“CTRL + ALT + DEL “

by February 03, 2012 4 ප්‍රතිචාර
“CTRL + ALT + DEL “මෙහෙම කියපුවම පරිගණකය පරිශීලනය කරන ගොඩක් දෙනෙක් නම් මේක මොකක්ද කියන්න දන්නවා...නොදන්නා අයත් ඉන්නවනම් ඔන්න දැන ගන්නකො....

ඔන්‍න‍ ඔයා පරිගණකයේ ප්‍රෝග්‍රෑම් කිහිපයක වැඩ කරමින් ඉන්නවා.එක වරම මොකක් හෝ හේතුවක් නිසා පරිගණකය ස්ට්‍රක් වෙනවා එහෙමත් නැත්නම් හිර වෙනවා...දැන් මොකද කරන්නෙ පරිගනකය යතා තත්වයට එනකම් එහෙම්මම තියනවද????එහෙම උනොත් තව කොච්චර වෙලාවකින් යථා තත්වයට එයිද???එතකං කරමින් හිටපු වැඩ නතර වෙනවා නේද???



දැන් මොකෝ කරන්නෙ???


“CTRL + ALT + DEL “මේ ගැන දන්න කියන අය නම් ඉබේටම වගේ keyboard එකේ මේ යතුරු press කරයි.එහෙම ප්‍රෙස් කලාම මෙන්න මේ වගේ එකක් ලැබේවි...

Image result for task manager windows 7



ඔය application කියන tab එක යටතේ පහලින් පෙන්වන්නෙ මේ වන විට ඔයා විසින් ක්‍රියාත්මක කරන ලද මෘදුකාංගයි....task යටතේ ඒ මෘදුකාංගයත් status යටතේ නිවැරදිව ක්‍රියාත්මක වෙයි නම් Running ලෙසත් නිවැරදිව ක්‍රියාත්මක නොවී ස්ට්‍රක් වෙලා තියනවනම් පහත රුපයේ හැටියට status යටතේ Not Responding ලෙස දිස්වේවි.


Image result for task manager windows 7 not responding

එවැනි අවස්ථාවක අදාල ස්ට්‍රුක් උනු ප්‍රෝග්‍රෑම් එක මත ක්ලික් කොට පහලින් තිබෙන End Task නමැති බොත්තම එබීමෙන් එම ප්‍රෝග්‍රෑම් එක දාවනයෙන් ඉවත් කරමින් පරිගණකය නිවැරදිව ක්‍රියා කරන පරිදි සකසා ගත හැකිය.

මෙම Windows Task Manager හි Processes ටැබ් එකෙන් අප විසින් දාවනය කරවූ මෙන්ම අපට නොපෙනී ඉබේ දාවනය වන ක්‍රියාදාමයන්ට අදාල task ද දැක ගන්න පුළුවන්..මෙහිදී පරිගණකයේ දාවනයට අනවශ්‍ය task එකක් නම් එය End Process කිරීමෙන් එහි ක්‍රියාකාරිත්වය නතර කල හැකියි.නමුත් මෙහිදී ඒ task එක පරිගණකයේ දාවනයට අත්‍යවශ්‍ය එකක් නම් එය End Process කිරීමෙන් පරිගණකය අකර්මන්‍ය විය හැක...එබැවින් ඔබ End Process කරන Task එක ගැන සැලකිලිමත් විය යුතුය.

Image result for task manager windows 7 end process

දැන් ඔයාලට “CTRL + ALT + DEL “ ගැන යම් අවබෝදයක් එන්න ඇතිනෙ.ඔයාල දන්නවද කව්ද මේ “CTRL + ALT + DEL “ හොයා ගත්තේ කියල....


නැ.... මම හිත‍න්නේ නැ කියාලා! මොකටද ඕවා නේද???ඒත් මැෂින් එක ස්ට්‍රක් වුනු ගමන්ම අත නම් නිකන්ම යනවා!

මේක හොයාගත්ත පුද්ගලයා මේකට අදාල වුනු කෝඩ් එක source code ලියන්න ගත කරලා තියෙන්නේ විනාඩි 01 තත්පර 23!ඔහු තමා ඩේවිඩි බ්‍රැඩ්ලි

ඔහු 2005 මාර්තු 25 අවුරුදු 29 ක් IBM ආයතනයේ නොමැකෙන සේවයක් කොට විශ්‍රාම ලැබුවා! පරිගණකයක් අප දෙන commands එකක් ගොඩාක් වෙලා කරන්නේ නැතිව ඉන්නව නම් මේ යතුරු තුනට අනිවාර්යයෙන්ම ප්‍රතිචාර දක්වනවා!

1980 දි වැඩ කරමින් සි‍ටි 12 දෙනා අතරින් ඔහු මේ කාර්ය මැනවින් ඉ‍ටුකලේ පරිගණක ඉංජිනේරුවන් මුහුණ පා සිටි විශාල ගැටලුවක් නැතිකර දමමින්!

ඒ මොකද සරලවම පරිගණකයට මේ කෝඩ් එක නැවත නැවත ආරම්භ කිරීමට ඇති හැකියාව නිසයි.ඔහුගේ සොයා ගැනීම ගැන ඔහු පවසා ඇත්තේ

“I may have invented it, but Bill gates made it famous by applying my formula whenever any Microsoft’s Windows operating system made by him CRASHES,

Thus I win whenever he loses...........”

“David Bradley”

මම Ctrl-Alt-Delete,සොයා ගැනීමට වඩා ගොඩක් දේ කලත් මා ඉතා ජනපිය වුයේ මෙයින් බවයි..නමුත් දැන් අයි බි එම් සමාගම සොයා ගත් මෙම Ctrl-Alt-Delete, බහුලව යොදා ගන්නේ Microsoft සමාගම විසිනි..ඒ ගැන ඔහු කියා තිබුනේ

“මම එය සොයා ගත්තත් බිල් ග්‍රේට්ස් එය ඔහුගේ Microsoft’s Windows operating system වල වැඩ නොකල සැනින් යොදා ගැනීමට සලසමින් එය ජනප්‍රිය කරවුවා!එම නිසා ඔහු කවදා හෝ පැරදුනත් මම දිනුම්!”

යනුවෙනි.

“CTRL + ALT + DEL “ ගැන ඔයාල නොදන්නා යමක් දැන ගත්ත කියල හිතෙනවනම් කොමෙන්ටුවක් කරලම යන්න හොදේ....


ඔන්න මම ගියා ආයිත් දවසක හම්බෙමුකෝ....

හැමෝටම ජයම වේවා!!!!!!!!

4 comments:

  1. ස්තුතියි දැනුවත් කිරීමට!!
    මමත් ඔය ගැන පොඩි විස්තරයක් දැම්මා වේලාවක් තිබුනොත් බලන්න.. ථ)
    "CTRL + ALT + DEL " හොයාගත්තේ කවුද???
    Who find "CTRL + ALT + DEL " ?

    http://chamikawp.blogspot.com/2011/04/ctrl-alt-del.html

    ඔබට ජය!!!

    ReplyDelete
  2. මේ පැත්තට ගොඩවෙලා ප්‍රතිචාරයක් දැම්මට ගොඩක් ස්තුතියි....
    මගේ පොස්ට් එකටත් වැඩ හොදට ඔයාගේ පොස්ට් ඒකෙන මේ ගැන දක්වල තියනවා...නියමයි.....

    ReplyDelete
  3. හොද වැඩක් ..............

    ReplyDelete
  4. බොහොම ස්තුතියි!!!

    ReplyDelete