ප්‍රතිකාරය

by August 24, 2011 8 ප්‍රතිචාර

රෝගියාගේ අසනීපය උත්සන්නවී ඇති නිසා වෛද්‍යවරයාට දන්වා ඔහු කැදවාගෙන ඒමට කටයුතු කරනු ලැබිය .රෝගියා රෝහලක් කරා ගෙන යාමේ දුෂ්කරතාව සහ වඩාත් හොද  වෛද්‍ය සේවයක් ලබා ලබා ගණනු වස් මෙසේ වෛද්‍යවරයා නිවසට කැදවා ගැනීමට කටයුතු කෙරෙයි.
            දැන්වූ පරිදි නියමිත වෙලාවට වෛද්‍යවරයා කැදවාගෙන ඒමට පියවර ගන්න ලදී.වෛද්‍යවරයා පැමිනෙන විට ඔහුගේ ප්‍රතිකාර කිරීම්  වලට අවශ්‍ය කරන වෛද්‍ය උපකරණ සහිත බැගයක්ද සේවකයෙක් ගෙනවිත් බාර දුන්නේය.

වෛද්‍යවරයා රෝගියාගේ කාමරයට ගොස් නිවසේ අය සමග කතාබස් කොට ප්‍රතිකාර කිරීම් සදහා සුදානම් වුයේය.ඔහු මද වෙලාවකට පසු කාමරයේ දොර වැසුවේය.

ටික වෙලාවකට පසු වෛද්‍යවරයා කාමරයේ දොර විවර කොට “කරුණාකර මට මිටියක් ගෙනත් දෙන්න.”ඉල්ලා සිටියේය.




රෝගියාට ප්‍රතිකාර කිරීමට මිටියක් කුමටද යන්න නිවැසියන්ගේ කුකුසට හේතු විය.මිටිය ගෙන ඇත දුන් පසු පහරක් දෙකක් යමකට ගසන බව ඇසුණි.එත් රෝගියාට කල උත්තේ හදිසි ප්‍රතිකර්මයක් විනා මිටියකින් තැලීමක් නොවන බව නිවැසියෝ විශ්වාස කළහ.රෝගියාට ඇත්තේ උදරයේ අබාදයකි.ඉටියෙන් පහර දෙන විට රෝගියාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොව්යේ ඒ වන විටද ඔහුගේ සිහිය නිර්වින්දනය කොට ඇති නිසා යි නිවැසියෝ සිතූහ.

කාමරයේ දොර නැවත විවර කල වෛද්‍යවරයා කට කොට මට අඩුවක් තියනවනම් ගෙනත් දෙනවාද ?ඉල්ලා සිටියේය.ගෙදර උපකරණ දමා තිබු පෙට්ටියෙන් අඩුවක්ද ගෙනවිත් දුන්නේය.එය ක්‍රියාත්මක වන්නේ දැයි ඔහු බැලුවේය.කාමරයේ කිසියම් ශබ්දයක් පැමිණියත් රෝගියාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවන්නට විය.

“අපට පොඩි උලක්‌ වගේ යමක හොයා ගන්න පුලුවන්ද ?නියනක් වගේ යමක උනත් කමක් නෑ.”වෛද්‍යවරයා නැවත කාමරයෙන් එලියට එබී කිවේය.

මේක මාර ප්‍රතිකාරයක්නේ .ලෙඩාගෙන්  කිසිම සද්දයක් නෑ.මේ දොස්තර මිටි අඩු අරන් මොනවා කරනවද මන්දා,ගෙදර ඇත්තෝ සාකච්චා කළහ.

ඉන්නකෝ බලන්න මම අහන්නම්කෝ ,රෝගියාගේ මව ඉදිරිපත් විය.

දොස්තර මහත්තයා ලෙඩට දැන් කොහොමද මොනවත් තව ඕන කරනවද,ඇය විමසා සිටියාය.

මොනවා කරන්නත් මගේ බැගය තවම ඇර ගන්න බැරි උනානේ.යතුර දාල ඇවිල්ලා .එකේ ලොක් එක අරින්න බෑ .එකයි මම එක ඇර ගන්න උත්සහ කරන්නෙ ,වෛද්‍යවරයා කියා සිටියේය.


 

 

 

8 comments:

  1. හරි සෝක් කතාව...

    ReplyDelete
  2. හෙ හෙ හේ... ලෙඩා මලාද දන්නෑ...!!!

    ReplyDelete
  3. @indi තව ගොඩක් ලස්සන කතා තියෙනවා....
    ඉස්සරහට ඒවත් පෝස්ට් කරන්නම්කො.....

    ReplyDelete
  4. @චතුරංග පෙරේරා අයියෝ නැ අමාරුවෙන් ලෙඩාව බේර ගත්ත......
    ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි සහෝ...

    ReplyDelete
  5. @චතුරංග ජයවර්ධන
    හිනා කටයි කොල්ලගෙ....
    ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි සහෝ..

    ReplyDelete
  6. @පොත් ගුල්ලා
    ඒක නේන්නම් ........එල නෙ.....
    ප්රනතිචාරයට ගොඩක් ස්තුතියි

    ReplyDelete