජයරුපවල එකම පුද්ගලයෙක් විවිදාකාරයෙන් සිටියත් ඔහු හෝ ඇය නිවැරදිවම හදුනා ගැනීමේ තාක්ෂණයක් මේ සේවාව සතුයි...
මේ නිසා ඉදිරියේදී ෆේස්බුක් හි සිටින සියලු දෙනාටම තම තමන්ගේ ඇත්ත ජයාරූප භාවිතා කරන්නට සිදුවේවි.ඒ වගේම දැනට ෆේක් නම්,ෆේක් ෆොටෝස් වලින් ෆේක් ගිණුම භාවිතා කරන්නන්ට සත්‍ය නම් සහ ෆොටෝස් භාවිතයෙන් ගිණුම පරිශීලනය කරන්නට වේවි.එහෙම නොවුනොත් ෆේස්බුක් බලධාරින් විසින් ඔබව ෆේස්බුක් සමාජ ජාලයෙන් නෙරපා දැමීමක් සිදු වේවි.
මුළු මහත් ලෝකයේම යහපත වෙනුවෙන් ඔබටත් මේ නීති රීති වලට අනුගතව කටයුතු කරන්නට වෙන දිනය ඉතාමත් ලගයි...ඉතින් දැම්ම තියාම මේ නීති රීති වලට එකගව ෆේස්බුක් හි කටයුතු කලොත් ඉතාමත් හොදයි.ඔබටත් අන් අයටත් එයින් විශාල පහසුවක් වේවි....
අන්තර්ජාලය හා පුවත්පත් ඇසුරෙන් සකස් කරන ලදී....
ඔයාලගෙ අදහසුත් කොමෙන්ටු අනුසාරයෙන් පල කරන්න....
Datanama Kiyathmakai vaga Maga Account akth Fake kiylla Suspend karalla Login vankota Yaluvo upload karapu Photos haduna gana kiynva. api danvai apa yaluvo upload karpu Photos a athin facebook hari Modai
ReplyDeleteතවත් මොන අදහස්ද ඉතිං.. උන්ට ඕන කෙහෙම්මලක් කරගත්ත දෙන්.. :/
ReplyDeleteඅපෝ ෆේස් බුක් චැටක් දාන්න ඕන වෙච්ච වෙලාවක මිසක් මමනම් යන්නේ නෑ
ReplyDeleteමේ දේ වෙනවනම් ගොඩාක් හොදයි..වර්තමානයේ ෆේස් බුක් තුල තියෙන ෆේක් ප්‍රොපයිල් දැක්කම ලංකාවේ මේ සෙනගට ඉන්න තරම් ඉඩක් තියෙනවද කියන එකත් ගැටලුවක්..මගේ අත්දැකිම් අනුව වැඩිම ෆේක් ප්‍රමාණයක් තියෙන්නේ පිරිමින් විසින් කාන්තාවක් යැයි හැගවෙන අයුරින් සකස් කල ව්‍යාජ ගිණුම් වේ.ඊට අමතරව එහි අනිත් පැත්තත් ඒ තරමින්ම නැතත් යම් මට්ටකින් ක්‍රියාත්මක වන බව පෙනේ. ප්‍රසිද්ධ පුද්ගලියින් අනුකර්ණය කරමින් ව්‍යාජ ගිණුම් පවත්වා ගෙන යාම සහ පෞද්ගලික පලිගැනිම් අරඔයා ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යන්නවුන්ද සිටියි..මීට අමතරව වාර්තා වන අලුත්ම සිද්ධිය වන්නේ බුදු දහමට ඉතා පහත් ලෙස අපහාස කරමින් අන්තවාදි ක්‍රිස්තියානි කණ්ඩායම් විසින් කරගෙන යන ව්‍යාජ ගිණුම් වේ. මීට අමතරව ආගම් හා ජාතින්ට ( විශේෂයෙන්ම සිංහල බෞද්ධයින්ට අපහාස කිරිමට) වෙනත් අන්තවාදි සංවිධාන හා කණ්ඩායම් පවත්වාගෙන යන සිංහල සංවිධාන වල පිටු වලට සමාන ව්‍යාජ පිටුද ඉතා විශාල සංඛ්‍යාවක් අනාවරණය කරගෙන ඇත. මේ දේවල් වහා නැවැත්විය යුතුව ඇත.එමනිසා යම් ප්‍රායෝගික ක්‍රමවේදයක් ඔස්සේ සියලුම ව්‍යාජ ගිණුම් වසා දැමිමට වහා පියවර ගත යුතුව ඇත. ඒ මගින් යම් පිරිසක්( මාද ඇතුලු බ්ලොග් කරණයේ නියුතු වුවන්) අපහසුතාවයට පත්වන බව සැබැය.නමුත් සියලු දෙනාගෙම යහපත උදෙසා ඔවුන් සියලුදෙනාගෙම සහයෝගයද ලබාදිය යුතුය..
ReplyDeleteAne manda ! Mata nam therenne ne appa.
ReplyDeleteඕකේ දෙපැත්තක් තියනවා.එක අතකට හොඳයි කියන්නත්,අනිත් අතට නරකයි කියන්නත් පුළුවන්!
ReplyDeleteහොද දෙයක් හොද විදිහට භාවිත කරන්න මිනිස්සු දන්නෙ නැති නිසයි හැම දේම !
ReplyDeleteෆේස් බුක් එක යාළුකම් වලටත් බ්ලොග් එක වෙනම අඩවියක් ලෙසත් පවත්වා ගැනීමයි කරන්න ඕන . මි පැණි වුනත් වැඩිය කනකොට එපා වෙනවනේ . කොයි දේත් පමණට හොඳයි. ළමයින්ට නම් අන්තර්ජාලයේ සමාජ ජාල වල භයානකකම කියාදෙන එක අපේ වගකීම
ReplyDeleteටැග් වෙන,අප්ලෝඩ් වෙන ෆොටෝස් ප්‍රමාණය අනුව කොහෙත්ම ෆේස්බුක් වල තියන ඔය ආරක්ෂක උපක්‍රමයට සාර්ථකව මුහුණ දෙන්න බෑ...නමුත් ඒ වෙනුවට විකල්ප ක්‍රමත් ෆේස්බුක් විසින්ම සපයල තියෙනවා..
ReplyDeleteකොහොමත් ෆේක් එකවුන්ට් වලට එලබිල තියෙන්නෙ නරක කාලයක්....
ප්‍රතිචාරයට ස්තුතියි !!!
ඇත්තටම කිව්වොත් බට්ටෝ....
ReplyDeleteෆේස්බුක් බලධාරීන්ගේ පැත්තෙන් සහ ෆේක් එකවුන්ට් නිසා අපරාධ වලට ගොදුරු වන්නන්ගෙ පැත්තෙන් ගත්තොත් ඒ අය මේ අරගෙන තියෙන තීරණය සාධාරණයි....
වැඩේ වෙලා තියෙන්නෙ අපරාධ සදහා නොව පුද්ගලික ආරක්ෂාවටත්,වෙනත් අන්තර්ජාලය තුල ක්‍රියාකාරකම් සදහාත් ෆේක් එකවුන්ට් සාදපු පිරිසටයි....යම් පිරිසකට යම් ආකාරයක අසාධාරණයක් උනත් බහුතරයකගේ යහ පැවැත්ම උදෙසා මේ අරගෙන තියන පියවර සාධාරණයි...
ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි බට්ටෝ...
බලමුකෝ ඉස්සරහට මොනවා වෙයිද කියල...
ඒකත් එක්තරා ආකාරයකින් හොදයි....
ReplyDeleteමොකද බුකියට විනාඩි 10 යකට ගියොත් එන්ඩ වෙන්නෙ පැයකට විතර පස්සෙ...
ෆොටෝස්,ස්ටේටස් දකිද්දි කමෙන්ටුවක්.ලයික් නොදා ඉන්ඩ හිතෙනෙම නෑ....
මේ පැත්තට ඇවිත් ප්‍රතිචාරයක් තිබ්බට ගොඩක්ම ස්තුතියි!!!
ඇත්තටම ඔව්..ඔබ කියල තියන දේට මමත් 100% ක් එකග වෙනවා.මමත් දැකල තියෙනවා,ෆේක් එකවුන්ට්,පේජස් හදාගෙන විවිදාකාරයෙන් බුදු දහමට,සිංහල ජාතියට,අපේ රටේ සාඩම්බර ඉතිහාසයට වින කරන පිරිස් බොහොමයක්ව.කොච්චර රිපෝර්ට්,බ්ලොක් කරත් නැවත ඒ අය ෆේක් ප්‍රොෆයිල් ඔස්සේ ෆේස්බුක් හි විනාශකාරී වැඩ කරගෙන යනවා...
ReplyDeleteබ්ලොග් ලියන ඇතැම් සහෝදර,සහෝදරියන්ටත්,අන්තර්ජාලය තුල යහපත් චේතනාවෙන් ෆේක් එකවුන්ට් සාදාගෙන ඉන්න පිරිසටත් යම් ආකාරයක අසාධාරණයක් උනත් මේ අරන් තියන ක්‍රියා මාර්ගය ඇත්තටම හොදයි...
එයින් සැලසෙන පහසුව සහ ආරක්ෂාවෙහි උසස් බව ඉතාම වැදගත් ලෙස ෆේස්බුක් හි සියලු සාමාජිකයන්ට බලපානවා....
ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි!!! සහෝ....
හි...හි...
ReplyDeleteදැන්ම තෙරුන් නැති උනාට ඉදිරියේදී වැටහෙයි...
මොන දේ උනත් ඒ යහපත් උදෙසායි...
මේ පැත්තට ඇවිත් කමෙන්ටුවක් දැම්මට බොහොමත්ම ස්තුතියි!!!
ඔව් ඇත්තෙන්ම...
ReplyDeleteනමුත් හොදට සාපේක්ෂව නරක වැඩි නිසා තමයි මෙහෙම පියවරක් ගන්න වෙලා තියෙන්නෙ...
කමෙන්ටුවක් දැම්මට ගොඩක් ස්තුතියි!!!
අන්න හැරී සෑම් අයියේ...
ReplyDeleteමිනිස්සුන්ට හොද දේ කරල ප්‍රයෝජනයක් ගන්න යමක් හදුන්වා දුන්නාම විදිපුර මිනිස්සු කරන්නෙ ඒ දෙයින් අයුතු ප්‍රයෝජන ගන්න එකම තමා...
මෙතන වෙලා තියෙන්නෙත් එකම තමා...
බොහොම ස්තුතියි ප්‍රතිචාරයට!!!
ඔව් ඇත්තෙන්ම මාත් එකගයි ඔයාගෙ අදහසට...
ReplyDeleteබ්ලොගයයි,ෆේස්බුක් එකයි වෙන වෙනම ගෙනියන්න පුළුවන් නම් ඇත්තෙන්ම බ්ලොග් ලියන අය කිසිදු අපහසුතාවකට ලක්වෙන් නෑ...
ෆේස් බුක් එකේ උදේ ඉදන් හවස් වෙනකම් ඉන්න පිරිසකුත් ඉන්නවා...ඒ අයට ඉතින් වෙන වැඩක් ඇත්තෙම නැතිව ඇති.
ළමයින්ගෙ පැත්තෙන් බැලුවොත් මේ අරන් තියෙන ක්‍රියා මාර්ගය 100% ක් සාධාරණයි!!!
ළමා පරපුර රැක ගන්න නම් මෙවන් දෙයක් නොකර බෑ..ගොඩක් දුරට අපරාධ වලට ගොදුරු වන්නෙ බාල වයස් කාර දරුවන්...
ඒක නිසා බහුතරයකගේ හිත සුව පිණිස ගත්තු මේ ක්‍රියා මාර්ගය ඇත්තටම සාධාරණයි!!!
බොහොම ස්තුතියි ප්‍රතිචාරයට!!!
හැම දෙයකම හොද වගේම නරකත් තියෙන්න පුලුවන්... මමනම් දකින්නේ ෆේස් බුක් තරම් සාර්තක නෙට්වර්ක් එකක් නැහැ වෙන.. ගොඩක් අය මෙහෙම කරන එකෙන් අපේ ෆෝන් එක වගේ අපේ ෆේසිබුක් එකත් රජයට හැක් කරගන්න දෙන්න වෙයි ලගදිම...
ReplyDeleteඔව් ඇත්තෙන්ම මාත් එකගයි ඔයාගෙ අදහසට...
ReplyDeleteබොහොම ස්තුතියි ප්‍රතිචාරයට!!!