සිරිත් මල්දම - Office Version

by July 08, 2011 11 ප්‍රතිචාර
ඇම්.ඇල්.සිල්වා ගුරු මුහන්දිරම් විසින් රචිත සිරිත් මල්දම නම් වූ,මිනිසෙකු විසින් සමාජයේ ජිවත් වීමේදී දත යුතු හොද සිරිත් විරිත් ඇතුලත් කාව්‍ය සංග්‍රහය අද සමාජයේ ජිවත් වන්නාවූ බොහෝ දෙනෙකු විසින් පරිහරණය නොකරන ලද්දකි.එම කාව්‍යන් අතරින් කිහිපයක් වත්මන් රැකියා ස්තානයකට උචිත වන පරිදි සැකසුවකි මේ........


අටයි තිහ වෙනකොට
කොම්පුටරේ on කොට

අලසකම් දුරු කොට


න් ජොබ් එක දියුණු වන්නට





කිළුටු රෙදි බැනියම්


ඇදුම් නාදිනු කිසියම්

පිරිසිදු නිසි ඇදුම්

අදිනු හැම කල නුබට ඇත්නම්

 




දිග නියපොතු වැඩුණු

තිබුව හොද නෑ කපනු

දත් පෙළ කහ ගැසුණු

පෙනෙයි කැත ලෙස හොදින් මදිනු


 



හිස අවුල් කරගෙන 
කිළුටු වැරහැලි ඇදගෙන

දැලි කුණු තවරාගෙන

ඉදුම හොද නෑ භූත කරමින

 





ඇග වැසුමෙන් නිසි ඇදුම් අදින්නේ

බඩ නෙරුමෙන් රෙදි නොම ඇද ගන්නේ

ඇදුමට වැඩි වියදම් නොකරන්නේ

වයසට පමණට ඇදුම් අදින්නේ

 




ඔෆිස් එක තැන තැන 

නොයන් දුවමින් බලමින

දග නොකර ඉදගෙන

බොසා කී දෙය කරන් එළෙසින 

 




කියුබිකල් එකකට 


ගියකළ ඕන කමකට 

ඔවුන් නොමදැක  ඔබ

ඇතුළු නොමවන් නොහොබි සිරිතට

 




වැඩ ඇති විට අතපසු නොකරන්නේ

අද දවසට වැඩ අද කරපන්නේ

හෙට දවසට හෙම කල් නොදමන්නේ

නිසි කාලෙට නිසි වැඩ කරපන්නේ

 




බොස්ලා කිසිම විට 

සතුටු නොම වෙයි අස් කෙරුමට

හොදින් එය සිහි කොට 

වැරදි නොකරන් බැනම් ඇසුමට 


 





අනුන්ගේ document  

නාදිනු නොගනු කිසිවක්

උවමනා කළහොත්

කියා ඉල්ලා ගැනුම යහපත්





flat file පොත් පත් 

පැන් පැන්සල් සැවොමත්

තම සැලකුම ඇතොත් 

තමන් ගාවම තිබේ සැක නැත් 

 




තම අබියසට පැමිණි

සැම දෙන හටම කුලුනෙනි

කතා බස් කරමිනි

අසන් තොරතුරු සුදුසු විදියෙනි


 




යමක් නොම අසු විට 

උත්තර නොදෙනු පර හට 

නුබෙන් අසු යමකට

දෙනුව උත්තර හොදින් සිහිකොට

 


chairman ,M .D .වත්

වෙන මැනේජර් කෙනෙක්වත්

කතාවක් කළහොත් 

නැගිට උත්තර දීම යහපත්

 








බොස්ලා ඉදිරියේ

උසක නොඉදිනු සරියේ

එන සද ඉදිරියේ

නැගිට සිනැසි සිටිනු සරියේ

 





හොද යහළුවන්ගේ ගුණ

දැනෙයි අස්වී ගිය තැන 

මෙලොව අදුරක් වන

මහත් විපතක් වේය දුක් දෙන

 





කුහක අය සමගින

මිතුරු නොමවන් කිසි තැන 

රුධුරු නයි විස මෙන 

ඇසුරු නොකරනු සොදින දැනගෙන

 





බොස්ගේ සිත නොරිදනු

කීකරු කමින් පවතිනු

එකට එක නොකියනු

සතුටු මුහුණක් නිතර පෙන්වනු

 





බොස් විසින් නුබ හට 

අණක් දුන් කල වැඩ කට

ඒ ගැන නුබ පෙම් කොට 

කරන්  ඒ දෙය කියූ විලසින

 



රහස් කියන තැන වලට නොයන්නේ

දොසක් කියන විට තරහ නොවන්නේ

යමක් කියන විට කෑ නොගසන්නේ

හොදින් කියන කල අස සිටින්නේ 


 

 

 

 

 



 

11 comments:

  1. Fantastic. I love this . Very creative

    ReplyDelete
  2. එලම තමා.... print කරල ගහන්න හිතෙනව office එකේ

    ReplyDelete
  3. බොහොම අපූරුයි. හොඳට පද ගලපලා ලියල තියෙනවා.

    ReplyDelete
  4. @Bindi ගොඩක් ස්තුතියි ඔයාගේ ප්‍රතිචාරයට........තව මේ වගේ දේවල් ඉස්සරහටත් පොස්ට් කරන්නම්කො......

    @සහන් ප්‍රින්ට් කරලා office එකේ ගහල බලන්න.office එකේ දියුණුවක්,වෙනසක් එහෙම තිබුනොත්,ඔං මතක් කරලම මටත් කියන්න.....
    සහයෝගයට ගොඩක් ස්තුති අයියේ........

    @පොත් ගුල්ලා ගොඩක් ස්තුතියි සහෝ...ඔයාලගෙන් මේ වගේ ප්‍රතිචාර ලැබෙන තරමටයි තව තවත් මට ලියන්න හිතෙන්නේ......

    ReplyDelete
  5. ප්‍රතිචාරයට ගොඩක්ම ස්තුති අයියේ......
    ඔයාලගේ හැම comment එකක්ම මට මහ මෙරක් තරම් වටිනවා.....
    මම දාන පොස්ට් වලට comment එන හැම වෙලාවකම මම තව තවත් ශක්තිමත් වෙනවා....

    ReplyDelete
  6. @සසීන්ද්‍ර වීරසිංහ ප්‍රතිචාරයට ස්තුතියි..........

    ReplyDelete
  7. @sansarasidu
    ප්තිචාරයට ගොඩක් ස්තුතියි සහෝ ..............

    @පන්සල් හංදිය
    ප්තිචාරයට ගොඩක් ස්තුතියි සහෝ ..............

    ReplyDelete