4G:4 වෙනි පරම්පරාවේ ජංගම දුරකතන වල සැබැව

by June 23, 2011 4 ප්‍රතිචාර

මොකක්ද මේ 4G කියන්නේ ලංකාවට මේක ටිකක් අලුත් දෙයක්නේ.....එහෙනම් ඉතින් අපි මේ 4G ගැන ටිකක් දැන ගමුකො.....මොකද මේ අලුත් තාක්ෂණයත් එක්ක ඉදිරියට යන එකනේ වටින්නේ.....

                                                  ජංගම දුරකථන මුල් අවදියේදී යොදා ගත්තේ එකින් එකා අතර කතා බහට කියල ඔයාල හැමෝම දන්නවනේ.එත් වසර කිහිපයකින් ඒ තත්වය වෙනස් වෙලා .දැන් ජංගම දුරකථන වලින් ඇමතුම් ගන්නවට වැඩිය sms කිරීමට,වීඩියෝ/චායරුප ගැනීමට ,චැට් කිරීමට වගේම අන්තර්ජාලයේ සැරිසැරීමට වගේ දේවල් වලට තමයි ජංගම දුරකථන යොදා ගන්නෙ,දැන් දුරකථන වල ජාල වල දියුණුවත් වෙන්නේ මේ දත්ත සේවා පැත්තෙන්.2 වන පරම්පරාවේ ඉදල  4 වෙනි පරම්පරාවට එද්දී දත්ත සේවාවල විශාල දියුණුවක් ලැබිල තියෙනවා.Gsm data ,GPRS ,EDGE ,3G(UMTS ),HSDPA ,HSUPA , HSPA වැනි විවිද දත්ත ක්‍රම මගින් අපිට වේගවත් දත්ත ලබාදෙනවා,මේ අතරට ආලුතෙන්  ආපු නම තමයි  4G(LTE -Long Term Evolution ) මෙයට හේතුව තමයි  මේ වෙනකම් voice හා දත්ත(Data) වෙන වෙනම ජාලයේ පැවතීම.මෙම නිසා 4g වලදී සියල්ල data මතට ගෙනයාම තමයි මෙහිදී සිදු වන්නේ. Long Term Evolution යන්නේ අදහස තමයි "දිගු කාලීන පරිණාමනය"යන්න.ඒ කියන්නේ පැරණි ක්‍රම වලින් අලුත් ක්‍රමයකට මාරු වීම හා දැනට ජංගම දුරකතන වල තියන සංකීර්ණ බව අඩු කිරීමයි. 


                                                                                                                            දැනට ඇත්තම 4G ජාල නම් නෑ.දැනට තියෙන්නේ pre -4G නැතහොත් 4 වෙනි පරම්පරාවට මාරු වෙන්න තියෙන ජාල.ජංගම දුරකථන සම්මත අනුව මේවා 3.75g~3.9g වෙනවා.ITU(International Telecommunication Union )අනුව 4 වෙනි පරම්පරාවේ LTE Advance (ITU - R Organization අනුව )  ජාලයක දත්ත වේගයන් 1Gbps විය යුතුයි .(උපරිමය) මෙම ජාල IMT Advanced -International Mobile Telecommunications  Advanced ලෙස  හදුන්වනවා .දැනට තියෙන LTE ජාල වල උපරිම වේගය 100mbps වෙනවා .  

              ඔයාලට මතක ඇති මිට වසරකට පමණ පෙර ජංගම දුරකථන සමාගම් 28mbps  HSPA වේගයන් ලබා ගත හැකි බව කියමින් Sms පණිවිඩ එව්වා.නමුත් එම වේගයන් තවමත් අපිට ලැබී නෑ.මෙම 4G ජාල වල වේගයන්ද එවැනියි.සැබෑ ජිවිතේ මෙම වේගයන් ලබා ගත නොහැකියි.Motorola සමාගම මගින් නිකුත් කල සබැ ලෝකයේ LTE පරීක්ෂණයකදී සියලු තත්වයන් හොද අයුරින් පවතින විට LTE ජාලයක එක පුද්ගලයෙකුට ලැබෙන හොදම සහ උපරිම වේගය 8mbps වන බවත්,නමුත් සාමාන්‍ය  වේගය 3~5mbps බවත් සොයාගෙන ඇත. මෙම දුරකතන සමාගම් 100mbps යයි කියන්නේඑක ඇන්ටනාවකට දිය හැකි උපරිම වේගයයි.මෙම වේගය සම්බන්ද වන ග්‍රාහකයන්,දුරවල් වැනි විවිඩ් දේවල් අනුව වෙනස් වෙනවා.එම නිසා ජංගම දුරකථන සමාගම් කියනු ලබන වේගයන් සබැ වේගයන් නොව උපරිම පරීක්ෂණ මට්ටමේ ලබා ගත හැකි වේගයන් වෙනවා. 

                                                                                      ලංකාව තුල මේ කතාව තවත් වෙනස් වෙනවා.ලංකාව තුල මෙම පහසුකම ලබාදීමට අදාල යටිතල පහසුකම් අධුයි,දුරකථන සමාගම් මේවට කරන වියදම අධුයි.මොකද මේ LTE වලට මාරු වීම සිදු වන්නේ දුරකථන සමාගම් හා දුරකථන ජාල සපයන ආයතන වල උපකරණ බදු දීම මගින්.දුරකථන අලුත් වැඩියා කරන්න වැය වෙන්නේ කුඩාමුදලක් උවත් යටිතල පහසුකම් සදහා විශාල මුදලක් වැය වෙනවා.ඉතින් ලංකාවේ ජංගම දුරකථන සමාගම්වලත්,දුරකථන ජාල වලටත් ඇති වත්කම් සලක බලන විට LTE (4G)තාක්ෂනය ලංකාව තුල සැබෑවටම අත් විදින්න ලැබෙයිද කියන එක නම් හිතන්න අපහසුයි.

                                                                               

 ඔන්න ඔහොමයි ඉතින් 4G වල වැඩ...................

 

4 comments:

  1. කව්ද දන්නෙ දමිත් බ්ලොග් ලියනව කියලා දිගටම ලියහන් අපි කියවනවා

    4G ගැන කියනවනං "දිගු කාලීන පරිණාමනය" වෙද්දි අපිත් පරිණාමය වෙලා තියෙයි.

    ReplyDelete
  2. ස්තුති සහෝ.....
    එක නම් වෙයි නමුත් ඉතින් ඔය පරිණාමනය ඉක්මනට වෙනවනම් තමා හොද නැත්නම් ඉතින් අපිට කවද වේගවත් internet connection එකකින් වැඩ කරන්ඩ ලබෙයිද දන්නේ නැ...........

    ReplyDelete
  3. පෝස්ට් එකේ අන්තිමට කියල තියන කතාව නම් පට්ට ඇත්ත..
    අපිට කවදා 4G ලැබෙයිද මන්දා...තාම 3G වත් හරියට නැතිකොට...හික් :P :P

    ReplyDelete
  4. ඒක සහතික ඇත්ත චතු .......
    මොනවා කරන්නද මේ connections හරියට වැඩ කරනකන් තියෙන ඒවායින් මොන විදියකට හරි වැඩ කරන්න වෙනවා ඉතින්....

    ReplyDelete