Cloud Storage මදිද? මෙන්න එහෙනම් විසදුම

by June 18, 2017 0 ප්‍රතිචාර
Image result for cloud storage

සාමාන්‍යයෙන් දවසින් දවස දියුණු වෙන ලෝකේ, තාක්ෂණික නැබුරුව ඉතාමත් ඉහලයි. කබඩ් වල, සේප්පු වල පුරවපු ලිපි ගොනු Digital වෙලා අද තියෙන්නේ පරිගණකයේ. හැබැයි ඉතින් පරිගණකයට උනත් මේ දේවල් වෙනුවෙන් දරාගෙන ඉන්න, රැක ගන්න අමාරුවෙන අවස්ථාත් නැතුවම නොවෙයි.

මෙහෙම හිතන්නකෝ, ඔයාගේ පරිගණකයේ තියෙන්නේ 500GB මතක ධාරිතාවක් තියෙන දෘඩ තැටියක් නම් මුළු ජිවිත කාලෙටම ඔය ඉඩ ප්‍රමාණය ඇති වෙයිද? මුළු ජිවිත කාලෙම ඔය දෘඩ තැටිය කිසිම දෝෂයක් නැතිව වැඩ කරයිද? හදිසියේවත් දෘඩ තැටියට හානියක් උනොත් අපේ වටිනා දත්ත අහපව් ගන්න පුළුවන් වෙයිද? මෙන්න මේ වගේ දේවල් අපිට හිතෙන්න පුළුවන්.


Image result for lost your data

මෙන්න මේ කියන දේවල් නිසා අපිට සිද්ද වෙනවා අපේ වටිනා කියන දත්ත backup කරන්න. නැවත අවශ්‍ය උන වෙලාවට ගන්න පුළුවන් වෙන්න යම්කිසි තැනක සුරැකිව තියන්න. ඒ වගේම තමයි අපිට යන හැමතැනකම අපේ මේ දත්ත අඩංගු උපාංග අරගෙන යන්න බෑනේ. අන්න ඒ වෙලාවට ලෝකේ කොහේ හිටියත් අන්තර්ජාලය හරහා අපට අවශ්‍ය කරන දත්ත තමන්ට ලබාගන්න පුළුවන් නම් ඒක අපිට ගොඩක් පහසුයිනෙ.

දත්ත backup කරන්න, අපි සාමාන්‍යයෙන් භාවිතා කරන ක්‍රම තියෙනවානේ. CD, DVD, Blu-Ray තැටි වලට පිටපත් කරනවා එහෙම නැත්නම් HDD, Memory Stick වල සුරකිනවා. ඉතින් මේ දත්ත ගබඩා කරලා තියෙන උපකරණ වලට හානි වෙන්න පුළුවන්නේ. එහෙම උනොත් නැවත අපිට දත්ත ගන්න බැරිව යන්න පුළුවන්. අන්න ඒකට හොදම විසදුම තමයි, අන්තර්ජාලය තුල අපිට වෙන්කරගත්ත ඉඩක් තුල අපිට අවශ්‍ය දත්ත ගබඩා කරන එක.

Image result for free data capacity from cloud services

Google සමාගමෙන් ලබාදෙන Google Drive සේවාවෙන් අපිට නොමිලේ ලබාදෙන්නෙ 15GB ඉඩ ප්‍රමාණයක්, Dropbox සේවාව මගින් අපිට නොමිලේ ලබාදෙන්නේ 2GB ඉඩ ප්‍රමාණයක්. ඒ වගේම Microsoft සමාගමේ OneDrive සේවාව මගින් අපිට නොමිලේ ලබාදෙන්නෙ 5GB ඉඩ ප්‍රමාණයක්.

ටික කාලයක් යනකොට අපිට මේ ඉඩ ප්‍රමාණය මදිවෙන්න පුළුවන්. එතකොට ආයිත් අදාල සේවාවලට නව ඊමේල් ගිණුම් මගින් නව ගිණුම් හදලා නොමිලේ ඉඩ ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒත් මේ විදියට කරන එක ටිකක් කරදර වැඩක්නෙ. අපිට පුළුවන් නම් මේ විදියට නොමිලේ මීට වඩා ඉඩ ප්‍රමාණයක් ලබාදෙන සේවාවක් භාවිත කරන්න.... ඔව් අපිට පුළුවන්... අද කියන්න හදන්නේ අන්න ඒ විදියට නොමිලේ ගන්න පුළුවන් සේවාවක් ගැන.

මේ සේවාව තමයි MEGA  කියන්නේ. නොමිලේ අපිට 50GB ඉඩක් ලබාගන්න හැකියාව තියෙනවා.

Image result for mega cloudදැනට අපි භාවිතා කරන අනිත් සේවාවල වගේම පරිගණකය තුල ස්ථාපනය කරලා භාවිතා කරන්න පුලුවන්, ඒ වගේම ගොඩක් හොද mobile app එකක්, බොහොම ආකර්ශනීය වගේම ප්‍රයෝජනවත් web interface එකක් මේ සේවාවත් එක්ක අපිට ලබාගන්න පුළුවන්.



Image result for mega cloud app



පහල තියෙන වීඩියෝ එක බලලා තවත් විස්තර දැනගන්න පුළුවන්.

[embed]https://www.youtube.com/watch?v=le2qFdfw1RI[/embed]



ආයිත් දවසක මේ වගේ වැදගත් වෙයි කියලා හිතෙන දෙයක් අරගෙන එන්නම්. මේ ගැන නොදන්න බොහෝ දෙනෙක්ට මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි. හැමෝටම ජයම වේවා !!!

0 ප්‍රතිචාර:

Post a Comment