ඉස්කෝල ජිවිතේ -දෙවැනි දිගහැරුම

by July 12, 2011 2 ප්‍රතිචාර

අද මම කියන්න හදන්නේ මගේ ඉස්කෝලේ ජිවිතේ ඉතිරි ටිකයි.වැඩි විස්තර ඕන නෑ කලින් පොස්ට් එක කියවපු අය නම් දන්නවනේ ඉතින් මම කියපුව.ඔන්න ඒක කියෙව්වේ නැත්නම් මෙතනින් බලාගන්නකො.අර එදා සර්ට හොරෙන් බත් කෑවට පස්සේ.ටික කාලෙකින්...........







අපි අට වසරත් pass කරලා ඔන්න ආව 9 වසරට.ඒ අව්රුද්දෙ අපේ ඉස්කෝලේ ටිකක් විතර ලොකු ප්‍රදර්ශනයක් තිබුන.මමයි,ඩිලානුයි,ජෙන්සයි එකතු වෙලා ඔය ප්‍රදර්ශනේට හොද අයිටම් එකක් හදන්න තීරණය කළා.Astro 2006 කියලයි ප්‍රදර්ශනේ නම් කරලා තිබුනේ.අජටාකාශ විද්‍යාව පදනම් කරගෙනයි මේ ප්‍රදර්ශනේ පවත්වන්න තීරණය කරලා තිබුනේ.ඔන්න ඉතින් තුන් දෙනාම එකතු වෙලා දන්න වැඩ කැලි ටික ඔක්කොම දාල අභයවකාශය ගැන පුළුල් විස්තරයක් ගෙන්න පුළුවන් නියම ප්‍රසන්ටේෂන් එකක් කළා.හද කවල,වීඩියෝ දාල එහෙම වැඩේ ලස්සනට කළා.ඒකට ඩිල්කිගේ එකම අයියත් අපිට ගොඩක් උදව් කළා.   


ඕක හැදුවට ඉතින් පුළුල් තිරයේ පෙන්නන්න බෑනේ projector එකක් නැතුව.අපිට කොහෙන්ද සල්ලි projector ගන්න.ගන්න තියා හිතන්නවත් පුලුවන්ද.ඒ වගේ ගණන් වල හැටියට.කොහොමහරි ටවුන් එකේ කඩවල් ගානකම බලල අඩුම ගානකට projector එකක් කුලියට ගන්න අපි තීරණය කළා.කුලියට ගන්න තීරණය කලාට මොකෝ.ගෙවන්න ඕන ගානවත් අතේ නෑනෙ.ඒක ශේප් කරගන්න අපි අනුග්‍රාහකයෝ හොයන්න හිතුව.ගෙවල් වලිනුත් අපිට පුළුවන් හැටියට උදව් දුන්න.ටවුන් එකේ තියෙන දන්න කියන කඩ කීපයකුයි,බූක් ෂොප් ටිකයි,sampath bank එකයි කතාකරල කොහොම හරි වැඩේට සෙට් කර ගත්ත.වැඩේ ලේසි උනේ නම් නෑ.එයාලගේ banner වගේ දේවල් ප්‍රදර්ශන භූමියේ ප්‍රදර්ශනය කරන්න එයාල කැමති උනා.
projector වැඩෙත් හරි ගියාට පස්සේ ඔන්න ප්‍රදර්ශනය පැවැත්වෙන දිනයත් උද උනා.දවස් 3 ක් ප්‍රදර්ශනේ තිබ්බ.projector එක දුන්න ආයතනයෙන් projector එකේ සියලු වගකීම් අපිට දීලයි තිබුනේ.මොනවා හරි අව්ලක් උනොත් අපි අමාරුවේ.projector එක ගේන්න ගෙනියන්න ඒ හැම දෙයක්මත් අපිටයි බාර උනේ.ඒ හැම දේකදිම ඩිල්කිගේ අයිය අපිට සහයෝගය දුන්න.
අපේ ප්‍රදර්ශන කුටිය නියමෙට නැගල ගියා.ප්‍රදර්ශනේ ඉවර වෙලා සති දෙක තුනකට පස්සේ ප්‍රදර්ශනයෙන් තෝර ගත් ජයග්‍රාහකයන්ට සහතිකපත් ඇවිත් තිබුන.පොඩි උත්සවයක් තියල ඒ සහතිකපත් බෙදල දුන්න.සහතිකපත් බෙදන දවසේ ජයග්‍රාහකයන්ගේ නම් අතර අපේ නමුත් තිබුන.අපිට මුළු ප්‍රදර්ශනයෙන්ම දෙවැනි තැන හිමි වෙලා තිබුන.එදා 3 දෙනාට ගොඩක් සතුටු හිතුන.අපේ මහන්සිය පොඩ්ඩක්වත් අපතේ ගියේ නෑ කියල අපිට හිතුන.
මේ මමයි ජෙන්සයි ඒ දවස් වල......මම නම් කළුම කලුයි මේ පොටෝ එකේ.....

















ඔය විදියට නවය වසරේ අවසාන දින කිහිපයත් අපි ගෙවල දැම්ම.............






කතාව ඉවර නෑ.............තව ගොඩක් දේවල් තියෙනවා කියන්න.......තවත් දවසක ඒ රසවත් දේවලුත් කියන්නම්කො.......හැමෝටම ජය වේවා!!!!!!!!!

2 comments:

  1. මල්ලි හපනා.. මම කිව්වේ...! උඹ මේක දාලා ගියොත් මම උඹට අලව්වට ඇවිත් ගහලා යන්නේ... හරි... දිගට ලියපන්. අපි ආසාවෙන් කියවනවා...!

    ReplyDelete
  2. ඒ දවස් වල අපි කරපු සමහර දේවල් බලපුවම ඒ තරම් දේවල් කරන්න අපිට ශක්තියක් තිබුනද කියලත් හිතෙනවා.....
    මට වැඩිය ගොඩක් දේවල් කරපු කොච්චර නම් මිනුස්සු මේ ලෝකේ ඉන්නවද.........ඒ මිනිස්සු අතරෙන් මමත් නිකම් නොඉද පුංචි හරි දෙයක් කරා කියල මට සතුටු වෙන්න පුළුවන්නේ....ඒක මට ගොඩක් වටිනවා......
    අයියේ මෙතන මට දාල යන්න බැරි තරම් මම මේ තැනට ලං වෙලා......
    කොටින්ම කිව්වොත් එදා ඔයා කිව්වා වගේ g .f . කෙනෙක්ව ආදරයෙන් බලා ගන්න තරමටම.........මම මෙතනටත් ආදරෙයි.......
    ඒ හැම දෙයකම ආරම්බය ඔයා.ඔයාගේ comment ඒක මට ගොඩක් වටිනවා.........

    ReplyDelete