Lee Weatherly ගේ Child X - මා පිය සෙනෙහස අහිමි වූ දරුවෙකුගේ අනුවේදනීය කතාවක්...

by January 05, 2014 6 ප්‍රතිචාර

Image result for Child X



Lee Weatherly ගේ Child X නම් කෘතිය මුදිතා හේරත් විසින් ''මං කාගේද?'' යන මැයෙන් සිංහලයට පරිවර්තනය කර ඇත.මෑතකදී ඒ කෘතිය කියවීමේ අවස්ථාව මටත් ලැබුණි.පෙර මෙන් සාහිත්‍ය අසුරෙහිලා ගෙවන්නට විවේකයක් නොතිබුනද,යන එන අතරමගදී,දුම්රියේදී හෝ බසයේදී එවැන්නක් රස විදින්නට මම බෙහෙවින් ප්‍රිය කරමි.පෙර මෙන් සොයා බල පොත පත නොකියවුවද ,එවැන්නක් ලද විටෙක කාලය සාදාගෙන හෝ එය කියවීමට මම බෙහෙවින් ආශා කලෙමි.කියවීමෙන් මා ලබන සැනසුම,රස වින්දනය සහ අධ්‍යාත්මික දියුණුව මෙතෙකැයි කියා ප්‍රමාණාත්මකව කිසි විටෙකත් දැක්විය නොහැක.ඒ තරමට එය මට මහත් වූ ආත්මීය වින්දනයකි.

මෙම කෘතියෙහි  කතා නායිකාව නො‍‍හොත් ප්‍රධාන චරිතය පාසල් යන අවදියේ පසු වන දැරියකි.කතාවේ සමහර තැන්වල දැක්වෙන පරිදි ඇය අවුරුදු දාහතරක දැරියකි.ඇයට සිහිනයක් ඇත.ඒ නිළියක් වීමටයි.කෘතියේ ආරම්භය සනිටුහන් වන්නේද එය ඒත්තු ගන්වමිනි.



“කොයි තරම් සතුටක් දැනුනද කිව්වොත් මගේ ඇගේ හිරිගඩු පිපුනා.වාසනාව !!! මට හැමදාමත් ඕන උනේ නිලියක් වෙන්න.පුංචි කාලේ ඉදන්ම..... තාත්තා කියන්නෙ මම රගපාන්න පටන් ගත්තේ කතා කරන්නත් ඉස්සර වෙලා ඉදලා කියලම”



පියාගේත් මවගේත් ඇසුරේ හැදී වැඩෙන ඇයගේ ලෝකයේ සෙනෙහෙබරම වීරයා වන්නේ ඇගේ පියායි.නමුත් කාලයාගේ ඇවෑමෙන් හදිසියේ ඇයගෙනුත් මවගෙනුත් පියා වෙන්වී යාම,කොටින්ම පවුල් ආරවුලක් මත දික්කසාදයකට සුදානම් වීම තුල ඇයට දැනෙන අපූරුවට රචකයා තුලින් ප්‍රකාශ වී ඇත.

මවගෙන් නිසි සෙනෙහස නොලද ඇය,පිය සෙනෙහසත් අහිමිව කටයුතු කරන අයුරු,මෙෙතක් තමා සමග සිටි පුද්ගලයා තමාගේ සැබෑ පියා නොවන බව ඇය දැනගන්නා අයුරු,ඇය ඒ මොහොතේ ක්‍රියා කරන අයුරු,මවට සමීප වන ආකාරය,දරුවෙකුට මේ තරම් දේවල් දරාගත හැකිදැයි වැඩිහිටියෙකුට දැනෙන අයුරින්,ඇය අවබෝධාත්මකව ජීවිතය මෙහෙයවන අයුරු මෙම කතාව තුල අපූරුවට ප්‍රකාශනය වී ඇත.


“අම්මගේ ඇස්දෙක,ඒ ඇස් මේ ඇස් වගේම දුඹුරු පාටයි,මා දිහාට හැරුණා.ඒ කියන්නේ මාත් එක්ක තරහා නෑ.


මං අම්මගේ ඇගට හේත්තු වුණා.මට හරිම මහන්සියක් දැනුණා.සමහරවිට මට අම්මත් එක්ක තරහ වෙන්න ඕන ඇති.බෙරෙක් බාප්පත් එක්ක එකතුවෙලා එයා තාත්තව රවටපු එකට...
එත් මගේ අම්මනේ...
ඒ වැරැද්ද අවුරුදු දා හතරකට කලින් කරපු වැරද්දක්නේ...
අම්මා වෙවුලන සුසුමක් හෙලුවා.”



“තාත්තේ...... තාත්තේ”
තාත්තා ඔළුව උස්සලා බැලුවේ රබර් උණ්ඩයක් වැදුනා වගේ...
“ජුල්ස් ද”



එයා මෝටර් සයිකලයෙන් බහිනකොටමයි මං එයා ලගට පැන්නේ.මං තාත්තව බදාගත්තා....එයාගෙ හම් කබායේ පුරුදු සුවද මට දැනුණා/ලෙමනේඩ් වීදුරුවකින් වායු බුබුළු නගිනවා වගේ මගේ ඇග පුරාම සතුට බුබුළු දානවා මට දැනුණා....තාත්තත් මාව තදින බදාගත්තා.....තාත්තගේ හුස්ම වැටුනේ හරිම කලබලේකින් වගේ.... තාත්තගේ ටී ෂර්ට් එකට යටින් එයාගෙ හදවත ගැහෙන හඩත් මට ඇහුණා.

“තාත්තේ ! තාත්තේ !
මට කොච්චර සතුටුද ....මං ආපු එක කොච්චර හොදද”



ඇගේ සිහිනය මල්ඵල ගැන්වෙන කාලවකවානුව තුළම ඇය මුහුණ දෙන අතිශය කටුක වූත්,අසහනකාරී අත්දැකීම රචකයා කෙතරම අපූරුවට,හදවත මනාව ස්පර්ශ කරන අයුරින් විග්‍රහ කොට ඇත.ඇයගේ පියාගේ සහෝදරයා තම සැබෑ පියා බව දැනගැනීමෙන් අනතුරුව සුදුවන දෑ.මට හැගෙනා පරිදි නම් ඇය වටා ගෙතුන ගැටළුව අපූරුවට ඇයම නිරවුල් කර ගන්නා ආකාරයන් කෘතිය තුල පිලිඹිබු වේ.


අවසන ඇයගේ සිහිනය සැබෑ වන මොහොතේ,ඇය සියලු ගැටළු පරදවා ජීවිතය ෙසෟභාගයමත් කරගනු ලද්දැයි මම විශ්වාස කරමි.




 “හැමෝම මට මගේ පාඩුවේ ඉන්න දෙන්න....
අපේ පවුලට අපේ පාඩුවේ ඉන්න දෙන්න.මේක අපට මහා නරක දරුණු අත්දැකීමක් ..මගේ තාත්තා මගේම තාත්තා නෙවෙයි කියලා දැනගන්න එක....
මගේ තාත්තා මගේම බාප්පා කියලා දැනගන්න එක.....
 තාත්තා අම්මට විරුද්දව නඩු දාපු එක....
ඒත් ඔයාලා ඒ හැමදේම තවත් දරුණු නපුරු දෙයක් කරනවා....
ඒක ලොකු නඩුවක් බව මම දන්නවා..
ඔයාලට ඒ ගැන වාර්ථා කරන්න පුළුවන්....
ඒත් ඒකට ඔයාලට අපේ ගෙදර,මගේ,අපේ,අම්මගේ පින්තුර ඕනද....
අනේ කරුණාකරලා අපට අපේ පාඩුවේ ඉන්න දෙන්න”



ඔබත් කියවා බලන්න.පුංචි හදවතට මෙතරම හිතන්නට හැකිද ,කෙතරම් ඇය සංවේදීද,පුංචි උන් කොහොම හිතනවා ඇත්ද......දැනේවි හදවතින් පටන්ගෙන ලේ,මස්,නහර හුස්ම පොද පුරාවටම...

විශේෂ ස්තුතිය..... පොතක් පතක් හමුවූ විගස රස විදින්නට ඉඩහසර ලබාදෙමින් ගෙනත් දෙන Anura මගේම වන් සොහොයුරාට !!!



2014 අවුරුද්දේ මගේ පළවෙනිම පෝස්ටුව.
ඔන්න හැමෝටම සාමය සතුට පිරි නව වසරක් වේවා !!!







 













6 comments:

  1. හැමපැත්තෙන්ම තැලෙන්න පුංචි දරුවෝ... හ්ම්ම්ම්

    පොත් කියෝන එක දැන් සම්පූර්ණයෙන්ම මඟ ඇරිල තියෙන්න දමිත්.. :( කොහොම උනත් අපි කරගෙන යන පුස්තකාලෙ ඊලඟ පොත් ලිස්ට් එකට මේකත් දානආ ඔන්න මම දැන්මම

    ReplyDelete
  2. හුඟක් පවුල් ප්‍රශ්ණ වලදී අන්තිමේ දුක් විදින්නේ දරුවෝ.. ඒක හුඟක් දෙනෙක්ට තේරෙන්නේ නෑ..

    ReplyDelete
  3. පොත් කියවපු කාලයක් මතක නැහැ. මේවා බලාලා කියවන්න හිතෙනවා

    ReplyDelete
  4. ගොඩක් ස්තුතියි !!! සමී.. ප්‍රතිචාරයට...

    ReplyDelete
  5. ඔව් අයියේ....
    අන්තිමට පොඩි අයගේ මානසික මට්ටම බින්දුවටම වැටෙනවා...

    ReplyDelete
  6. පුළුවන් හැම වෙලාවකම පොත් කියවන්න..
    පොත් අපිට ගොඩක් දේවල් කියලා දෙනවා...

    ReplyDelete