මම ගිලින්නෙ නෑ එක බත් ගුලියක්....

by December 19, 2012 38 ප්‍රතිචාර
ජිවිතේ හරිම පුදුමාකාරයි..වෙනස් වෙන්නේ අපිටත් නොදනී.ජිවිතේ තප්පරයෙන් තප්පරය අපි ලබන අත්දැකීම් එක්ක වෙනස් වෙනවා


වෙලාවකට මට මෙහෙම හිතෙනවා.හැමදාම අපිට පුංචි කාලෙටම වෙලා ඉන්න තිබුනනම් කොච්චර හොදද කියල.



පුංචි කාලේ අපි හැමෝම ආස කලේ ඉක්මනට ලොකු වෙලා,ලොකු මිනිස්සු වෙලා ලොකු වැඩ කරන්න.අපේ අම්ම,තාත්තා,ආච්චි,සියා උනත් කිව්වෙ "මයෙ පුතා හබුන් ඔක්කොම කන්න ඕනේ,එතකොටනෙ ඉක්මනට ලොකු වෙලා ලොකු මහත්තයෙක් වෙන්න පුළුවන්" කියල.පුංචි දවස් වල අපි හැමෝගෙම හිත් වල තිබුනෙ අපේ අම්ම තාත්තා වගේ ලොකු දේවල් කරන්න.තාත්තගේ ලොකු සපත්තු දෙක දාගෙන,ලොකු කමිසයක් ඇදගෙන,ටයි පටියකුත් දාගෙන බැරි බැරි ගාතෙ වැටි වැටී අපිත් වැඩට යන්න ලෑස්ති උනා. අම්මගෙ සාරිය වගේ ඇදගෙන,උස අඩි සෙරප්පු දෙකකුත් දා ගෙන,මාල වළලු,ලිප්ස් ටික එහෙමත් ගාගෙන ලස්සන වෙලා ලොකු ගෑනියක් වගේ වැඩ කරන්න.දරුවෝ බලාගන්න,නලවන්න අපි ගොඩක් ආස කළා.

අනේ එදා අපි දැනගෙන හිටියනම්,වැඩිහිටියන්ගේ ලෝකේ ගොඩක් සුන්දරයි කියන දේවල් පුංචි අපේ ලෝකෙ තිබුන සුන්දරත්වයෙන් ගොඩක් ඈතට ගිහින් කර්කෂ,දුෂ්කර,සංකීර්ණ තත්වයකට පත් වෙලා කියලා.අර අම්ම,අප්පච්චි කවන්න හදපු,ඉක්මනට ලොකු මහත් කරන්න හදපු එකම එක බත් ගුලියක්වත් ආසාවෙන් උගුරෙන් පල්ලෙහාට යන එකක් නෑ....

38 comments:

  1. මට ඩෙනිස් මතක් උනා.. හි හි.. ඉක්මණට ලොකු වෙන්න කියලා ඌකරන වැඩ.... හි හි

    ReplyDelete
  2. ඇත්ත කතාව.. ලොකු වෙන්න පුළුවන් තරම් ට්‍රයි කරලා උනාට පස්සේ හිතෙනවා මොකට ට්‍රයි කලද කියලා.. :)

    ReplyDelete
  3. පොඩි කාලේ නම් වගකීම් අඩු නිසා මරු අප්පා..

    ReplyDelete
  4. අනේ! ඇත්තටම ආයේ පොඩි එකෙක් වෙන්න තිබ්බනම!

    ReplyDelete
  5. අනේ මටත් ලොකු වෙන්‍න ඔනෙ.........

    ReplyDelete
  6. හ්ම්..දුකයි..ආයේ යන්න පුලුවන්නම් ඒ කාලේට..මමත් කන්නේ නෑ එක බත් කටක්වත්...

    ReplyDelete
  7. මමත් එක බත් කටක් වත් කන්නේ නෑ.. චූටි කාලේ කොච්චර ලස්සනද??

    ReplyDelete
  8. ලොකු අය ආසයි චූටි ළමයි වෙන්න... චූටි ළමයි ආසයි ලොකු වෙන්න... :)))

    ReplyDelete
  9. දැන් ඉතිං ලොකු වෙච්ච එකේ ඒ විදිහටම ඉන්න වෙනව. පොඩි කාලෙට හූල්ලල වැඩක් නෑ. ආයෙත් එන්නෙ නැහැනෙ.

    ReplyDelete
  10. ඇයි පොඩි අය...පොඩිකාලෙ හිතෙනව ඉක්මනට ලොකුවෙනව නම් කියල,ලොකු උනාම කරන වැඩ දැක්කම හිතෙනව පොඩියටම හිටියනම් හොඳයි කියල

    ReplyDelete
  11. පට්ට ආසයි අප්පා එ නිදහස් කාලෙට ආයෙත් යන්න තිබ්බානම්

    ReplyDelete
  12. දැන් යවන්න කෙනෙක් ඉන්නවනම් දැන් මේ දැන් යන්න ලැහැස්තියි බොලව්
    කෝරලේ වලව්ව

    ReplyDelete
  13. හ්ම්.. ඒක නිසා වෙන්න ඕනේ අපි කුඩා අවදියට මෙතරම් ඇලුම් කරන්නේ.. මං දැනුත් මේක කියවන ගමන් පුංචි කාලෙට ගියා..

    ReplyDelete
  14. ඔව් නෙ...ඩෙනිස් මරු වැඩ කරන්නෙ...

    ReplyDelete
  15. ඔව් අප්පා...ප්‍රතිචාරයට ස්තුතියි !!!

    ReplyDelete
  16. එකනේ සැමා අයියේ...ප්‍රතිචාරයට ස්තුතියි !!!

    ReplyDelete
  17. ඔව් නාඩියා මටත් නිතරම එහෙම හිතෙනවා...ප්‍රතිචාරයට ස්තුතියි !!!

    ReplyDelete
  18. පිස්සු කතා කරන්න එපා ඔහොම හිටපන්...ප්‍රතිචාරයට ස්තුතියි !!!

    ReplyDelete
  19. ඒකනේ...ප්‍රතිචාරයට ස්තුතියි !!! මචෝ...

    ReplyDelete
  20. ඒකනේ...මම බොලු කියන්නෙම නෑ... :D
    ප්‍රතිචාරයට ස්තුතියි ශම්මි.. !!!

    ReplyDelete
  21. අහපවූ යන්න බැනේ ඉතින් එක නිසා කාල බීලා ඉන්න..:D
    ප්‍රතිචාරයට ස්තුතියි !!!

    ReplyDelete
  22. අනේ අම්මේ බඩගින්නේ මැරෙන්නද හදන්නේ...
    උබ මැරුනොත් මට වගකියන්න වෙයි...
    කාල බිලා ජොලියේ හිටහන්...

    ප්‍රතිචාරයට ස්තුතියි !!! සහෝ...

    ReplyDelete
  23. ඒක තමයි ඇත්ත....
    ප්‍රතිචාරයට ස්තුතියි !!! අනු...

    ReplyDelete
  24. ඔව් ඉතින් මොනවා කරන්නද...
    ප්‍රතිචාරයට ස්තුතියි !!!

    ReplyDelete
  25. ප්‍රතිචාරයට ස්තුතියි !!! Gayani...

    ReplyDelete
  26. ඔව්...සහතික ඇත්ත....
    ප්‍රතිචාරයට ස්තුතියි !!!

    ReplyDelete
  27. You are Welcome!!!
    Thank you so much...

    ReplyDelete
  28. Thanks for your comment and you are welcome....
    Come again...

    ReplyDelete
  29. ගොඩක්...ආසයි අහපව් ඒ කාලයට යන්න තියෙනවානම්...
    ප්‍රතිචාරයට ස්තුතියි !!! සහෝ...

    ReplyDelete
  30. මමත් එහෙම තමයි...කෝ බැනේ කාටවත් අපිවව් අහපවූ ඒ කාලයට සැබවින්ම ගෙනියන්න....
    ප්‍රතිචාරයට ස්තුතියි !!! කෝරලේ මහත්තයෝ..

    ReplyDelete
  31. සැබවින්ම කුඩා අවදියට අපි හැමෝම ආදරෙයි....
    ප්‍රතිචාරයට ස්තුතියි !!! සහෝ...

    ReplyDelete
  32. ඇත්ත ඉස්කෝලේ යන කාලේ තරම්, පොඩි කාලේ තරම් හොඳ කාලයක් වෙන නැහැ කියලා දැනගත්තා නම් ඒ කාලේ මීටත් වඩා හොඳින් ඉන්න තිබුණා. නේරුතුමාත් වරක් කියලා තියෙනවාලු මගේ ළමා කාලය මට ආපහු දෙනවා නම් මම ඕනෑම දෙයක් දෙන්න කැමතියි කියලා

    ReplyDelete
  33. මචන් උඹයි මායි නේද අද ගෙට් එකේ සැට් උනේ ඇහ්?

    ReplyDelete