මගේ අතීතාවර්ජනය 2012

by December 31, 2012 22 ප්‍රතිචාර
අහ්  කොහොමද ඉතින් යාලුවනේ...

2012 ත් ඔන්න ඉවර වෙන්නයි යන්නේ.අද ඉතින් උදේම මමත් ගේ  දොර අස්පස් කරලා දැම්මා.ඒ වැඩ ටිකත් අහවර කරලා.මගේ මේසෙනුත් 2012 න් පස්සෙ වැඩක් වෙන් නැති දේවල් අයින් කරද්දී මෙසේ කොනක හිටපු සදාදරණිය මිතුරෙක්ව ඇස ගැටුන.

අනේ...එයත් අදින් පස්සෙ වෙනද වගේ මගේ ලගින්ම ඉන්නේ නෑ.එයා වෙනුවට ඒ තැන ගන්න වෙන කෙනෙක් දැනටමත් මග බලාගෙන ඉන්නවා.මගේ සදාදරණිය දින පොත,මාත් එක්ක ජිවිතේ වින්ද,විදවපු මගේ ලගම සගයා.හැම දවසක්ම අවසානයේ මම ලෙන්ගතු උනේ එයත් එක්ක.ඔන්න අදින් පස්සෙ එයා මගෙන් ඇතට යන්නයි සුදානම.


නිරායාසයෙන්ම දින පොතේ පිටු එකිනෙකට පෙරලෙන්න ගත්තා.මටත් නොදැනිම අතීතය සිහිපත් කළා.



2012 ජනවාරි පළමු දින - අවුරුද්දේ පළමු දිනය ආරම්භ උනේ.මම දහම් ගුරුවරයෙක් ලෙස සේවය කරපු දහම් පාසලේ වැඩ කටයුතුත් එක්ක.2011 9 ශ්‍රේණියේ ඉගැන්වීම් කරපු මට මෙවර බර උනේ 10 ශ්‍රේණිය.කලින් 9 ශ්‍රේණියේ හිටපු ශිෂ්‍ය,ශිෂ්‍යාවන් මයි.ඒ විදියට එදා දවස ගෙවිල ගියා අලුත් බලාපොරොත්තු වැඩ කටයුතු ගොඩක් එක්ක.A/L දෙවෙනිවරට පෙනීසිටින නිසා ඒ වෙනුවෙන් උපකාරක පන්ති යාමත් වෙනද වගේම කෙරුණා.


පෙබරවාරි 7 වෙනිදා - අපිට පන්සලේ හීල් දානය තිබුණා.ඒ වැඩ කටයුතුත් සිතැගි පරිදි කර ගැනීමට හැකි උනා.


පෙබරවාරි 13 වෙනිදා - අපේ කිරි අම්මට අසනීප නිසා එයාට බාරව තිබුන දවල් දානයත් රැගෙන අම්මයි මායි පන්සල් ගියා.ඒ පින්කමත් ඉතාමත් හොදින් කර ගැනීමට හැකි උනා.


පෙබරවාරි 21 වෙනිදා - කුරුණෑගල dialog එකට ගිහින් අදටත් මම පාවිච්චි කරන E173 ඩොන්ගල් රාජයා මිලදී ගත්තා.එත් එක්ක 3 gb Post Paid Unlimited ඩේටා පැකේජ් එකත් active කර ගත්තා.දැන් ඉතින් කරදරයක් නැතුව ජංජාලයේ සැරිසරන්න පුළුවන් කියල මම බොහොම සතුටු උනා.ඔය ඔක්කොටොම වියදම් කලේ මම පොඩි පොඩි දේවල් කරලා උපයපු මගේ මුදල්.සත පක්වත් අම්මගෙනුයි තාත්තාගෙනුයි ඉල්ලුවෙ නෑ.ඉල්ලුවත් ඔය වගේ දෙයකටනම් ලැබෙන එකක් නැ.



පෙබරවාරි 27 වෙනිදා - ටික කලෙක ඉදන් බ්ලොග් කියව කියව,ජංජාලයේ සෙවුම් දදා ඉගෙන ගත්තු e money වැඩ වලට මුල් පියවර තිබ්බා.


මාර්තු 10 වෙනිදා - මෙතෙක් විනෝදාංශයක් විදියට සහ අත්දැකීම් ලබන්න,යමක් ඉගෙන ගන්න photography,videography කලත් කවමදාවත් Professional මට්ටමෙන් යමක් කරලා තිබුනේ නෑ.ජිවිතේ පළමු වතාවට මහේෂ්ගේ ලොකු අයියගේ සහ ඔහුගේ අතිනත ගත් අක්කගේ Home Coming එක Videography කළා.වැඩේ නියමෙටම කරගන්න හැකි උනා.ජිවිතේ ලබපු ලොකු අත්දැකීමක් වගේම,විශේෂ අවස්ථාවක් විදියටත් මට ලොකු සතුටක් ගෙනාවා.


අප්‍රේල් 17 වෙනිදා - ජිවිතේ කවමදාවත් නොකරන්නට සිතා ගත් වැඩක් කළා.කරන්නට සිද්ද උනා.මම,අම්ම,නංගි ලොකු අම්මගේ ගෙදර ගියපු වෙලේ එහෙ තිබුන පටියේදී ලොකු අම්මගේ බල කිරීමට ජිවිතේ පළමු වතාවට බියර් විදුරුවක රස බැලුවා.තූ....නොදකින් මොකට බොනවද මන්දා මෙව්වා.ආයිත් නම් සක්කරයා ඇවිත් කිව්වත් බොන්න කියල.බොන්නේ නම් නෑ කියලම සිතා ගත්තා.අම්මයි,නංගි මාව හොදටම බයිට් කළා ගෙදරට එන ගමනුත් මෙන්න මෙයාට දැන් වෙරි කොයි වෙලේ ඇදගෙන වැටෙයිද දන්නෙ නෑ කියල.පිස්සු....


ජුනි 4 වෙනිදා - දන්සල් වදින්න ගියා.දහම් පාසලේ නාට්‍ය,භක්ති ගීත සංදර්ශනයක් තිබ්බා ඒ වැඩ වල නිරත උනා.දහම් පාසල් ගුරු පදවියට තාවකාලික සමුදීමකට තීරණය කළා.


ජුනි 16 වෙනිදා - මගේ අත්තා,මගේ අම්මගේ තාත්තා මියැදිලා අවුරුදු 4 ක් ගතවීම නිමිත්තෙන් අත්තට පින් අනුමෝදන් කරලා පවුලේ හැමෝම එකතු වෙලා දානමය කටයුත්තක නිරත් උනා.ඒ වගේම අද මගේ හද ගැස්මට  අවුරුද්දක් සපිරෙන දිනය.එදා දවසත් හිතට නැගුනු ලොකු සැනසීමක්,සතුටක් එක්ක ගෙවුනා.


ජුලි 07 වෙනිදා - මහේෂ්,ජානක මම අපේ අම්ම,නංගි එක්ක අලුතින් හදපු පොල්ගහවෙල මහමෙවුනා අසපුවේ ශ්‍රී සම්බුද්ධ රාජ මාලිගය වැදපුදා ගැනීමට ගියා.ෆොටෝස් මෙතනින් බලන්න.(ෆොටෝස් බලන්න හැකියාව ඇත්තේ මගේ ෆේස්බුක් ගිණුමෙහි ෆ්‍රෙන්ඩ් ලයිස්තුවේ සිටින අයට පමණි)




අගෝස්තු 10 වෙනිදා - අද තාත්තගේ හොදම යාළුවගේ ගෙදර ගියා.කොට්ටාවේ..පහුවදා එහෙ දානමය පින්කමක් සිදු කරන්න තිබුන නිසා ඒ වැඩවලට උදවු කළා.


A/L විභාග කටයුතු ආරම්භ උනත් විභාගයට පෙනී සිටි පළමු වර විභාග ප්‍රථිපල තරම්වත් ප්‍රථිපලයක් ලබා ගත හැකිවේ යැයි  නොසිතුන බැවින් විභාගයට පෙනී නොසිටියා.


අගෝස්තු 12 වෙනිදා - ජිවිතේ පළමු වරට ලේ දන් දුන්නා.ඒ  ගැනත් හිතට ලොකු සතුටක් දැනුනා.


අගෝස්තු 16 වෙනිදා - ජිවිතේ පළමු වරට කෙල්ලෙක් ගැන ඇත්තටම ආකර්ෂණයට එහා ගිය හැගීමක් දැනුණා.

 

(කවුද කින්ද මන්ද කියන්නට නොයමි.අපේ ගෙදර අය ඇතුළුව ලගම මිතුරන් ඇය කවුද යන්න දනී.මේක කියවන ඔයත් මගේ හද ගැස්මත් එක්ක මුල් කාලයේ ඉදන් රැදී ඉන්න කෙනෙක් නම් තවමත් මම ඔයාට ආදරෙයි කියන පොස්ට් එකත් කියවල ඇති.එක කියවපු කෙනෙක්ට නම් හිතෙන්න පුළුවන් මේ යකා මේ ඇත්තටම ආදරය කරපු  පළමු වතාව කියන්නේ එතකොට කලින් ලියපු පොස්ට් එකේ තියෙන්නේ බොරුද කියල.නෑ ඒ වෙද්දි හිතට දැනුන දේ එක්කයි ඒ පොස්ට් එක ලියවුනේ.කාලයත් එක්ක අපේ හිත වෙනස් වෙනවා වගේම අපිට නොතේරෙන බොහෝදේත් කාලයත් එක්ක තේරුම් යනවා.කලින් පොස්ට් එකේ කියපු දේත් කාලයත් එක්ක මට වැටහුනා අර කියන ආකර්ෂණය සහ ඇති ඇල්ම මත පමණක් පදනම් උන එකක් බව.) 


අගෝස්තු 22 වෙනිදා - හිතට දැනුනු හැම දෙයක්ම එයාට කිව්වා.(මේ පොස්ට් එක දකින මගේ සමිපතම්යන්ගෙන් මොනවගේ ප්‍රතිචාර ලැබෙයිද මන්දා.වෙන දෙයක් වෙච්චාවේ මම කැමති දේ කැමති තැනක ලියනවා,කියනවා.ඇත්ත කියන්නයි බිම ඉද ගන්නයි මොකට බය වෙනවද)




අගෝස්තු 26 වෙනිදා - අද මගේ උපන් දිනය.අපේ ගෙදර අය සහ තාත්තගේ හොදම මිතුරා ඇතුළු ඒ පවුලේ අයත්,මගේ මිතුරන්,නෑදෑයන් සමීපතමයන්ගේ සහභාගිත්වයෙන් පොඩි පාටියක් ගෙදර තිබුණා.උපන් දිනයක් වෙනුවෙන් එතරම් ලොකු සැමරීමක් කරපු පළමු වතාව.ෆොටෝස් මෙතනින් බලන්න.(ෆොටෝස් බලන්න හැකියාව ඇත්තේ මගේ ෆේස්බුක් ගිණුමෙහි ෆ්‍රෙන්ඩ් ලයිස්තුවේ සිටින අයට පමණි)


අගෝස්තු 29 වෙනිදා - තාත්තගේ හොදම මිතුරාගේ (බන්දු අන්කල්)පවුලේ අයත්,චාමර අන්කල් ගේ පවුලේ අයත් එක්ක ගම්පොල චතුරිකා නංගිලා ගෙදර ගියා.ඒ යන අතර මගදී දළදා හාමුදුරුවන්වත් වැදපුද ගත්තා.

ෆොටෝස් බලන්න.(ෆොටෝස් බලන්න හැකියාව ඇත්තේ මගේ ෆේස්බුක් ගිණුමෙහි ෆ්‍රෙන්ඩ් ලයිස්තුවේ සිටින අයට පමණි)





අගෝස්තු 30 වෙනිදා - නැවත එන ගමන් නුවරඑළිය ප්‍රදේශයේ ලස්සන,බලන්න ආස කරපු හැම තැනකම බලා ගත්තා.එදා රෑ බන්දු අන්කල් ගේ ගෙදර ගියා..ෆොටෝස් මෙතනින් බලන්න.(ෆොටෝස් බලන්න හැකියාව ඇත්තේ මගේ ෆේස්බුක් ගිණුමෙහි ෆ්‍රෙන්ඩ් ලයිස්තුවේ සිටින අයට පමණි)



අගෝස්තු 31 වෙනිදා - වැලිගම සියාලගේ සහ අනිත් නෑදෑ ගෙවල් වල යාමට මරදානෙන් පිටත් උනා.අපේ ගෙදර අය කලින් දිනයේ එහෙ ගිහින් හිටපු නිසා මට තනියමයි යන්න උනේ.


සැප්තැම්බර් 1,2 වෙනිදා - ගොඩක් විනෝද උනා.ගොඩක් නෑදෑ ගෙවල් වල ගියා.පැය ගණන් මුහුදේ නෑවා සෙල්ලම් කළා.ෆොටෝස් මෙතනින් බලන්න.(ෆොටෝස් බලන්න හැකියාව ඇත්තේ මගේ ෆේස්බුක් ගිණුමෙහි ෆ්‍රෙන්ඩ් ලයිස්තුවේ සිටින අයට පමණි)


සැප්තැම්බර් 3 වෙනිදා - දිගු චාරිකාවකට පසු ගෙදර ආවා.


ඔක්තෝම්බර් 9 වෙනිදා - අද තාත්තගේ උපන් දිනය ඒ වෙනුවෙන් සුභ පතලා බ්ලොග් පොස්ට් එකක් දැම්මා.තාත්තා ගැන මට දැනුන,හිතුන හැමදේම එකේ ලිව්වා.


ඔක්තෝම්බර් 14 වෙනිදා - දින සති මාස ගෙවිලා.ඇයගෙන් හරි පිළිතුරක් නොලැබ වද උණු හිත නලියා ඉස්සරහ කදුළු උනා.මුලදි අපේ ගෙදර අයගේ කැමැත්ත තිබුනත් කල් යද්දි ඒ දේ වෙනස් උනා.ඇයගේ පවුලේ අයගේ ඉහලම කැමැත්ත ලැබුනත්,ඇය මට නොගැලපෙන බව අපේ පවුලේ අය ඇතුළු මේ ගැන දන්න  බහුතරයක් නෑදෑයන්ගේ අදහස උනා.මගේ ලෝකයේ ඕනෑම දෙයක් කියන්න පුළුවන්,උපදෙස් ගන්න පුළුවන්,මගේ මිතුරියක් වන් වූ මගේ ආදරණිය මෑණියන් මට මේ වෙලාවෙත් උදවු කළා උපදෙස් දුන්නා.

මගේම සොහොයුරියක් වන් දිල් නංගිත්,මගේම සොහොයුරෙක් වන් ක්‍රිෂ් මල්ලිත්,නලියාත්,ජානකත්,මගේ හොදම මිතුරිය සමිලා ත් මේ හැම දේකදිම දුක සැප හැම දෙයක්ම බෙදා ගන්න ලගින්ම හිටියා.

ඒ වගේම පාසැල් අවදියේ ඉදන් හොදම මිතුරෙකු වූ ආශානුත්,අනුෂ්කත් මා ගැන සොයා බලමින් උපදෙස්,උදවු දෙමින් කටයුතු කළා.

 

අකමැත්තෙන් උනත් ඒ මිරිගුවක් වන් ආදරය පස්සේ  දුවන එක නවත්තන්න මම තීරණය කළා...





නොවැම්බර් 24 වෙනිදා - මගේ මිතුරෙක් වූ තිලිනගේත්  හංසනී අක්කගේත් කිරි අම්මගේ දානමය කටයුත්තට සහභාගී උනා.පරණ යාලුවෝ ගොඩක් හම්බුනා එහෙදි.හරිම සතුටු දවසක්...


නොවැම්බර් 30 වෙනිදා - සුදු පුංචිගේ ගෙදර පවත් උනු බහිරව පිදෙනියේ කටයුතු වලට උදවු කළා.


දෙසැම්බර් 1 වෙනිදා - බහිරව පිදේනිය අවසන් උනා.එහෙ මෙහෙ දුවලා,වැඩ කරලා හරිම මහන්සියි.

(ඒ ගැන වෙනම පොස්ටුවක් එක්ක ෆොටෝස් ලගදීම දවසක දාන්නම්කෝ)


දෙසැම්බර් 2 වෙනිදා - අද අම්මගේ උපන් දිනය.මගේ මුළු ලෝකයම,මගේ ජවය,ශක්තිය හැම දේකම මග පෙන්වන්නිය,වෙරදරන්නිය,පන පොවන්නිය ඇයයි.අම්මට ගොඩක් ආදරයෙන් සුභ පැතුවා.


දෙසැම්බර් 9 වෙනිදා - මගේ ආදරණිය නංගිගේ උපන් දිනය....ගොඩක් ආදරයෙන්  නංගිටත් සුභම සුභ අනාගතයකට ආසිරි පැතුවා.


දෙසැම්බර් 20 වෙනිදා - ලොකු මාමගේ දුවගේ, ඉබ්බිගේ(පුංචිම දවස් වල විහිලුවට ආදරේට කියපු නම )මලීෂා නංගිගේ පෙර පාසලේ විවිධ ප්‍රසංගය බලන්නත් Videography කරන්නත් ගියා.ෆොටෝස් මෙතනින් බලන්න.(ෆොටෝස් බලන්න හැකියාව ඇත්තේ මගේ ෆේස්බුක් ගිණුමෙහි ෆ්‍රෙන්ඩ් ලයිස්තුවේ සිටින අයට පමණි)


දෙසැම්බර් 30 වෙනිදා - හවස නලියාගේ ගෙදර ගියා.නත්තල් සාදයට සහභාගී උනා.හරිම සතුටුයි.අලුත් යාලුවෝ කිහිප දෙනෙකුත් අදුර ගන්න ලැබුණා. ෆොටෝස් මෙතනින් බලන්න.(ෆොටෝස් බලන්න හැකියාව ඇත්තේ මගේ ෆේස්බුක් ගිණුමෙහි ෆ්‍රෙන්ඩ් ලයිස්තුවේ සිටින අයට පමණි)


දෙසැම්බර් 31 වෙනිදා - 


අහ් අද...............කියන්න බොහෝ දේ තියෙනවා මෙතෙක්,මේ වසර තුල මට උදවු කරපු හැමෝටම ගොඩක් ස්තුතියි !!!

මගෙත් එක්ක දුක සැප බෙදා ගත්තු,හැම දේකදිම උදවු කරපු,බ්ලොග් අවකාශය තුල මට උදවු කරපු හැම කෙනෙක්ටම බොහොමත්ම ස්තුතියි !!!
බ්ලොගය වෙනුවෙන් මගේ උපරිම දායකත්වය දෙන්න බැරි උනත් යමක් කරන්න හැකි උනා කියල මට හිතෙනවා.ඉදිරි වර්ෂය මේ වසරටත් වඩා මට කාර්ය බහුල වර්ෂයක් වේවි.ඉඩ ලැබෙන මොහොතක බ්ලොග් ලෝකයටත් ගොඩ වෙන්නම්..... 

 

ලබන්නාවූ 2013 වර්ෂයෙත් උදවු අවැසි හැම කෙනෙක්ටම හැකි අයුරින් උදවු කරනවාමයි....


හැමෝටම ලබන්නාවූ 2013 වසර සිතැගි පැතුම් ඉටු වන සුභම සුභ වසරක් වේවා !!!

ඉදිරියටත් මගේ හද ගැස්මත් එක්ක රැදේවි යැයි මම බලාපොරොත්තු වෙනවා....

හැමෝටම ජයම වේවා !!!!








22 comments:

  1. අදමද මන්දා ආවේ,,කෝම හරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අය්යණ්ඩියා!!

    ReplyDelete
  2. එල! මේ උඹ නලියාගේ ගෙදර ආවා කියන්නේ අපේ ගෙදර ළඟටම ඇවිත්නේ!

    ReplyDelete
  3. මචෝ දින පොත නම් කියෙව්වේ නෑ. නලියා කියද්දි මාත් ගැස්සුනා. ඒ වෙන එකෙක්. ඒවා හරි.
    උදාවන දිනක් පාසා ඔබ පතනා දේ ඉටුවන වසරක් වේවා.

    ReplyDelete
  4. වසන්තයේ පැතුම් මල් පුදින සුබ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  5. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!

    ReplyDelete
  6. අදමයි ආවේ.....ආදරේ ලැබේවී නිසැකවම අවශ්‍ය වෙලාවට....
    බලාපොරොත්තුවෙන් ජීවත් වෙන්න...
    බලාපොරොත්තු මිනිසා ජීවත් කරයි....

    ReplyDelete
  7. නැ නැ....කලින් ඇවිත් තියෙනවනේ....
    මට මතකයි...
    බොහොම ස්තුතියි නංගියෝ....
    ඔයාටත් සුභ නව වසරක් වේවා !!!

    ReplyDelete
  8. ජයම වේවා !!!
    තැගගක් නොදී බැනේ එහෙනම්....
    හිතාගන්න බැ මොනවා දෙන්නද කියල...ඔයාම කියන්න බලන්න.. :D

    ReplyDelete
  9. අප්පට බොල...
    කලින් දන්නවනම් එහෙටත් ගොඩවෙලා යන්න තිබුනා...
    ආයිත් ආපු දවසක එන්නම්....

    ReplyDelete
  10. බොහොම ස්තුතියි....
    ඔයාටත් හද රැදී සියලු පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා !!!! මචෝ

    ReplyDelete
  11. බොහොම ස්තුතියි සචිත්...
    ඔබටත් එසේම වේවා !!!

    ReplyDelete
  12. බොහොම ස්තුතියි මධු ...
    ඔයාටත් එසේම වේවා !!!

    ReplyDelete
  13. බොහොම ස්තුතියි මේ පැත්තට ආවට....
    ඔව් එව්වා ඉතින් ලැබෙන කාලෙක ලැබෙයිනේ....

    බොහොම ස්තුතියි ප්‍රතිචාරයට...
    සුභ නව වසරක් වේවා !!!

    ReplyDelete
  14. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  15. සුබ අළුත් අවුරුද්දක් ඈ....

    ReplyDelete
  16. බොහොම ස්තුතියි එසේම වේවා !!!

    ReplyDelete
  17. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට...

    ReplyDelete
  18. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට...

    ReplyDelete