දුවෙක් හරි පුතෙක් හරි ස්වාදීනව තීරණ ගන්න වයසට ආවහම එයාලා නොදැනුවත්වම දෙමවුපියන්ගෙන් ටිකක් හරි ඈත් වෙනවා.
හැම ජීවිතයකම ලංවීම් ඈත් වීම් එමටයි.
දෙමවුපියෝ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මේ යතාර්ථයට මුහුනදෙන්න වෙනවා.
ඒ අයම තමන්ගෙ ජීවිත දිහා ආපස්සට හැරිලා බැලුවොත් තේරේවි අම්මා, තාත්තගෙන් දැනුවත් හරි නොදැනුවත්ව හරි තමනුත් යම් යම් කාලවල ඈතට ගියපු බව.
තරගකාරී,කාර්‍යබහුල ජීවන රටාවත් එක්ක ජීවිතේ යම් යම් කාලවල අපි හැමෝටම ඈත්වීම්, මගහැරීම්, අතපසුවීම් සිද්ද වෙනවා.
කාලයත් එක්ක නිශ්චල මොහොතක අපි ආපස්සට හැරිලා බලද්දි අපිට මග හැරුනු බොහොම පුංචි දේක උනත් ලොකු වටිනාකමක් තිබුනා නේද කියලා දැනෙනව.
එදාට ලැබිල තියන දේවල් වලට වඩා මග හැරුනු දේවල් ගැන පෘතජන අපි පසුතැවිලි වෙනවා.
ජීවිතේ හැටි ඔහොමයි.
කාලෙකදි දුක් විදිමින් සතුට සොයන අතරේ.
හොයපු සතුට ලැබුනා කියලා හිතාගෙන තවත් දුක් විදින කාලෙකුත් ජීවිත වල තියෙනවා.
0 ප්‍රතිචාර:
Post a Comment