සාගරය පිරෙන තෙක්
හඩන්නට ඉඩ දෙන්න
සැඩ සුළං හමන තෙක්
සුසුමකට ඉඩ දෙන්න.....
අසනි වර්ෂා මැද්දේ
තෙමෙන්නට මට දෙන්න
මඩ ගොහොරුවේ ඇවිද
දුර යන්න ඉඩ දෙන්න.....
මද්දහනෙ ගිනි අව්වේ
දැවෙන්නට මට දෙන්න
සීතලේ හිමිදිරියෙ
පින්නකට ඉඩ දෙන්න.....
නොසෙල්වෙන සිතක් මට
හදාගන්නට දෙන්න
ආත්මයේ මිහිරි සුව
විදගන්න ඉඩ දෙන්න.....
ඔයාගේ කවිය කියෙව්වහම මට ප්‍රේමකීර්ති ලියු, නන්දා මාලනී ගයන මේ ගී පද මතක් උනා;
ReplyDelete"වැස්සකට ඉඩ ඇතත් - අහස කුස දස අතම
හිරුට එපමණ කුමට - පුංචි පෙදෙසක් ඇතිය
සිනා සී, සිනා සී - දෙතොල් ඉරි තැලෙද්දී
හඬන්නට මිසක වෙන කුමකටද, නෙතු අපට?"
කවිය ලස්සනයි. මම රසවින්දා.
බොහොම ස්තුතියි ප්‍රතිචාරයට....
ReplyDeleteමමත් බෙහෙවින් ආස කරන කවියක්.....
සාගරය පිරෙනතෙක්,
ReplyDeleteහඬා හෝ කමෙක් නැති,
ඔබේ සිත සතපවා,
ගනු මැනව පිය සබඳ,
ලස්සන කවියක්...දමිත්....
බොහොමත්ම ස්තුතියි සහෝ....
ReplyDeleteඔයාගේ කවි පද කිහිපයත් හරිම අපුරුයි....