ආදරය සහ විවාහයේ පැවැත්මේ රහස

by July 10, 2014 15 ප්‍රතිචාර
කාලෙකට පස්සේ ඔන්න බ්ලොග් පැත්තට ආවා.... අද පුංචි කතන්දරයක් කියන්න තමයි යන්න....
එහෙනම් ඔන්න ළමායි දග නොකර කතන්දරේ අහන්න ඕනේ....

Image result for grand couple


ඔන්න සීයෙකුයි ආච්චියෙකුයි ඉන්නවා.මේ දෙන්නා හරිම ආදරෙන් ජීවත් වෙන්නෙ.දෙන්නගෙම එකගතාවෙන් තමයි හැම දෙයක්ම වෙන්නෙ.



දවසක් මේ ගෙදරට එන අමුත්තෙක් මේ දෙන්නා ආදරෙන් ජීවත් වෙනවා දැකලා මෙහෙම අහනවා.

"ඔයාලා මේ තරම් ආදරෙන් ජීවත් වීමේ රහස මොකක්ද කියලා මටත් කියන්නකෝ"

එතකොට සීයා,ආච්චි දිහා බලාගෙන මෙහෙම කියනවා.

"අම්මා,තාත්තා,බිරිද,සහෝදර සහෝදරියෝ මේ අයට නොකියන ගොඩක් දේවල් අපි යාලුවන්ට කියනවා.මෙයා මගේ ජීවිතේට ආපු දවසේ ඉදන් මගෙ හොදම යාලුවා උනේ මෙයා.එදා ඉදන් අපි අතර කිසිම රහසක් තිබුනෙ නෑ.එයා කැමති හැම දේම මගේ කැමැත්ත උනා.මම කැමති හැම දේම එයාගෙ කැමති දේවල් උනා.ඉතින් අදටත් අපි ආදරෙන් සතුටින් ජීවත් වෙනවා.ආදරේ කරන කාලේ කියලා වෙනම කාලයක් අපිට නෑ අපි අදටත්,හැමදාමත් ආදරෙන් ඉන්නවා.කළු ගල් දෙකක් වගේ අපෙ හිත් හයියයි.කාටවත් බිදවන්න බැරිතරම් අපෙ විශ්වාසය ශක්තිමත්"

ඒ පිලිතුරෙන් ගොඩක් සතුටු උන අමුත්තා ආච්චිගෙන් මෙහෙම අහනවා.

"වරමක් දුන්නොත් ඔයා මොනවද ඉල්ලන්නෙ."

ක්ෂනකයකින් ආච්චි මෙහෙම කියනවා සීයගෙ මූන බලාගෙන.

"මට කලින් මගෙ ආදරණීය සැමියා මැරෙන්න ඕනෙ"

මේ වචන වලට අමුත්තා පුදුම වෙනවා.ඔහු සිතනවා "ආදරය කරන කෙනා තමන්ට කලින් මැරෙනවට කැමති වෙනවා,පුදුමයිනෙ"
ඔහු දකිනවා සීයගෙ මුහුණෙ සුපුරුදු හිනාව ආච්චිගෙ මේ වචන වලට පස්සෙත් තිබෙන බව.


අමුත්තගෙ මුහුණේ ඇතිඋන කුතුහලය දැක්ක ආච්චි මෙහෙම කියනවා.

"අපි එක වහලක් යටට ආපු දවසෙ ඉදන් මම නැතුව එක දවසක්වත් මෙයා ඉදලා නෑ.දත් මදින බුරුරුවට දාන ටූත් පේස්ට් ටිකේ ඉදලා මෙයාගෙ හැම දෙයක්ම කරේ මම.ඉතින් මම නැතිව මෙයා කොහොම ඉදීද කියලා හිතෙනකොට මගෙ හිතට ගොඩක් අමාරුයි,දුකයි.මට මොහොතකට කලින් හරි මෙයා මැරෙන්න ඕනෙ.ඊලග මොහොතෙ මම කොහොමත් මැරෙනවා."

අමුත්තා මේ හැම වදනක්ම හිතට අරන් ආදරණීය යුවලගෙන් වෙන්වෙලා ගියේ ජීවිතේ නැවුම් ආකල්ප ගොඩකුත් එක්ක.

ජීවිතේ හැම දේකටම වඩා වටින්නෙ මානුෂීය බැදීම්.රස්සාව,කාර්ය බහුලත්වය මේ කිසිම දෙයක් නිසා ඒ බැදීම් අමතක කරන්න එපා.

ඔයාට ඔයාගෙ රැකියාවෙදි,නිවසින් පිටතදි මුනගැහෙන බොහෝ දෙනෙක්ට ඔයා බොහොම ආචාරශීලීව සැලකුම් කරනවා නේද?

අන්න ඒ ආචාරශීලීබව,ෙගෳරවය ඔයාගෙ ආදරණීය පෙම්වතියට,බිරිදටත් ලබා දෙන්න.

උදවුවක් ලැබුන විට ස්තූති කරන්න.


ඇයව,ඔහුව අගය කරන්න.


දුරකථන ඇමතුමකදී ආචාරශීලී වන්න,ආදරණීය වන්න.


ඇය සකස් කරන ආහාර රසවත් බව ඇයට පවසන්න.


ඔහු ඔබ වෙනුවෙන් ආහාරයක් පිලියෙල කලවිට ඇතැම් විට එය රසවත් නොවුනත් ඔහුව අගය කරන්න.


අලුත් ලස්සන ඇදුමක් ඇන්දවිට ඇයව,ඔහුව අගය කරන්න.


විවාහයට පෙර පෙම්වතුන්ව,පෙම්වතියන්ව සිටි කාලයේ මෙන් ආදරණීයව හැසිරෙන්න.


ආදරයේ නැවුම් බව හැමදාමත් පවත්වාගෙන යන්න.


ආදරණීය ජීවත වල ආදරණීය බව රැක ගන්න මේ හැම වචනයක්ම ප්‍රයෝජනවත් වේවි.




ආදරණීය බැදීම් තර වේවා,ශක්තිමත් වේවා.




ජීවිතයේ හැම අස්සක් මුල්ලක්ම ආදරයෙන් පිරේවා.



පින්තුර ගූගල් ගෙනි...

15 comments:

  1. හදවතක හද ගැස්ම තේරුම් ගැනීම තමා වැදගත්ම ලස්සන සටහනක්

    ReplyDelete
  2. දමියා පට්ට.... ඇත්තම ඇත්ත මේ තමයි !

    ReplyDelete
  3. නියමයි දමියෝ.. හිතට දැනෙන හැඟීම නිතරම හරියට පෙන්නනවනම් ආදරේ ඇත්තටම සුන්දරයි..

    ReplyDelete
  4. සංවේදී සටහනක්.. කලාතුරකින් අහන්නට ලැබෙන කුටුම්බයක කතා වස්තුවක්. අවාසනාවකට මේ දේවල් ප්‍රයෝගික නෑ. හැම විවාහක බැඳිමක්ම මේ වගේ නම්, මේ ලෝකේ පැවැත්ම මිට වැඩිය ගොඩක් ලස්සන වේවි.

    ReplyDelete
  5. අපූරු පැතුමකින් ඉවර කරල තියෙන්නේ..


    එසේම වේවා කිව්වා..

    ReplyDelete
  6. සැමගේම ජීවිතයේ හැම අස්සක් මුල්ලක්ම ආදරයෙන් පිරේවා.

    ReplyDelete
  7. ඔව් නලින් අයියේ....ස්තුතියි මේ පැත්තට ආවට...

    ReplyDelete
  8. ආදරය කරන අය ඉතින් මේවා නොදැන කොහොමද....

    බොහොම ස්තුතියි මදාරා අක්කෝ මේ පැත්තට ආවට...

    ReplyDelete
  9. ඔව් දිනේෂ් අයියේ....
    ව්‍යාජ රැගුම් නැතුව හැමදේම බෙදා හදා ගත්තානම් ආදරේ ගොඩක් සුන්දරයි....
    බොහොම ස්තුතියි අයියාටත් !!!

    ReplyDelete
  10. ඔව් වෙයන්ග,හැමෝම එකම මානසිකත්වයක නෑනෙ.සමහරුන්ට ජීවිතේ සමහර දේවල් තේරුම් ගන්න අමාරුයි.නැත්නම් තේරෙන්නෙම නෑ.

    බොහොම ස්තුතියි මේ පැත්තට ආවට...

    ReplyDelete
  11. සෑම් අයියාටයි අක්කාටයි එසේම වේවා !!!
    ඉක්මනින්ම දෙකතුන වේවා !!!

    ReplyDelete
  12. මහා කළු සිංහලයාටත් එසේම වේවා !!!
    බොහොම ස්තුතියි මේ පැත්තට ආවට...

    ReplyDelete
  13. මලයා කාලෙකට පස්සේ (මමත් කාලෙකට පස්සේ තමයි)...

    මේ කියලා තියෙන එව්වා උඹට දැනෙන නිසා දාන්න ඇති කියලා මට හිතෙනවා... මම දැන්මම එකක් කියන්නම්. උඹට හම්බවෙන නෝනා නම් පට්ට වාසනාවන්තයි. මොකද, උඹ වගේ කොල්ලෝ හරිම අඩුයි...

    බඳින්නත් කලින් විවාහ ජීවිතේ ගැන තේරුම් ගෙන ඉන්න එක ගැන නම් ගොඩක් සතුටුයි මලේ. මොකද ගොඩක් කොල්ලෝ හිතන්නේ “හිරයක්“ ගත්තාම හිර වෙනවා කියලනේ...

    ඉතින්, ජයවේවා... !!!

    (ප-ලි- උඹේ මොබයිල් එක මට මේල් කරපන්, chathudscp@gmail.com)

    ReplyDelete
  14. මම කියෙව්වා අක්කේ ඔයාගෙ පොස්ට් ට්ක....

    බොහොම ස්තුතියි මේ පැත්තට ආවට අක්කේ...

    ReplyDelete
  15. හැමදාමත් වගේ අයියගේ වචන වලට මට දෙන සහයෝගයට ගොඩක් ස්තුතියි අයියේ...
    මම ආසයි ලස්සන ජීවිතේකට.ඉතින් ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හැම හොද දෙයක්ම මම කරනවා...

    අයියටත් ජයම වේවා !!!

    අයියා ඉල්ලපු උදවුවත් හැකි ඉක්මනින් ඉෂ්ටකර දෙන්නම්...

    ReplyDelete