Windows 7 වලදී User Account වල භාවිත කාලය සීමා කිරීම.

by August 23, 2011 4 ප්‍රතිචාර
ඔබටත් තියෙන්නේ පොදුවේ භාවිත කරන පරිගණකයක්ද?එහෙම උනාම ඉතින් අනෙක් අයත් ඔබේ පරිගනකයේ ඔබේ වටිනා දත්ත ප්‍රයෝජනයට ගන්නවනේ.සමහර විට ඒ දේ වෙන යමෙක්  දැන නොගත යුතු දෙයක් වෙන්ඩත් පුළුවන්නේ.තවත් විටෙක ඔබේ දරුවන් නිතරම පරිගණකයේ එල්බ ගෙන සිටීම ඔබට වලක්වා ගන්න ඕනද.මේ ඔක්කොම ඔයා පරිගණකය ලගම හිටියනම් ගැටළුවක් නැතුව කරන්න තිබුන එත් ඔබට නිතරම පරිගණකය ලගටම වෙලා ඉන්න පුලුවන්ද.බෑනේ..තව කොච්චර දේවල් තියෙනවද කරන්න.මෙන්න ඒකට පුංචි විසදුමක්.ඔයා පරිගණකය ලග නැති අවස්ථාවලදී වෙනත් කෙනෙකුට පරිගණක භාවිතය සීමා කරන්න මෙයින් පුළුවන්.....







ඉස්සෙල්ලම ඔයාගේ වින්ඩොව්ස් 7 ස්ථාපිත කරලා තියන පරිගණකයේ control panel  එකට පිවිසෙන්න. ඊට පස්සේ එකේ තියන User account and family safety යන්න click කරලා ඉදිරියට යන්න.දැන් මීලගට ලැබෙන අදියරේදී Parental Controls යන්න තෝරන්න.මීලගට ඔයාට භාවිත කාලය සිමා කරන්න ඕන user account එක තෝරන්න.


ඊටත් පස්සේ ලැබෙන අදියරේ Time Limits යන්න තෝරලා ඔබට අවශ්‍ය පරිදි සිමා කලයුතු වෙලාව,දිනය,දවස් අදාල සැකසීම කරන්න.දැන් ඔන්න වැඩේ හරි දැන් ඔය දීල තියෙන වේලාවන්ට අදාලව වෙන කිසිම කෙනෙකුට ඔයාගේ user account එක භාවිත කරන්න නොහැකියි.


අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේක අත්හදා බලන්නකෝ................

4 comments:

  1. තවමනං ජනෙල් හත පාවිච්චියක් නෑ ඒත් ඉස්සරහට වැදගත් වෙයි

    ReplyDelete
  2. @චතුරංග ජයවර්ධන
    දැන්ම ජනෙල් 7 ටත් පොඩ්ඩක් පය ගහල බලන්න......
    වැඩ කිඩ ගොඩක් තියනවා ........
    මේකත් ප්‍රයෝජනවත් වෙයි එතකොට.....

    ReplyDelete