හරි දැන් තරහ උනා..අපොයි ඊට පස්සෙ වෙන දේවල් විද දරා ගන්න නම් අපේ හිත් වලට බොහොම අමාරුයි...එහෙම නේද???
ඒ අයව දැක දැකත් වචනයක්වත් කතා නොකර හිනාවක්වත් නොවී ඉන්න උනොත් කොහොම දෑනේවිද අපට.අපොයි දෙවියනේ එහෙම ඉන්නෙ කොහොමද,එතකොට නම් හිතේවි පුළුවන් තරම් ඒ අයගෙන් ඈතට යන්න.ඒත් කොහොම හරි අපි ඒ හැගීමට හුරු උනොත්,ජිවිතේ අවුල් නොවී,කාලකන්නියෙක්ගෙ තත්වයට නොවැටී ඉන්න පුළුවන් වේවි.තවදුරටත් හිත ශක්තිමත් කර ගන්නෙකු,ඉවසීම ප්රගුණ කරන්නෙකු වේවි.
දිනෙක ඔබට ඒ ඇසුර පෙර මෙන් ලැබුනොත්,ජීවිතය අවුල් නොකරගෙන ඔබ ජීවිතය ජයග්රහණය කරා මෙහයුවොත් දැනේවි ඔබට කාලකන්නියෙක්,ජීවිතය අවුල් කර ගත්තෙක් උනා නම් ඔබට බොහෝ දේ අහිමි වන්නට තිබූ බව.ජිවිතයේ බාධක,දුක්,වෙන්වීම් හමුවේ නැගී සිටින්නට,විදදරා ගන්නට ඔබට ශක්තියක් නොතිබුනානම්,කී දෙනෙක් නම් ඔබේ අසාර්ථකත්වය,අවුල්සහගත බව හමුවේ ඔබට ගරහනු ඇත්ද,පිළිකුල් කරනු ඇත්ද,පිස්සෙක් මෝඩයෙක් ලෙස සලකනු ඇත්ද...
නෑ එහෙම වෙන්න දෙන්න එපා.මොහොතකට හිතන්න ඔබ කොච්චර නම් වටිනා පුද්ගලයෙක්ද,ඔබට මොන තරම් දක්ෂතා තියෙනවද.ගන්න කොලයක්,පෑනක් ලියන්න ඔබට තියන දක්ෂතා හැම එකක්ම,බලන්න ලියපුවා නැවත මුල ඉදන්ම කියවලා.ඔබ මොන තරම් දක්ෂයෙක්ද.මේ ලෝකෙ කවුරුත්ම නෑ නිකමෝ කියන්න පුළුවන්.හැමෝම ගොඩක් වටිනා පුද්ගලයෝ.ඒ වටිනාකම කිසිම වෙලාවක නැති කරගන්න,අහිමි කරගන්න නම් උත්සහ කරන්න එපා.එහෙම වෙන්න දෙන්නත් එපා.
ජිවිතේ හැම දුකකදිම,පරාජයකදිම,හිත් රිදීමකදිම තව තවත් ශක්තිමත් වෙන්න.ඒ ශක්තිමත් වීම ඔබව සාර්ථකත්වය කරා මෙහෙයවනු නියතය.
හැමෝටම බාධක,කම්කටොලු හමුවේ නැගී සිටින්නට ශක්තිය ලැබේවා. ජයම වේවා!!!
0 ප්රතිචාර:
Post a Comment