ඉවරයක් නැති වැඩකටයුතු ගොන්නක් අතරෙ,සිතට නිදහසක් දැනෙන හැම මොහොතකම,ඔයා ගැන මතකයන් මාව ආදරයෙන් ස්පර්ෂ කරනවා.ඒ වෙලාවට දැනෙන සතුට,ප්රබෝදය...
හරිම පුදුමයි.... හැම මහන්සියක්ම,දුකක්ම මට අමතක වෙලා යනවා."ඔයා මොනවා කරනවා ඇත්ද මේ වෙලාවෙ."
මම හිතින් ඔයා ලගටම එනවා.ඔයා දවල්ට කෑවද දන්නෙ නෑ."කොච්චර කීවත් වෙලාවට කන බොන පුරුද්දක් නෑනෙ මේ කෙල්ලට."ඒ වෙලාවට ඉබේම මගෙ අත යන්නෙ කොච්චර දුරක හිටියත් ඔයාව මගේ ලගට එක්කන් එන ජංගමයට.ජංගම දුරකථනයට.ඔයාගේ ෆෝන් නොම්බරේ ටයිප් වෙන්නෙ ඉබේටම වගේ.ඔයා ඇමතුමට ප්රතිචාරයක් දක්වනකම් මම ඉන්නෙ නොයිවසිල්ලෙන් .එහා පැත්තෙන් ඇහෙන ඔයාගෙ ලස්සන හුරතල් හඩ අහන්න ආසාවෙන්.ඔයාගෙන් ප්රතිචාරයක් නැති උනොත්,එක පාරටම මගෙ හිත මලානික වෙලා යනවා වගේ මට දැනෙනවා.
"මම ඔයාට මෙච්චරම ආදරය කරනවද.....මට පුදුමත් හිතෙනවා මං ගැනම වෙලාවකට."ඔයා වැඩක වෙන්න ඇති ඒකයි call answer කරේ නැත්තෙ.
මම මගේ හිතින්ම අහන ප්රශ්න වලටම උත්තර බදිනවා.
"sms එකක්වත් දාලා බලනවා එතකොට ෆෝන් එක බලපු හැටියෙ reply එවයිනෙ."එහෙම හිතලා ආදරේ වචන වලට පෙරලලා කෙටි පනිවිඩයක් එවනවා ඔයාට.ඊලගට ආයිත් මම මගේ වැඩ වල ඒත් හිත ඔයා ලග.
"sms එකක්වත් දාලා බලනවා එතකොට ෆෝන් එක බලපු හැටියෙ reply එවයිනෙ."එහෙම හිතලා ආදරේ වචන වලට පෙරලලා කෙටි පනිවිඩයක් එවනවා ඔයාට.ඊලගට ආයිත් මම මගේ වැඩ වල ඒත් හිත ඔයා ලග.
"කොයි වෙලේ reply එක එයිද,දැන් එයිද,දැන් එයිද" මම බලන් ඉන්නෙ ෆෝන් එක රින්ග් වෙනකම්.දවල් කාලෙ වැඩ කටයුතු ඉවර කරලා ආවට පස්සෙත් ඔයාගෙන් reply එකක් ආවෙ නැති කලාතුරකින් දවසක මගෙ හිතට මොකක්දෝ වෙනවා.
මහ දුකක් එක්ක බයකුත් හිතට එනවා.ඔයාට මොකක් හරි කරදරයක්ද දන්නෙ නෑ.නපුරු,අසුභ සිතිවිලි මගෙ හිතට වද දෙනවා."නෑ මගෙ වස්තුවට එහෙම වෙන්නෙ නෑ."ආයිත් ඔයාට call ගන්නවා.අනේ ඔයාගෙ ෆෝන් එක වැඩ කරන්නෙ නෑ.පටිගත කල හඩකින් ඔබ ඇමතූ දුරකථනයෙන් ප්රතිචාරයක් නොමැත,කරුණාකර පසුව අමතන්න කියනවා.හිතට පුංචි කෙන්තියකුත් එනවා "මේ තරම් ඔයා ගැන හොයලා බලන මට එක කෙටි පණිවිඩයක් එවන්න ඔයාට වෙලාවක් නැති උනාද" මහා දුකකින් මගෙ හිත පෙලෙනවා.ආයිත් මම උත්සහ කරනවා මගෙ හිත සනසා ගන්න.
"ඔයා තවමත් මොකක්හරි ලොකු වැඩක වෙන්න ඇති.Battery බැහැලා phone එක off වෙන්න ඇති."
හිටපු ගමන් ඔයාගෙන් ඇමතුමක් එනවා.මට කියාගන්න බැරි තරම් සතුටුයි.call එකට answer කරන්නෙ සෙල්ලම් බඩුවක් දැකපු පොඩි දරුවෙක් ඒක ගන්න ආසාවෙන් දගලනවා වගේ.
"හෙලෝ
කොහෙද මොඩියෙ මෙච්චර වෙලා හිටියෙ?මොකද කරේ?
phone එකත් off "
බොරු තරහක් මවාගෙන් මම අහනවා ඔයාගෙන්.
"අනේ නෑ...මගෙ සුදු මහත්තයෝ....phone එක off වෙලා අම්මත් එක්ක හදිසියෙ දුර ගමනක් ගියානෙ.... ඔන්න යන්න කලින් කියන්න බැරි උනාට සොරි හොදේ.....තරහ වෙන්න එපා මගෙ පැටියා."
ඕනවටත් වඩා හුරතල් වෙනකොට බොරු තරහත් රැක ගන්න බැරිව ආදරයෙන් ඔයත් එක්ක දොඩමලු වෙන්න යන්නෙ පුංචි වෙලාවයි.සමහර දවස් වල අපිටත් නොදැනි අපි පැය ගනන් එක දිගට කතා කරලා.නිදි නැති හැම රැයකම කෙටි පණිවිඩ මහා ගොඩක් අපි අතර හුවමාරු වෙලා.
සමහර දවස් වලට මට හිතෙනවා මෙහෙමත්.මට වගේම ඔයාටත් මාව මතක් වෙනවද කියලා බලන්න ඕනෙ කියලා.මම ඔයාම call කරනකම්,sms කරනකම් නොයිවසිල්ලෙන් බලන් ඉන්නවා.
එහෙම බලන් ඉද්දි ඔයාගෙන් ලැබෙන කෙටි පණිවිඩයකින්,ඇමතුමකින් ලැබෙන සතුට අසීමිතයි.හිතේ ආදරේ වාන් දානවා වගේ දැනෙනවා.ජීවිතේ ගෙවෙන හැම තප්පරයක් තප්පරයක් ගානෙම කොයිතරම් වැඩකටයුතු තිබුනත් ඔයා මගේ හිතේ අස්සක් මුල්ලක් නෑර සැරිසරනවා.
"ආදරේ හරිම සුන්දරයි නේද?පුදුමයි නේද?වචනෙන් විස්තර කරන්න බැරි තරමටම."
සීතල පිනි වැස්සක පායන පාට පාට දේදුන්නක් වගේ ආදරේ ලස්සනයි.
සහතික ඇත්ත යාලුවා... කියල වැඩක් නෑ...
ReplyDeleteමට තියෙන එකම ප්රශ්නෙ තමා ආදරයත්, රැකියාවත්, දෙමාපියන්වත්, යාලුවන්වත් එකම තැනකට අරගනිමින් ජීවත් වෙන්නෙ කොහොමද කියන එක.. ඒක හෙනම අමාරයි යාලුවා...
නමුත් කරන්න ඕන ඒ දේ බව දන්නවා.. කරන්න බැරි එකයි ප්රශ්නෙ..පට්ට
අමාරුනම් තමයි.100% ක් ම සාර්ථක නැතත්,උත්සහ කලොත් යම් තරමක් හරි සමබරව මේ විදියට ජිවිතේ ගෙනියන්න පුළුවන් වෙයිනෙ.
ReplyDelete