සීයක පිං

by June 08, 2017 0 ප්‍රතිචාර
මෙලොවෙන් පරලොවට යද්දි ගෙනියන්න පුලුවන් දෙයක් තියෙනවනම් ඒ ඉතින් පිං විතරමයි... ඉන්න තාක් කල් මොන තරම් සැප සම්පත් එක්ක ජීවත් උනත් අන්තිමට ඔය මොනම සම්පතක්වත් ගෙනියන්න පුළුවන් කමක් නෑනේ.

පිං ගැන කියලා දෙන්න නම් නෙවෙයි ඉතින් ඔන්න හදන්නේ...
පහුගිය දවසක town එකේදී අම්මයි මමයි සල්ලි වගයක් ගන්න ඕන වෙලා BOC එකට ගියපු වෙලේ bank එක ළග හිටිය මැදි වයසේ කාන්තාවක් තමන්ගේ එක ඇහැකට කාචයක් දා ගන්න ඕනේ කියලා සල්ලි ඉල්ලනවා.

Image result for asking money

මම හිතන හැටියටනම්, අපේ ජිවන රටාවත් එක්ක අසරණ මිනිස්සු ගැන නිතරම හොයල බලලා උදව් කරන්න තියෙන ඉඩකඩ අඩුයිනේ. ඉතින් උදව් කරන්න අවස්ථාවක් ලැබෙන මොහොතක ඒ වෙලාවේ කළහැකි උපරිමයෙන් උදව් කරන්න හැකි නම් ඒක ගොඩක් හොදයිනේ.


ඉතින් bank එකට ඇතුලු වෙන්න කලින් පුළුවන් හැටියට රු.100 ක මුදලකින් උපකාර කරන්න මට පුළුවන් උනා.ඒ වෙලාවේ අම්මා කියපු දේ තමයි "ඇයි රු.100 ක් දුන්නේ රු.20 ක් දුන්නනම් ඇතිනේ.ඔයිට කලිනුත් ඔය ගෑනු කෙනා bank එක ලග මම දැකලා තියෙනවා." කියලා. අම්මට ඒ ගෑනු කෙනා ගැන එතරම් හොද ආකල්පයක් නොතිබුනත් ඒ ගැන තැකීමක් කරන්න මට උවමනාවක් තිබ්බේ නෑ.ඉක්මනින් තව ගමන් කිහිපයක් යන්න තිබුන නිසා ඉක්මනට bank එකේ වැඩේ ඉවර කරගන්න ගියා.

bank එකෙන් එලියට ආවට පස්සේ ඒ කාන්තාව රු.100 ක් දුන්න එක ගැන කියලා පිං දෙන්න පටන් ගත්තා.සිනහවකින් සංග්‍රහ කරපු මම "රු.100 ට හම්බුන දේ රු.20 ට හම්බෙයිද" කියලා අම්මට කියන ගමන් මගේ අනිත් වැඩ වලට පිටත් උනා.



ඇයි මිනිස්සු මේ විදියට කෙනෙක්ට අත පාන්නේ?

ගොඩක් දෙනෙක්ට තියෙන මුලිකම ප්‍රශ්නෙ තමයි තමන්ට තියෙන ආර්ථික අපහසුතා, රෝගී තත්වයක්, එහෙම නැත්නම් අබාධිත තත්වයක් හෝ තමන්ගේ පවුලේ අයට තිබෙන රෝගී තත්වයක් හරි යම් කිසි අසරන කමක්. එහෙමත් නැත්නම් වයසට යාමත් එක්ක තමන්ව රැකබලා ගන්න කෙනෙක් නැතිවීම.

මේක ව්‍යාපාරයක් කරගත්ත කපටි මිනිස්සුත් නැතුවාම නෙවෙයි.



අපි මේ අයට උපකාර කරන්නේ කොහොමද?

රාජ්‍ය හෝ පුද්ගලික මට්ටමින් මේ වගේ අයට උදව් කරන සංවිදාන, විවිධ කණ්ඩායම් මේ වෙනකොට ගොඩක් තිබෙනවා.ඒ ආයතන හෝ කණ්ඩායම් මගින් ලොකු සේවයකුත් වෙනවා.ඒ වගේම තමයි පුද්ගලිකව එක් එක් පුද්ගල පරිත්‍යාගත් මේ අසරණ අයට ලොකු ශක්තියක් වෙනවා.



පැලැස්තර විසදුමක්ද?

බොහෝ විට අපි මේ අසරණ අය වෙනුවෙන් කරන උපකාර ඒ අයගේ අසරණ කම නැති කරගන්න දෙන පැලැස්තර විසදුමක් විතරයි. යම්කිසි අබාධිත කෙනෙක් තමන්ගේ එදිනෙදා අවශ්‍යතා ඉටුකරගෙන ජීවත් වෙන්න අත පානවා නම් ඒ අයට අපි දෙන රු.20 හෝ රු.100 තාවකාලික විසදුමක් විතරයි.



ස්ථිරසාර විසදුමක්, උපකාරයක් දෙන්නේ කොහොමද?

එහෙම දෙන්න පුළුවන් එක ක්‍රමයක් තමයි රාජ්‍ය හෝ පුද්ගලික අංශ මගින් කෙරෙන සමාජ සත්කාර වැඩසටහන්. නිවසක් නැති පවුලකට නිවසක් සදා දීම, ජීවිතය ගෙන යාම සදහා රැකියාවක් සොයා දීම, ස්වයං රැකියාවකට අවශ්‍ය උදව් උපකාර ලබාදීම, අසරණ දරුවන් හෝ වැඩිහිටියන්ගේ භාරකත්වය යම් යම් පුද්ගලයන්ට පවරමින් ඒ පුද්ගලයින්ගෙන් ලැබෙන උපකාරයෙන් අසරණ දරුවන් හෝ වැඩිහිටියන් රැක බලා ගැනීම. මේ වගේ ගොඩක් දේවල් සිද්ද වෙනවා.

විශේෂයෙන්ම කරන්න පුළුවන් දෙයක් තමයි මේ වගේ අයට අදායම් මාර්ගයක් සදා දීම. සමහරවිට ඔයාලත් අහලා ඇති දෙමවුපියන් හෝ භාරකාරයෙක් නැති දරුවන් ඉන්න තැන්වල ඒ දරුවන් පොඩි අදායමක් හොයාගන්න කරන වැඩක් තමයි, රේඩියෝ නාලිකාවල යම් යම් ආයතන වලට අදාල දැන්වීම් දවසකට ප්‍රචාරණය වෙන වාර ගණන පිළිබද දත්ත අදාල ආයතනවලට ලබා දීම. මේ වගේ ඒ ඒ අසරණ අය වෙනුවෙන් ඔවුන්ට ගැලපෙන ආකාරයේ රැකියාවක් ඔවුනට ලබාදෙන්න පුළුවන් නම් ඒක මුළු ජිවිත කාලයටම ඔවුනට අස්වැසිල්ලක් වේවි.



නොකළ යුතු දේවල් මොනවද?

දේවල් කිහිපයක්ම තියෙනවා.
එක දෙයක් තමයි යම් කෙනෙක්ගේ අසරණකම market කරන්න එපා.ඒක ඔබේ නම ඉහල දාගන්න තුරුම්පුවක් කරගන්න එපා.ඒකෙන් වෙන්නේ අසරණ උන අයගේ මානසිකත්වය තවදුරටත් පහත වැටෙන එකයි.

අනිත් දේ තමයි සමහරවිට කෙනෙක් ඒ කෙනාගේ අසරණකම කාටවත් කියන්නෙ නැත්තෙ හරි එහෙම නැත්නම් අත පාලා යමක් ගන්නවට වඩා යම් කිසි පුංචි දෙයක් හෝ සේවාවක් ලබාදෙන්නේ ඒ අයගේ ආත්ම විශ්වාසය,ආත්මාභිමානය නිසා.එක පලුදු කරන්න එපා. ලොකු stage උඩට නග්ගලා ඒ අයට ආධාර මලු දෙන්න යන්න එපා.උපකාරයක් කරන්න අවශ්‍ය නම් ඒක ඒ අයගේ මානසිකත්වයට හානියක් වෙන්නෙ නැති වෙන්න ඔබත් ඒ අයත් අතර පමණක් ඒ දේවල් තියෙන පරිදි කටයුතු කරන්න.රටටම අඩබෙර ගහලා අපි කරන සමහර දේවල් නිසා අන්තිමට රට්ටුන්ගේම අවලාද වලට මුහුන දෙන්න වෙන්නේ අසරණ ඔවුන්ටමයි.



ඉතින් මේ දේවලුත් හිතට අරන් අපේ පුංචි රටේ අසරණ මිනිස්සු වෙනුවෙන් උපකාරයක් වෙන්න, අවශ්‍ය මොහොතක හැකි උපරිමයෙන් ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය ශක්තිය වගේම සම්පත් ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.

Image result for help to others

2016/04/03 වෙනිදාට පස්සේ තමයි ආයිත් මේ පොස්ට් එකක් දාන්නේ.අතීතය සිහිනයාක් පමණයි සැබෑ සුවදක් නෑ කියනවනේ.... :D ඉතින් අතීතයෙන් වැඩක් නෑ අනාගතය වෙනුවෙන් ආයිත් අකුරු කරන්නම්.



පොඩි පොඩි වෙනස් කම් වගයකුත් බ්ලොග් එකේ කරා. blogger වලින් අයින් උනා. අලුත් domain එකකට බ්ලොග් එක දැම්මා. ඒ වගේ ඉතින් වෙනස්කම් කිහිපයක් කරා.

ඒ දේවල් බලලා හොද නරකද කියන්නකෝ.. ඉඩ ලැබෙන හැටියට ආයිත් ලියන්නම්. හැමෝටම ජයම වේවා !!!

0 ප්‍රතිචාර:

Post a Comment