WWDC17 - Apple සමාගමෙහි ලොව පුරා ව්‍යාප්තව සිටින විකාශකයන්ගේ සමුළුව

by June 08, 2017 0 ප්‍රතිචාර

Image result for wwdc17

Apple සමාගමෙහි 28 වෙනි  WWDC(World Wide Developer Conference) පසුගිය 5 වෙනිදා (ජුනි 5 2017) කැලිෆෝනියාවේ සැන් ජෝස් නගරයේ San Jose McEnery සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත් උනා.

එහිදී විශේෂයෙන්ම Mac OS  සහ iOS සංවර්දනයේ යෙදෙන්නන් ආකර්ෂණය කරගන්නා නව්‍යතා වගේම අදහසුත් ඉදිරිපත් උනා.



Image result for wwdc17 location


Apple සමාගම මේ සමුළුව ආරම්භ කරනු ලැබුවේ Appocalypse යන නමින් යුත් වීඩියෝවකින් Apple යෙදුම් හදිසියේ අතුරුදහන් වුයේ නම් සිදු වන්නේ කුමක්ද යන්න සහ නව යෙදුම් නිර්මාණකරණයේ වැදගත්කම ආදර්ශනය කරමින්.



[embed]https://www.youtube.com/watch?v=FC0pT9xg1oI[/embed]



සාමාන්‍ය නිෂ්පාදන කරුණු වලට වඩා වැඩියමක් Apple සමාගමේ ප්‍රධාන විධායක නිළදාරී  Tim Cook සහ apple හි ඔහුගේ කණ්ඩායම මගින් කෙටි කාලයක් තුල මෙහිදී ඉදිරිපත් කෙරුන අතර ලොව පුරා බොහෝ දෙනා අන්තර්ජාලය ඔස්සේ මෙම සමුළුව නරබන්න යෙදුණා.

සමුළුවේ සම්පුර්ණ වීඩියෝව නරබන්න.





tvOS

Apple tvOS හි නව ප්‍රවණතා ගැන මෙහිදී කතා කරන්නට යෙදුනා. මෙම වසරින් පසු TV යෙදුම, Apple සහ  සියලුම Apple TV සදහා Amazon Prime Video සහය දක්වන බව මෙහිදී විශේෂයෙන් සදහන් කළා.



s





watchOS 4

Image result for watchos 4

ලෝකය පුරා වඩාත් ජනප්‍රිය Apple Smart Watch සදහා නවතම watchOS 4 හදුන්වා දීම සිදු කරනු ලැබුවා. විශේෂයෙන්ම එදිනෙදා ජිවිතයේ සියලු කටයුතු වලට සහයක් වන පරිදි නව සංස්කරණ හැඩගන්වා තිබෙනවා.



Siri Watch Face, නව ඔරලෝසු මුහුණතක් හදුන්වා දුන් අතර මෙහිදී ඔබ භාවිතා කරන යෙදුම් අනුව ස්වයංක්‍රිය ලෙස ඔබගේ අවශතා හදුනා ගනිමින් දැනුම්දීම් කිරීමේ හැකියාව පවතිනවා. එමෙන්ම මෙහි පවතින ශාරීරික යෝග්‍යතා අංගය වැඩිදියුණු කිරීමත් කරල තියෙනවා. ඒ මගින් Smart Coaching සහ Challenges  යන අංග Activity යෙදුමට ලබාදී තිබෙනවා.

ඔබ ආසනම් වචන අඩුවෙන්, Graphics වැඩිපුර දකින්න ඒ සදහා Kaleidoscope Watch Face හදුන්වා දුන්නා.

Image result for watchos 4



එමෙන්ම හදුන්වා දුන් Disney Watch Face මගින් ඔබ ආසම කරන Woody, Jessie සහ Buzz ඔබට සමීප කර තිබෙනවා.

Image result for watchos 4



අලුතින්ත එකතු උන තවත් එක් අපුරු හදුන්වාදීමක් තමයි gym equipment කියන්නේ. Apple Watch එකේ තියෙන NFC පහසුකම මගින් ඔබගේ ව්‍යායාම උපකරණ සමග සම්බන්ද වෙමින් අවශ්‍ය දත්ත හුවමාරු කරගැනීමේ පහසුකම මෙයින් ලැබෙනවා. NFC තාක්ෂනය තවදුරටත් Apple යෙදුම් සමග යොදා ගන්න Apple සමාගම ඉදිරියේදී තවදුරටත් බලාපොරොත්තු වෙනවා කියන නිවේදනයත් මෙම සමුළුවේදී ප්‍රකාශ කරනු ලැබුවා.



Image result for gym equipment apple

ඒ වගේම තවත් දෙයක් තමයි Apple Watch එකත් එක්ක එන Music යෙදුමට ඔබ නිතර අසන ගීත අනුව ඔබට නව ගීත, ඇල්බම ලබාදීමේ හැකියාව පවතිනවා.



MacOS High Sierra

Image result for macos highsiera



MacOS High Sierra කියන්නේ Apple සමාගමේ නවතම MacOS සංස්කරණය. මේ සංස්කරණයේදී හදුන්වාදුන් විශේෂම දෙයක් වන්නේ APFS (Apple File System). සම්ප්‍රදායික Filing Systems වලින් බැහැරව මේ නව Apple File System එකත් සමග MacOS හි වේගයත් ආරක්ෂාවත් වැඩි කිරීමේ හැකියාව Apple සමාගමට ලැබී ඇති බවයි ඔවුන් පවසන්නේ.

ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට වෙබ් අඩවි මකින් ඔබව Track කිරීම අවම කරන්න පුළුවන් හැකියාව මෙම සංස්කරණයත් එක්ක එන Safari වෙබ් බ්‍රව්සරයට ඇති බවයි ඔවුන් පවසන්නේ. ඒ වගේම ඔබ අන්තරජාලයේ යමක් කියවන විට ඔබට බාදා කරමින් ස්වයංක්‍රිය ධාවනය වන වීඩියෝ සහ හඩපට නවත්වන්න පුළුවන් හැකියාවකුත් Safari වෙබ් බ්‍රව්සරය සමග දැන් පවතිනවා.

Photo Organization පහසුකමත් වැඩි දියුණු කරලා තියෙනවා.Face Recognize තාක්ෂනය මගින් ඔබ සතුව ඇති එකම කෙනෙක්ගේ ජයාරූප ස්වයංක්‍රියව වර්ගීකරණ  කිරීමේ හැකියාව සහ ඔබගේ සියලුම Apple උපාංග සමග Sync කිරීමේ හැකියාව නව MacOS High Sierra සතුයි.



Image result for macos highsiera photo editing

Photo Editing හිදිත් වැඩිදියුණු කිරීම් දකින්න ලැබෙනවා. ඔබට අවශ්‍ය කරන Editing Tools සියල්ලක්ම ඉතාමත් පහසුවෙන් හා වැඩිදියුණු කිරීම් සහිතව හදුන්ව දී තිබෙනවා. ඒ වගේම ඔබ කරන හැම සංස්කරණයක්ම ස්වයංක්‍රියව ඔබගේ Photo Library සමග Sync වීමේ පහසුකමත් සපයා දී තිබෙනවා.

Video Editing සදහා Final Cut Pro X හි නව විශේෂාංග එකතු කොට තිබෙනවා. විශේෂයෙන්ම VR Environment එකක් තුල සංස්කරණ පහසුකම් කිරීමට හැකියාව පවතිනවා. Scene VR SDK පහසුකම, Unity සහ Unreal Engines මගින් VR පහසුකම Map සදහා ලබාදීමටත් මෙම MacOS High Sierra නව MacOS සංස්කරණයට හැකියාව පවතිනවා.



New iMacs

MacOS එක පමණක්ම නොවෙයි Apple සමාගම විසින් වැඩි දියුණු කොට තිබෙන්නේ. iMac පරිගණකයත් Intel 7th Generation ප්‍රොසෙසරය සමග, අගල් 21.5 පද්ධතිය 32GB ECC Memory  සමගත් අගල් 27 පද්ධතිය 64GB ECC Memory දාරිතාවයක් එක්ක බලගන්වලා තිබෙනවා. ඒ වගේම තවදුරටත් 50% ක වේගයක් SSD සදහා වැඩිදියුණු කොට තිබෙනවා. 2TB දක්වා ධාරිතාව ලබාගැනීමේ හැකියාවත් දැන් තිබෙනවා. ඒ වගේම USB C connectors දෙකක්, අගල් 21.5 පද්ධතිය සමග Retina 4K  Display පහසුකමත්, අගල් 27 පද්ධතිය සමග Retina 5K Display විශේෂාංගත් ලබාදී තිබෙනවා.


Image result for imac 2017

iMac Pro සදහා 18 Core Xenon processor ලබාගැනීමේ හැකියාවත් දැන් පවතිනවා.

Macbook Laptop පරිගණක සදහාත් SSD වේගය වැඩි දියුණුකොට තිබෙනවා.



iOS 11

Apple සමාගම විසින් ඔවුන්ගේ මීලග iOS සංස්කරණය iOS 11 පිලිබදවත් WWDC17 සමුළුවේදී හදුන්වා දුන්නා.

Related image



Apple Pay භාවිතයෙන් පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙක්ට මුල්‍යමය ගනුදෙනු කිරීමේ පහසුකම දැන් තිබෙනවා. iMessage යෙදුම තවදුරටත් වැඩිදියුණු කර ඇතිබවයි Apple සමාගම පවසන්නේ. විශේෂයෙන්ම නව Apple උපාංගයක් හා ඔබ ලියාපදිංචි වීමේදී ඔබේ පැරණි උපාංගය සතුව ඇති messages නිතැතින්ම නව උපාංගයත් සමග Sync වන බවයි Apple සමාගම තවදුරටත් ප්‍රකාශ කරන්නේ.

ඒ වගේම අපි කවුරුත් ආස කරන Siri ගේත් වැඩිදියුණු කිරීම් කිහිපයක්ම වෙලා තියෙනවා. වඩාත් ස්වභාවික හඩක් ලබාදීමට සහ උච්චාරණයන් වඩාත් හොදින් කිරීමට අවශ්‍ය කරන වැඩිදියුණු කිරීම් බොහොමයක් එක් කරලා තියෙන බවයි Apple සමාගම පවසන්නේ. ඒ වගේම Siri ට ගොඩක් හොද භාෂා පරිවර්තන හැකියාවකුත් දැන් තියෙනවා. ඔබ ඔබේ Apple උපාංගය මත කරන දේවල් වලිනුත් දැන් Siri ට තනිවම ඉගෙන ගැනීමේ හැකියාවක් පවතිනවා.


Image result for siri 2017

Control Center, Apple iOS එක්ක එකතු උන මේ අංගය මගින් තනි පිටුවකට සියළුම විශේෂාංග ඇතුලත් කරගැනීමේ පහසුකම තියෙනවා.

ARKit මගින් වඩාත් හොදින් වටපිටාව හදුනාගැනීමේ හැකියාවක් පවතිනවා.

Image result for ARKit



iPads

Apple සමාගම විසින් අගල් 10.5 ක Retina තිරයක් සහිතව නවතම iPad Pro උපාංගය හදුන්වා දෙනු ලැබුවා. මුළු තිරය පුරාම විහිදෙන යතුරු මුහුණතක් , ස්වයංක්‍රිය ලෙස White Balance කිරීමට හැකි True Tone Display සහ HDR වීඩියෝ වඩාත් හොදින් නැරබීමේ හැකියාවත් නව වැඩිදියුණු කිරීම් මගින් ලබාදී තිබෙනවා. 12 megapixel ප්‍රධාන කැමරාවක්, 7 meagapixel FaceTime HD Camera එකක් එක්ක පැය 10 ක පමණ බැටරි ආයු කාලයකුත් නව iPad Pro උපාංගය සතුයි. ඔබගේ අභිමතය පරිදි අගල් 12.9 ක තිරයක් සහිත iPad Pro උපාංගයක් ලබාගැනීමේ හැකියාවත් දැන් තිබෙනවා. එමෙන්ම Apple Pencil වල කාර්යක්ෂමතාවත් ඉහල නංවා ඇති බවයි Apple සමාගම WWDC17 සමුළුවේදී කියා සිටියේ.

මීට අමතරව The Dock, Drag and Drop, Multitasking වගේ ගොඩක් අලුත් අංගත් iPad Pro එක්ක එනවා. අලුතින් එන Files යෙදුම මගින් ඔබගේ සියලුම Files කළමනාකරණය කිරීමටත් තුන්වන පාර්ශවයේ යෙදුම් මගින් හුවමාරු කරගැනීමේ පහසුකමත් පවතිනවා.


Image result for ipad


Home Pod 

Apple Home Pod උපාංගය සමගින් Smart Speaker වෙළදපලට එකතු වෙනවා. Apple Airplay 2 මගින් සංගීතය ඇසීම වගේම Apple Siri මගින් Assistant පහසුකමත් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. අගල් 7ක පමණ උසකින් යුත් මෙම උපකරණය ත්‍රිමාණ දැල් සහිත Fabric එකකින් ආවරණය කරලා තියෙන්නේ. Tweeters 7 කින් වගේම අගල් 4 ක woofer එකකින්ද සමන්විතයි. මේ හැමදෙයක්ම පාලනය වන්නේ Apple a8 චිප් එකකින් සහ මයික්‍රෆෝන් 6 කිනුයි.


Image result for home pod


Apple සමාගමේ WWDC17 සමුළුවේදී කියවුණු දේවල් වලින් සාරාංශයක් තමයි මේ...

පින්තුර Google ගෙනි.

0 ප්‍රතිචාර:

Post a Comment