කළ ගෙඩියක් තරම් ඔළු ගෙඩියේ අල ගෙඩියක් තරම් මොළ ගෙඩියක් ඇතැයි කීවද අප දන්නා කෙං ගෙඩියක් නැත.හැම ගහේම ගෙඩි තිබේ.ඒවා හැදෙන්නේ ඇට වලිනි.නමුත් කජු පුහුලන් ගෙඩියේ ඇටය හෙවත් කජු ගෙඩිය එලියේය.ගහක උඩ ගෙඩියක් ගෙඩියක් උඩ ගහකි.ඒ අන්නාසි ගෙඩිය නම වේ.අපේ රටේ ගෙඩි වෙද්දු වෙති.වායු ගෙඩි,සෙම ගෙඩි,කුරුලෑ ගෙඩි මෙන්ම ඉදිමුණු බඩ ගෙඩිද තිබේ.
විසර ගෙඩි නමින් හදුන්වන ලේ ගෙඩි හටගත් කළ ඇවිදින්නේ මොස්තරයකටය.ගෙඩි ගැසීම යනු තඩිස්සිවිම වන අතර ගෙඩිය ගැසීම වැඩ පොලේ හා පන්සලේ සිදු කරන සංගුව නාද කිරීමය.
අන වින වලදී දෙහි ගෙඩි පිරිත් කර කපා දමයි.පිළිගැනීම් කරන්නේ පොල් ගෙඩි දෙපළු කිරීමෙනි.පලි ගැසීම කරන විටද පොල් ගෙඩිය කුඩුවන්නට ගලේ ගසයි.තොවිල් නැටිමේදී වස් දොස් තුරන් වීමට පුහුල් ගෙඩියක් කැවිම සිරිතකි.මියන්ට බැරිවූ එකම ක්‍රියාව පුසන්ගේ කරේ මිනි ගෙඩිය එල්ලිමය.වංගෙඩිය දැන් ගමබද කුස්සියේ පවා දක්නට නැත.අද වැඩි දෙනාගේ කතා බහට ලක් වී ඇත්තේ බනිස් ගෙඩියට,පාන් ගෙඩියට වූ සංගෙඩියයි.
පොර පොල් ගැසීමේදී යක් ගෙඩිය විශේෂ තැනක් ගනී.ඒවා ලබූ ගෙඩිය තරම් විශාල නොවේ.අලියා ගිලින දිවුල් ගෙඩිය,මද වෙලාවකින් ඇතුල පමණක් ජීර්ණය වන ගුණය ඇත.මහින්ද හමුදුරුවන්ගේ කවියකින් “ඇස්ගෙඩි වලට හෙන ගහලද"කියා අපෙන් ප්‍රශ්න කරන අතර ආදී කාලයේ වෙරළු ගෙඩිය හරි අටකට කපාගත් යහළුවන් ගැන කියවේ.කරුංක ගෙඩිය පුවක් වෙලා ලබා ගනී.අඹ යහළුවන් යනු ගෙඩි හැදෙන කලට ලංවී සිටින මිතුරන්ය.කාන්තාවන් ගැන කතා කරන විට ගැටය,ගෙඩිය යන වදන්ද වැල ගෙඩිය යන විශේෂන පද යොදා ගනිති.බත් පාර්සලය අද ලන්ච් පැකට් නමින් හදුන්වන නමුදු පොදු වයවහාරය බත් ගෙඩියයි.පාත්තර ගෙඩිය යනු අට පිරිකරට අයත් වස්තුවකි.එය තැබීම සදහා යොදා ගන්නේ ගෙන්තර පඩිය නම් අඩියකි.පෙරහැරට වාදක පිරිස බෙර ගෙඩි බැදගෙන එති.ඒ අතර හක්ගෙඩි පිබින්නෝද වෙති.ගමේ පෙරහැරට නොනවත්වාම හක්ගෙඩි පිබිම නිසා ඇතිවූ හදිය අප අසා ඇත.සෙම් ගෙඩි තරම් පහසුවෙන් එය සුව නොවේ.
ඉස්සර කැවුම් ගෙඩි දක්නට ලැබුනද අද මගුල් තේ මේසයේ උඩ තිබෙන්නේ කේක් ගෙඩියකි.පැලපි ගෙඩිය වෙලුනු පොල් ගෙඩිය තුල හට ගනී.කරත්ත,තිරික්කල අදියේ බෝස් ගෙඩිය ප්‍රදාන උපාංගයක් වන අතර අද සැහෙන මුදලක් ගස් යාමට අය කරන නමුත් එදා කුලියට එක ගහට එක බැල ගෙඩියකි.මේවා සිතන විට අපි දන්නේ මොන ඉටි ගෙඩිය දැයි කල්පනා වෙයි.
ගෙඩි හොද ආහාර උව තහනම් ගෙඩි කෑම දංගෙඩියට යාමට හෝ කුළු ගෙඩියට හිස දීමක් විය හැකිය.අනුන්ගේ උඩ ගෙඩි දීම වූව එවැනි දේ සිදුවී තිබේ.පෙළපාලි යාමේදී දෙපාර්ශයවම අවශ්‍ය ගල් ගෙඩියයි,පොල් ගෙඩිය හැදෙන ගස් වල දෙල් ගෙඩි හැදෙන්නේ නැත.මුංගෙඩිය නමැති රස කැවිලි තැනීමේදී ඇට අබරා ගුලිකර ගත යුතුය.නාලාගිරි ඇතු බුදුන් ඉදිරියට ආවේ කළ ගෙඩි අටක් රා පානය කළ පසුව බව කියවේ.බරවා කකුල් වල ඉදුණු මිදී ගෙඩි තරම් ගැට තිබේ.පහු ගිය කාලයේ ආසනික් ගැන විවිධ මත පල වූවත් පොළොන්නරු ගොවියෝ අත්තන ගෙඩි දෙසවත් නොබලති…..
ඔන්න ඔහොමයි ගෙඩි වල සංගෙඩිය…..
ජය වේවා!!! ඔන්න එහෙනම් කොමෙන්ටුවකුත් දාල යන්න අමතක කරන්න එපා…..
ගෙඩි ගැන නොදන්න කෙං ගෙඩි කියා දුන්නාට ඔබට ප්‍රනාමය :)
ReplyDeleteඅනේ බං මලේ, බොගේ ඔළු ගෙඩියට මේ වගේ අල ගෙඩි කොහෙන් ආවද මන්දා ?
ReplyDeleteමලයට කියන්නම හිටියේ... බ්ලොග් එක ටිකක් අප් කරලා ගම්මු නේද ? බලපන් !!! මාස 07 ක් ගිහිල්ලා උඹේ හිටි කවුන්ටරේ කොහොමද කියලා ? උඹ උඹේ බ්ලොග් එක හරියට ප්‍රමෝට් කරලා නෑ කියලා මට හිතෙන්නේ... 2012 අවුරුද්ද අපි මේක නග්ගලා ගමු...
ප්‍රසිද්ධියේ බැන්නට තරහ ගන්න එපා... දිගටම ලියපන්... ජයවේවා !!!
@Sabith
ReplyDeleteගොඩක් ස්තුතියි සහෝ....
@Chathuranga Perera
කිසිම අව්ලක් නෑ අයියෙ....
මමත් ඕක ගැන හිතුවා....ගිය අව්රුද්දෙ මගෙන් බ්ලොග් එකට ලොකු දෙයක් කරන්න බැරි උනා....මේ අව්රුද්දෙ ඒ හැම දෙයක්ම හරි යාවි...
ප්‍රතිචාරයට ගොඩක් සතුටුයි අයියෙ....