ගොඩක් කාලෙකට පස්සෙ ඔන්න මම බ්ලොග් එක පැත්තේ අවා.2012 අව්රුද්දෙ පලවෙනි පොස්ට් එක…ඔන්න මේ ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන ප්‍රීතිමත් වසරක් වේවායි පතනවා හැමෝටම …අද මට කියන්න හිතුන පුංචි කතාවක් …කතාව කියවල බලන්නකෝ කොහොමද කියල….
”ගුණදාස” යනු කන්තෝරුවේ සිටි ඉතාම ගුණ යහපත් පුද්ගලයාය. ඔහු මස් මාංශ අනුභවයෙන් තොරව දැහැමි ජීවිතයක් ගත කරන අයෙකි. ඔහුගේ එකම දියණියගේ විවාහ මංගල උත්සවය ඉතා ඉහළින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කොට, සතියක නිවාඩුවක් ලද ගුණදාස, තම කන්තෝරුවේ සිටි සියලු දෙනාටම ආරාධනා කිරීමට ද අමතක නොකළේය. නියම කරගත් පරිදි නියමිත දිනයේදී මංගල උත්සවය පවත්වන ලදි. ගමේ සියලු හිතමිත‍්‍රාදීන් මෙන් පවුලේ ඥාති පිරිස ද ගුණදාසගේ දියණියගේ විවාහ මංගල උත්සවයට පැමිණ සිටියහ. ඒ සමඟම ගුණදාසගේ කාර්යාලයේ කාර්ය මණ්ඩලය ද නියමිත වේලාවට නිවසට ගොඩවූහ. ගුණදාස හා ඔහුගේ බිරිය කාර්යාලයේ සහෝදර සේවකයන් සාදරයෙන් පිළිගත්හ.
අනතුරුව දිවා ආහාරයට පෙර තේපැන් සංග‍්‍රහයක් උදෙසා වෙන්කරනු ලැබූ කාමරය වෙත ඔවුන් කැඳවනු ලැබූයේ, දිවා ආහාරයට පැයක පමණ කාලයක් ඉතිරිව තිබූ හෙයිනි.
ගුණදාස ගේ කාර්ය මණ්ඩලයේ සිටි කාන්තා පිරිස හා පිරිම දෙතුන් දෙනකු හැරෙන්නට වැඩි දෙනෙක් මත්පැන්වලට ඇබ්බැහි වූවන් නිසා කැවුම්, කොකිස්, අතිරහවල රසවිඳීමට එතරම් කැමැත්තක් නොදැක්වූහ. ගුණදාස කිසිඳු දිනෙක මත්පැන් පානය කළ අයෙක් නොවන නිසා මඟුල් ගෙදරට මත්පැන් ඇතුළත් කළේ නැත. කෙසේ වෙතත් ගුණදාසගේ කාර්යාලයේ සේවකයින් කිහිප දෙනෙකුට කෑමට පෙර ඇඟ රත්වෙන්න යමක් අවශ්‍ය බැව් ඔවුනොවුන්ගේ කසුකුසුවෙන් අන් අයට ඇඟවිණි.
ගුණදාස ගේ කාර්යාල මිතුරන් කිහිපදෙනා, උත්සව නිවසින් එළියට බහින්නට වූහ. ඉක්බිතිව පාරට ගොඩවී, වටපිටාවේ ඔවුන් අපේත්ෂා කරන දෑ ඇද්දැයි සොයා බලන්නට වූහ. ගුණදාසගේ නිවසට ඉදිරිපස නිවසේ අයිතිකරුද, බීමට ඇබ්බැහි වූ පුද්ගලයකු වූ හෙයින්, කාර්යාලයේ මිතුරන් ගේ අමුතු හැසිරීම පිළිබඳව ඉව වැටී, ඔහු ඔවුන්ගෙන් මෙසේ ඇසීය.
”.... ඇයි මහත්තයෝ මොනවද හොයන්නේ?”
ගුණදාසගේ කාර්යාලයේ මිත‍්‍රයෙක් අසල් වැසියාගේ කණට කිට්ටුකොට, .....”අයියේ!... අපිට ඇඟ රත්වෙන්න... පොඩ්ඩක් ගන්න තැනක් මේ! කිට්ටුවේ හෙම... නැද්ද?” යනුවෙන් ඇසීය.
”මොකද නැත්තේ මහත්තයෝ!.... මේ ළඟ හොර පොට් එකක් තියෙනවා!... එන්නකෝ යන්න මාත් එක්ක” යනුවෙන් අසල් වැසියා කීය. “අයියට පුළුවන් නම් මේ කිට්ටුව තැනකට ගෙනල්ලා දෙන්න! මෙන්න සල්ලි යනුවෙන්” රුපියල් දාහේ නෝට්ටුවක් දික් කරමින් කාර්යාලයේ මිත‍්‍රයා ච්ය.
”කොහේවත් යන්න ඕන නැහැ මහත්තයෝ මගේ ගෙදරට යමු!...” යි අසල් වැසියා කීය.
ගුණදාසගේ කන්තෝරුවේ යහළුවෝ සතුටු සිතින් යුතුව, අසල් වැසියාගේ නිවසට ගොඩ වූහ. වැඩි වේලාවක් යන්නට මත්තෙන් ගුණදාසගේ මඟුල් ගෙදර ඉදිරිපස වූ අසල් වැසියාගේ නිවසද, මඟුල් ගෙයක සිරි ගත්තේය. ගුණදාසගේ කාර්යාලයේ මිතුරෝ අසල් වැසියාගේ නිවසේ ගී ගයමින්, නටන්නට වූහ.
පැමිණි ඇතැමුන්, ගුණදාසගේ මඟුල් ගෙදරයැයි සිතා පාර වැරදී යන්නට වූයේ, අසල් වැසියාගේ නිවසටය.
හපොයි මේවගේ මගුල් ගෙයක්……කතාව සහතික ඇත්ත නේද???????.
උපුටා ගැනීම අන්තර්ජාල පුවත්පතක් ඇසුරිණි.
මනමාලයි මනමාලයයි නොහිටියත් කමක් නැහැ ටිකක් බොන්න දෙන්නේ නැති මගුල් ගෙදරකින් ඇති වැඩේ මොකක්ද?
ReplyDeleteකෑවට බිව්වට කමක් නෑ. අනෙක් අයට වදයක් නොවී...
ReplyDeleteකථාවක් තියෙනවනේ තමන්ගේ නිදහස අනෙකාගේ නහය අසලින් ඉවරවෙනවයි කියලා...
මම බොන්නෙත් නෑ. බොන්න දෙන්නෙත් නෑ. හැබැයි බොන එකාට එපා කියන්නෙත් නෑ... අපි කෑවේ බීවේ නැති වුනාට අනෙක් වුන්ට උදැල්ල දාන්නේ මොකටද ???
දමිත් මල්ලිටත් සුභ 2012 ක් වේවා. දෙගුණයක් වැඩියෙන් ලිපි ලියැවෙන වසරක් වේවා...!!! ජය !!!
@Raigama
ReplyDeleteමාරු කියමන...එත් මනමලයයි මනමාලියි නැති උනොත් ඒක මගුල් ගෙයක් වෙයිද බං......
ප්‍රතිචාරයට ගොඩක් සතුටුයි සහෝ......
@Chathuranga Perera
"මම බොන්නෙත් නෑ. බොන්න දෙන්නෙත් නෑ. හැබැයි බොන එකාට එපා කියන්නෙත් නෑ... අපි කෑවේ බීවේ නැති වුනාට අනෙක් වුන්ට උදැල්ල දාන්නේ මොකටද ???"
කතාව සහතික ඇත්ත මගෙත් අදහස ඕකම තමා....
ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි අයියේ....