කදුල

by June 29, 2011 0 ප්‍රතිචාර
ඔබ නෙතග රැදී කදුලැල්

මා නෙතු සගලින් දුටුවත්

ඔබේ හදේ රැදී ගින්දර

මා හද පත්ලට දැනුනත්

නොදුටු ලෙසින් ඒ කිසිවක්

 මා ඔබ අබියස සිටියත්

දහස් වරක් මසිත කීවේ

ඔබේ සිත සනසන්නයි .....

නැවත වරක් කදුළු බින්දු

ඔබේ නෙත් රදවන්නට

නැවත වරක් ඔබේ හදවත

සෝ සයුරේ ගිල්වන්නට

බැරි හින්දයි

නිහඩ වෙලා

ඔබ අබියස සිටියේ මම......


0 ප්‍රතිචාර:

Post a Comment