කොහොමද ඉතින් යාලුවනේ...
සතියකට විතර පස්සේ ඔන්න මම බ්ලොග් එක පැත්තේ ආවා...
ලංකාවේ අපිට මහා ලොකු ස්පීඩ් ඉන්ටෙර්නෙට් නැහැනේ, අනික අපිට හම්බ වෙන ඩේටා ප්රරමානයත් සීමාසහිතයි. අන්තර්ජාලයේ තියන ගොඩක් වෙබ් අඩවි වල වෙළද දැන්වීම් දාලා තියනවා. ඉතින් අපේ ඉතා වටිනා ඉන්ටෙර්නෙට් ස්පීඩ් එක හා ඩේටා ප්රමාණයෙන් සැලකිය යුතු කොටසක් මේ අපිට නොවටිනා වෙළද දැන්වීම් ලෝඩ් වීම සදහා වැය වෙනවා. මීට අමතරව සමහර වෙළද දැන්වීම් හරිම කරදරයක්.ඉතින් අපි ඕකට මොකද කරන්නෙ..ඒ සදහා පොඩි විසදුමක් ලබාදෙන්නැයි මම අද ආවෙ.
මේ සදහා විසදුමක් ලෙස Ad Block Plus යොදා ගන්න පුළුවන්. හැබැයි මේක බාවිතා කරන්න පුළුවන් Firefox,Google Chrome වලට පමණයි.
ඔය පහල තියන රුප බලන්නකෝ.එකෙන් ඔයාලට මේකෙ ක්රියාකාරිත්වය ගැන පැහැදිලි වැටහීමක් ලබා ගන්න පුළුවන්
Firefox සදහා මෙතනින් ලබා ගන්න
Chrome සදහා මෙතනින් ලබා ගන්න
එහෙනම් ඉතින් කරලා බලල කොමෙන්ටුවක් දාලම යන්න.මේක ඔයාලට ගොඩක් ප්රයෝජනවත් වේවි කියල හිතෙනවා..හැමෝටම ජය වේවා!!!
අඩේ, මලයෝ chrome ලින්ක් එක වැඩ නෑනේ බං !!! වැඩේ හොඳයි, මමත් හොය හොය හිටියේ... ලින්ක් එක හදලා දාන්න ...
ReplyDeleteප්රතිචාරයට ගොඩක් ස්තුතියි අයියේ link නම් හොදට වැඩනෙ.කෝකටත් කියල මම අහපව් ඔන්න ලින්ක් කළා.දැන් බලන්න වැඩ කරයි.
ReplyDeleteදී ඇති ලින්ක් වල අවුලක් ඇත. ....
ReplyDeleteදැන් ලින්ක් හොදින් වැඩ කරනවා......ප්රතිචාරයට ගොඩක් සතුටුයි...
ReplyDelete