අද සමාජයේ ගොඩක් දෙනෙක් කාර්යබහුලයි.ඒ කාර්යබහුලත්වයත් එක්කම ගොඩක් දෙනා තමන්ගේ අන්තර්ජාල පහුසුකම් පරිගනකයෙන් සපුරා ගන්නවාට වඩා තමන්ගෙ අත තිබෙන හුරුබුහුටි උපකරණය වන ජංගම දුරකතනයෙන් සපුරා ගන්න පෙළබෙනවා.නමුත් යුනිකෝඩ් භාවිතයෙන් ලියපු යමක් අනතර්ජාලයේ සදහන්ව ඇති අවස්ථාවක ඒ දේවල් කියව ගැනීමේ පහසු කම සාමාන්‍ය ජංගම දුරකථනයක නම් නැ.Androide වගේ දියුණු Mobile OS එකක් තිබෙන ජංගම දුරකතනයක් ඕන යුනිකෝඩ් කියවගන්න.ඒ අපහසුතාවය මග හරවා ගෙන Java වැඩ කරන අන්තර්ජාල පහුසුකම් සහිත ජංගම දුරකතනයෙන් යුනිකෝඩ්
කියවගන්න විදියක් ඔන්න එහෙනම් දැනගන්නකෝ.........
අන්තර්ජාලයේ සැරිසරන ගොඩක් දෙනෙක්ට යුනිකෝඩ් ගැන අමුතුවේන් කියන්න දෙයක් නැනේ .බොහෝ දෙනෙක් ඒ පිලිබදව දන්නවා.නොදන්න කෙනෙක් ඉන්නවනම් ඔන්න මෙතනින් දැනගන්නකො.
ඉස්සෙල්ලාම ඔයාගේ ජංගම දුරකථනයෙන් www.operamini.com කියන වෙබ් අඩවියට ගිහින් ඔයාගේ දුරකථනයට ගැලපෙන Opera Mini Web Browser එක බාගන්න.දැන් ලැබෙන උපදෙස් අනුව ඒක නිවැරදිව ඔයාගෙ ජංගම දුරකථනයෙ ස්ථාපිත කරගන්න.ඔන්න දැනුයි වැඩේට බහින්න තියෙන්නේ...
දැන් ඔයාගෙ Browser එකේ උඩින් වෙබ් ලිපින ලිවිමට ඇති ස්ථානයෙ www.යන්න මකා දමා ඒ තුල config: යන්න Type කරන්න.
දැන් ඔබට Power-User Settings යනුවෙන් ලැබෙන මෙනුවෙන් පහලම ඇති Use bitmap fonts for complex scripts යන්න යටතේ ඇති Box එක තුල සටහන් වන No යන්න වෙනුවට Yes යන්න ලබා දෙන්න.
දැන් ඔන්න වැඩේ හරි.දැන් යුනිකෝඩ් සදහන් වන ඕනෑම වෙබ් අඩවියකට ගිහින් බලන්න පරිගණකයෙන් යුනිකොඩ් වලින් ලියා ඇති දේ බලනවා වගේම අපුරුවට දැන් ඔබේ ජංගම දුරකථනයෙනුත් ඒ දේවල් බලාගන්න හැකිවෙනවා.
අවශ්‍ය කෙනෙක් මේක අත්හදා බලන්නකෝ.............
ඔපෙරා එක විතරද .. සිංහල යුනිකෝඩ් වලට සපෝට් කරන්නේ?
ReplyDeleteඅත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි!
ReplyDeleteනියමයි!!
ReplyDeleteකරල බලන්න තිබුණ පෝන් එකක් තිබුණ නම් :D ඒත් මේකනම් කොහොමහරි කරන්න වටින දෙයක්, එළ එළ ;)
@Sanjaya සිතුවිලි
ReplyDeleteදැනට ඔපෙරා එක විතරයි මේ පහසුකම දීලා තියෙන්නේ.UC,Bolt වගේ අනෙක් Mobile Browser මොකුත් නොකර ඉන්න එකක් නැ.එයාලත් මේ පහසුකම ලබා දෙවි.......
@චතුරංග ජයවර්ධන
සහතික ඇත්ත.....
ප්රිතිචාරයට ගොඩක් ස්තුතියි..............
@සසීන්ද්‍ර වීරසිංහ
ප්රමතිචාරයට ගොඩක් ස්තුතියි සහෝ ..............
කරලම බලන්න වැඩේ නියමයි ...............
දැන් නෝකියා ෆෝන් වල නම් යුන්කෝඩ් එනවා! කෝකටත් මාත් ඔපෙරා එක ඔහොම හදං හිටියේ!
ReplyDeleteඔව් යාලු දැන් ගොඩක් phone වලට manually යුනිකෝඩ් දාන්න පුළුවන් ...
ReplyDeleteඒත් ඒක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක් ...
opera mini වල වේගය phone browser එකේ වේගයට වඩා වැඩි නිසා මම කොහොමත් internet යන්නෙ ඒ හරහා ,මම දන්න හැටියට බොහෝ දෙනෙක් එහෙමයි...ඒ අයට මේ පහසුකම ගොඩක් වටිනවා.....
ප්‍රතිචාරයට ස්තුතියි යාළු....
කර බැළුවෙමි... ස්තුතියි...!
ReplyDeleteගොඩක් ස්තුතියි ප්‍රතිචාරයට !!!!
ReplyDelete