අම්බේ .....මේ දවස් ටික නම් අම්බානෙකට වැඩ තිබුන දවස් ටිකක්....අද තමයි පොඩි නිදහසක් ලැබුනේ .එකත් ඉතින් අපේ combined maths class එකේ sir ට පින් සිද්ද වෙන්න.
අද අපේ ක්ලාස් එකේ sir ට හොදටම සනීප නෑ.ඒ නිසා අද ක්ලාස් කලින් ඉවර කළා.ටාර් ගාල ගෙදර අවේ අදවත් බ්ලොග් එක පැත්තේ ගිහින් බලන්න ඕන කියල හිතා ගෙන ඒ පැතුම නම් ඔන්න ඉටු උනා. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් .................................
අද town එකේදී අපේ පන්තියේ යාලුවෝ දෙතුන් දෙනෙක් සෙට් උනා.ෆුල් හැපි කට්ටියටම.ඇයි ඉතින් පහු ගිය මාස 4 කට 5 කට කලින් පිස්සු කෙලියේ මුන් එක්කනේ.උන්ටත් ඉතින් මට වගේම තමයි වෙරි බිසී.
ගෙදර ඇවිත් පොඩ්ඩක් නිදහසේ ඉන්නකොට තමයි ඒ දවස් වල ඉස්කෝලේ නටපු පිස්සු මතක් උනේ.ඒවා මතක් වෙද්දීත් හිනා යනවා.හැමෝගෙම ජිවිත වල සුන්දරම කාලය පාසල් කාලය කියනවනේ.ඒ කතාව නම් සහතික ඇත්ත.ඔන්න ඉතින් මටත් හිතුන මගේ පාසල් ජිවිතේ ගැනත් ටිකක් ලියන්න ඕන කියල.
ඔන්න ඉස්සෙල්ලම කියන්නම්කො මම ඉස්කෝලෙට ඇතුල් උන විදිය.මේ කියන්න යන්නේ මම ලගදි සමු දෙන්න යන මගේ ආදරණිය පාසැල ගැන...
ඒ දවස් වල මම පොඩි කොල්ල .ඒ කියන්නේ 5 වසරේ.ශිෂත්වේ ලියන කාලෙ.ඒ දවස් වල මම ඉගෙන ගත්තේ අපේ ගමේ තිබුන පොඩි ඉස්කෝලේ.පොඩි ඉස්කෝලේ උනාට මට නම් එතන ගොඩක් වටිනා තැනක්.හරිම සුන්දර තැනක්.අපේ තාත්තගෙයි,අම්මගෙයි ,ඉස්කෝලේ ටිචලගෙයි ලොකු උනන්දුවක් තිබුන තමන්ගේ දරුවෝ හොදට ශිෂත්වේ සමත් වෙලා ජනප්‍රිය පාසලකට ඇතුලත් කරන එක.ඔන්න ඉතින් අපේ අම්මටත් ඔයා උවමනාව තිබුන.ඒ දවස් වල මට නම් ඕව ගානක් නෑ.සෙල්ලම් වයසනේ .උදේම ඉස්කෝලෙට ගිහින් කරන්නෙත් කොල්ලොයි කෙල්ලොයි එක්ක සෙල්ලම් කරන එකම තමා.පන්තිදීත් ටිචලට අමාරුම වැඩේ තමයි අපිව බලා ගන්න එක.ඇයි ඉතින් පුදුම විසයක්නේ තියෙන්නේ .පොඩ්ඩ බැරි වෙනකොට මොනවා හරි කරගෙන.නාහෙට අහන්නැති කාලයක්.ඔයා අතරේ ඉතින් විබාගෙටත් ඔන්න ලෑස්ති වෙනවා.ඒ දවස් වල අපිට පුදුම උවමනාවක් තිබුන මොනවා හරි වැඩක් දුන්නම එක ඉවර කරලා ඉස්සෙල්ලම ටිචට පොත පෙන්නන්න.මමත් ඉතින් දෙන වැඩේ ඉක්මනටම ඉවර කරලා පෝලිමට දුවනවා.එතනත් දැගලිල්ල.පොරකනවයි,ඉස්සරහ ඉන්න අය විසික් වෙන්න තල්ලු දානවයි.දැනුයි හිතෙන්නේ ටීච අපිව බලා ගන්ඩ කොච්චර මහන්සි වෙන්ඩ ඇත්ද කියල.මගේ වැඩ ඒ දවස් වලත් හරි පිළිවෙලයි.අපිට ඒ දවස් වල ඉගැන්නුවේ විමල ටීච.ටීච මගේ පොත බලල හැමදාම කියන දෙයක් තමා ගැණු ළමයකුටත් වඩා පිළිවෙලකට පොතේ වැඩ කරනවා කියල.මටත් ඉතින් හෙන සැටිස්.
කොහාම හරි අන්තිමට ඔන්න විබාගේත් ලිව්වා.ප්‍රතිපලත් ආව.මෙන්න බොලේ මම ඉහලින්ම පාස් වෙලා.මටත් වඩා අපේ අම්මටයි ,ටිචටයි ගොඩක්ම සතුටුයි.අපේ ඉස්කෝලෙන් කොහොම හරි හය හත් දෙනෙක්ම ඉහලින්ම පාස් වෙලා තිබුන එකෙනුත් මටයි මගේ යාලුවෙකුටයි තමා ඉහලම ලකුණු තිබ්බේ.ඉතින් ඉස්කෝල වලට ඉල්ලුම් පත්තරත් දැම්ම.මාස දෙක තුනකට පස්සේ ඉස්කෝලෙකට ඇතුල් වීමේ ප්‍රවේශ පත්‍රයත් ඇවිත් තිබුන.
කොහාම හරි ඔන්න ඉස් ඉස්සෙල්ලම අලුත් ඉස්කෝලෙට යන දවස ආව.හොදට අලත් ඇදුම් ඇදගෙන,අලුත් බැග්,පොත් අරගෙන.ඉස්කෝලෙට ගීයා.ගිය පලවෙනි දවස නිසා අපිට ඉස්කෝලේ පටන් ගන්නකම් ගේට් එක ලගට වෙලා ටිකක් වෙලා ඉන්න උනා.ඔහොම ඉන්නකොට පරක්කු වෙලා ඉස්කෝලෙට එන අය පෝලිමට ඉන්නවා.මේ ඉස්කෝලේ boys college එකක් ඉතින් ගැණු ළමයිනුත් නැති නිසා නීති හරිම තදයි.ටික වෙලාවකින් ඔන්න විනය බාරව හිටපු sir කෙනෙක් ආව.නිකම් නෙමේ ආවෙ වේවැල් තුනක් එකට ගැට ගහල හදපු වේවලකුත් අරගෙන.පෝලිමේ හිටපු අයගේ මුනවල් බෙරි වෙනවා මමත් යන්තමට වගේ දැක්ක.ඔන්න ඉතින් පටන් ගත්ත නෙලිල්ල.මට බලන් ඉන්න බැරි තරමට බයයි.අපේ අම්ම ඔන්න ඒ වෙලාවේ කිව්වා.එහෙ දැගලුව වගේ මේ ඉස්කෝලෙත් දගලන්ඩ නම් හිතන්න එපා පේනවනේ අර වගේ හොදට හම්බ වෙයි කියල.ඒ වෙලාවේ නම් මට හිතුන මොන කරුමෙකට මේ වගේ ඉස්කෝලෙකට ආවද කියල.
අපිව පන්ති වලට දැම්මට පස්සේ අපිට ඉතින් හෙන පාලුයි.ඔක්කොම අලුත් මුනුනේ පරණ යාලුවෝ කව්රුත්ම නැනේ.ඔහොම තනියම ඉන්න කොට තමා.කොල්ලෝ දෙන්නෙක් මට ලං උනේ.ටිකක් බයයි වගේ.කොහොම හරි උන් දෙන්න ඔන්න මාත් එක්ක ෆිට් උනා.ඒ දෙන්න එක වසරේ ඉදන් ඉස්කෝලේ හිටපු දෙන්නෙක්.දැන් ඉතින් මට බයක් නෑ ඕන දෙකට මුන් දෙන්න ඉන්නවනේ.උන් දෙන්න නමින් ඩිලාන් ,ජේන්ස්.එල පොරවල් දෙකක්.අපේ ඉස්කෝලේ කතෝලික පාසලක්.මම නම් බුද්දාගමේ.හිටපු ගොඩක් ලමයිනුත් එහෙමයි.ආගම බේදයක් තිබුනෙම නැති පාසලක්.හැමෝම තම තමන්ගේ ආගම ඇදහුව.ඒ පහසුකම් අපිට දීල තිබුන.හැමෝම එකා වගේ හිටිය.
ඒ දවස් වල ඉදන්ම මටයි ඩිලාන්ටයි අලුත් ගැජට් ගැන දැන ගන්න ඒවා පාවිච්චි කරන්න පුදුම ආසාවක් තිබුනේ.මට තාත්ත computer රාජය අරන් දුන්නේ විබාගේ පාස් වීමේ ප්‍රීතිය නිමිත්තෙන්.එත් මට ඒ දවස් වල අන්තර්ජාල පහසුකම් නම් තිබුන් නෑ. ඩිලන්ට අයිය කෙනෙක් හිටිය.එයත් අපේ ඉස්කෝලෙම ආදි ශිෂ්‍යයෙක්.එයත් ඒ දේවල් වලට ආස කල නිසා එයා දන ගන්න හැම දේම ඩිලාන්ටත් කියල දෙනවා.ඩිලානුත් ෆොටෝස් ,වීඩියෝ වගේ දේවලුත් එක්ක ඒවා මට ගෙනත් පෙන්නනවා.ඕව ඉතින් ගේන්ඩ වෙන්නේ එක්කෝ cd එකක නැත් නම් pen එකක වගේ දේක දාගෙනනේ. ඉතින් අපි ඉස්කෝලෙන් පිට කොහෙදිවත් මුණගැහුන් නැති නිසා ඉලෙක්ට්‍රෝනික් උපකරණ වගේ දේවල් ඉස්කෝලෙට ගෙන්න තහනම් උනත් අපි ඒවා ඉස්කෝලෙට ගේනවා.හැබැයි ඉතින් එකම දවසකවත් අහු වෙලා චාටර් කන්න නම් උන් නෑ...
කතාව දිග වැඩි උනාද මන්දා .ඔන්න ඔහොම හය හත වසරේ අවරුදු දෙකත් ගෙවිල ගියා.ඔහොම ඉද්දි දවසක් පන්තියේ ගුරුවරු කව්රුත් නැති වෙලාවක් බලල මමයි ඩිලානුයි,ජෙන්සයි බත් එකකට ගේම දෙන්ඩ සෙට් උනා.ඩිලන්ට අපි ආදරේට කීව්වෙ ඩිල්කි කියල,වෙලාවකට ඒකා පණ්ඩිත කතාත් කියන නිසා අකිමිඩිස් කියලත් කිව්වා.දැන් ඉතින් බත් එකේ බාගයක් විතර ඉවරයි.ඔන්න ටික වෙලාවකින් අපිට ඉතිහාසය උගන්නපු sir එනවා.ඒ sir කොහෙත්ම කැමති නෑ ඉන්ටෙර්වල් එකේදී ඇරෙන්ඩ වෙන වෙලාවල් වල කෑම ගන්නවට.එහෙම අහු උනොත් ඉතින් බත් කාල ඉවර වෙලා ගුටිත් කන්න වෙනව.sir ලග ලගම එන නිසා බත් එක අකුල ගන්ඩ වෙලාවකුත් නෑ අත හොද ගන්න වෙලාවකුත් නෑ.දැන් ඉතින් මොකද කරන්නේ.එක පාරටම ඩිල්කි බත් එක අරන් දැම්ම ඩෙස් එක යට පොත් තියන්ඩ හදල තියෙන ඉඩට.දැන් ඉතින් අත හොද ගන්ඩ විදියකුත් නෑ.ගෙනාපු බෝතල් වල වතුරත් ඉවරයි.මොනවා කරන්ඩද මේ යන්නෙත් දෙවැනි පීරියඩ් එක තව පීරියඩ් දෙකක්ම තියෙනවා ඉන්ටවල් එකට.එදා තිබුනේ අලුත් පාඩමක්.සිර පාඩම කියදිදී ඉන්නකොට ඩිල්කි බත් එකෙන් ටික ටික කනවා.අපිත් ඉතින් ඒකා කාල ඉවර වෙනකම් පැත්තකට වෙලා ඉන්ඩය .අපිත් ටික ටික කිට්ටු කරලා සෙට් උනා.සරට අහු නොවී කන්ඩත් ඕන.වෙලාවට sir ට හෙම්බිරිස්සාවක් හැදිලා තිබුන නිසා බත් එකේ සුවද දනුන් නෑ.නැත් නම් එදා අපිට හොදට කන්ඩ වෙනවා.කොහොම හරි ඉතින් ඒ පීරියඩ් දෙක ඉවර වෙනකනුත් sir ඉගැන්නුවා.ඉන්ටර්වල එකට බෙල් එක ගහනකොට තමා අපිට හුස්ම ටිකක් වැටුනේ එත් ඉතින් ඒ වෙනකොට තුන් දෙනා එකතු වෙලා බත් එකේ ඉතුරු බාගෙටත් ගේම දීල ඉවරයි.
මේ මගේ පාසල් ජීවිතෙන් පොඩ්ඩක් විතරයි තව හොද හොද කෙරුම් තියෙනවා.ඔයාලගේ ප්‍රතිචාර අනුව ඒ ටිකත් දාන්න බලාපොරොත්තු වෙනවා........
හිහ්...හී... කොල්ලා වැඩකාරයා එහෙනම් ආ... මම ඒත් හිතුවා ! එළ එල මලේ... දිගටම ලියපන්. උඹේම කියලා ස්ටයිල් එකක් හදාගනින්... බ්ලොග් එකක් කියන්නෙත් මාධ්‍ය භාවිතයක්. ඒක නිසා ඒකත් ඔළුවේ තියාගෙන ලියන්න. ජයවේවා එහෙනම්. ඉතුරු ටිකත් දාන්න...
ReplyDeleteප/ලි. අර ඇනිමේෂන් එකන්ම පට්ට !
හරි අයිය ඉතුරු ටිකත් පුළුවන් තරම් ඉක්මනට දාන්නම්.සහයෝගයට ස්තුතියි......
ReplyDeleteවැඩ්ඩෙක් තමයි......
වැඩ්ඩො නිකම් ඉදල හරියන නැනේ වැඩ පෙන්නන්න මොනවහරි දෙයක් කරන්න ඕන.....
මමත් දගලන්නේ ඉතින් ඒ ටික කර ගන්න තමා......
එල එල මචෝ.. ඉතුරු ටිකත් දාපන්.. සිරා!
ReplyDelete@Hasitha ගොඩක් සතුටුයි සහෝ.........ප්‍රතිචාරයට......මම ලියන ඒවා බලන්න,අදහස් පලකරන්න ඔයාල වගේ අය ඉන්නකම් මම අනිවාර්යෙන්ම ලියනවා........
ReplyDeleteඔය කියන්නෙ අපෙ සහේදර පාසලක් ගැනනෙ මමත් අලුත් ඉස්කේලෙට ගිය දවස මතක් වුනා
ReplyDelete@චතුරංග ජයවර්ධන ඒ කියන්නේ මගේ පොස්ට් එකෙන් වැඩක් උනා කියන එකනේ....
ReplyDeleteප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි සහෝ.......