ඔන්න ඉස්සෙල්ලම හැමෝටම ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සාමය සතුට පිරි සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා!!!! කියල පතනවා...
ඉතින් කොහොමද ???අවරුදු එහෙම සරුද???
ඇදුම් පැළදුම්,ගෙවල් දොරවල් අලුත් නොවුනත් ඔයාගේ හිත නැවුම් සිතිවිලි වලින් පිරිලා ඉතිරිලා නම් තියෙන්නේ ඔන්න ඔයා අලුත් අව්රුද්ද හොදට සමරනවා.මේ අව්රුද්දෙ හැමෝගෙම ප්‍රර්ථනා මල් පල ගැන්වේවා කියල මුළු හදවතින්ම පතනවා!!!
මුළු අව්රුද්දෙන් වැඩි දවසක් වෙහෙසිලා,මහන්සිවෙලා,හරි හම්බ කරලා,ඒ විතරක්ද ඉදල හිටල යම් යම් හේතු නිසා හිතවත්කම් අහිතවත් කම් බවට පෙරලිලා,අලුතින් හිතවත් කම් ඇති වෙලා,සැප දුක් මැද්දේ ගෙවෙන මේ ජිවිතේ දිහා අලුතින් බලන්න,හිතන්න,අහිතවත් කම් අමතක කරලා අලුතින් ඒ බැදීයාවන් ගොඩ නගාගෙන,ජිවිතේ අලුත් කර ගන්න එක තමයි මේ අව්රුද්දෙ නියම අරුත.
බලන්න ලංකාව තරම් සංස්කෘතික වටිනාකමකින් යුතුව අලුත් අව්රුද්ද සමරන තවත් රටක් මේ පොලෝ තලයෙ නැතුවා ඇති. අවරුදු චාරිත්‍ර හරිම අපුරුයි,හරිම රසවත්.මුළු රටක්ම,ජාතියක්ම එකම වේලාවකදී,එකම ආකාරයට ඒ ඒ චාරිත්‍ර ඉටුකරනවා,කොතරම් අපුරුද.....ලොකු,කුඩා,මහලු හැම දෙනාම මේ අලුත් අවරුදු මිහිරියාව විදින්න දින ගනිනවා,කුඩා දරුවෝ පාසල් නිවාඩු ලැබිල විනෝද වෙනවා සතුටු වෙනවා,ඒ වගේමයි වැඩිහිටියෝ,යාලු මිත්‍රයෝ,නෑදෑ හිතවතුන් එක්ක සතුටින්,සුහදව කාලය ගෙවනවා.අපේ ආච්චිලා සීයලා,මුනුබුරු,මිනිබ්රියෝ වට කරගෙන හරිම සතුටින් අවරුදු සමරනවා.දුර බැහැර ඉන්න දුවල පුතාල ගෙවල් වලට ඇවිත් නිවාඩුවට,දෙමව්පියන්ට හරිම සතුටුයි.ඉහේ මලක් පිපිල වගේ...මුළු අව්රුද්දෙන් වැඩි හරියක් ගෙදරින් පිට ඉදන් දුක් මහන්සි වෙලා හරි හම්බකරගෙන ආදරණිය බිරිදව,දරුවන්ව,දෙමව්පියන්ව ජිවත් කරවන්න වෙහෙසෙන,ආදරණිය සැමියා,ආදරණිය පියා,ආදරණිය පුතා ගෙදර ඇවිත් ඉතින් කොතරම් සතුටුද???ඒ ආදරණිය හදවත් සතුටින් සාමයෙන් පිබිදිලා...
අර ගීතයකුත් තියෙන්නෙ.....
මේ අවරුදු කාලේ ....සිනහවෙයන් රාලේ...තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ...
අන්න ඒ වගේ මේ අවරුදු කාලෙ විතරක්ම නෙමෙයි,හැමදාමත් ඔය නැවුම් සාමකාමී සිතිවිලි හද නංවාගෙන,ජිවිත් ගමනේ එන හැම දුකක්ම කරදරයක්ම අර සේනානායක වේරලියද්ද මහත්මයා කිව්වා වගේ.....අපේ බුදුරජාණන් වහන්සේ සිතුවා වගේ...
"පැමිණි දුක් කද පැණි රසක් ලෙස බෝසතුන් සිතුවෝ...."
කරදර බාදක හමුවේ නොසැලී,නොබියව නැගී සිට ජිවිත මාවතේ ඉලක්කයන්,කඩයිම් වලින් ජය පිට ජය ලැබෙන වාසනාවන්ත,හදවත්වල ආදරය,කරුණාව සුපිපෙන ප්‍රීතිමත් අලුත් අව්රුද්දක් වේවා කියල නැවත වතාවක් ඔයාල හැමෝටම හද පිරි සතුටින් පතනවා!!!!!!
ඔන්න ඉදිරි ලිපියකින් මම මේ අලුත් අව්රුද්ද සමරපු හැටි,ඒ රස මුසු තැන් ගැනත් ඔයාලට කියන්නම්කො....
මල්ලිටත් සුභ අළුත් අවුරුද්දක්ම වේවා !!! ජය !!!
ReplyDeleteජය වේවා මචං. මම ඉස්සෙල්ලම මේ පෝස්ටුවට ආවේ..
ReplyDeleteබොහොමත්ම ස්තුතියි අයියේ....
ReplyDeleteකරන කියන හැම කටයුත්තක්ම සපල වේවා!!!!
මේ පැත්තට අවට ගොඩක් ස්තුතියි මචන්....
ReplyDeleteදිගටම එන්න....ජයම වේවා!!!!
කරන කියන දේ සපල වේවා!!!